වත්මන් අයවැය යෝජනා සම්බන්ධයෙන් පැන නැඟී ඇති විවිධ අදහස් සහ වත්මන් තත්ත්වය පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහා 'අලුත් පියාපත්' සංවිධානය (25) කොළඹ දී විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වීය.
එහිදී අදහස් දැක්වූ අලුත් පියාපත් මෙහෙයුම් කමිටු සාමාජික සචිත් රුක්ෂාන් මහතා ප්‍රකාශ කළේ, යහපත් දේශපාලන සංස්කෘතියක් අගයන තාරුණ්‍යයක් ලෙස තමන් දකින්නේ අයවැය යනු රාජ්‍ය සේවකයන් පමණක් මුල් කරගනිමින් ඉදිරිපත් කරන ලද්දක් නොව, රට සහ සමස්ත ජනතාව මූලික කරගනිමින් ඉදිරිපත් කරන ලද ආර්ථික හැරවුම් ලක්ෂ්‍යයක් බවයි. එහි සැබෑ සහන හිමි විය යුත්තේ රටේ සමස්ත ජනතාවට බවත්, අයවැය හරහා ඇති කිරීමට උත්සාහ කරන මෙම අර්බුදය තුළින් රාජ්‍ය සේවයේ ඇතැම් පිරිස් රට කුමන තැනකට ගෙන යාමට උත්සාහ කරන්නේද යන්න ගැටලු සහගත බවත් ඔහු පෙන්වා දුන්නේය. එසේම, අයවැයේ පවතින සාධනීය කරුණු හතක් ද ඒ මහතා විසින් මෙහිදී පැහැදිලි කරන ලදී.
අනතුරුව අදහස් දැක්වූ අලුත් පියාපත් මෙහෙයුම් කමිටු සාමාජික මහේෂ් අබේපිටිය මහතා සඳහන් කළේ, රටේ ජනතාවට කන් හැන්දෙන් බෙදා දෙමින් පාලකයන් සවලෙන් බෙදා ගත් යුගය මෙම අයවැයෙන් අවසන් කර ඇති බවයි. රට ඉදිරියට ගෙන යාමට අවශ්‍ය පරිදි මෙම අයවැය ඉදිරිපත් කර ඇති බැවින්, ඒ හමුවේ රාජ්‍ය සේවකයන් 'මස් රාත්තලම' ඉල්ලමින් 'ෂයිලොක්ගේ' හැසිරීමෙන් කටයුතු කිරීම කිසිසේත් නොගැළපෙන බව ද ඔහු අවධාරණය කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අලුත් පියාපත් මෙහෙයුම් කමිටු සාමාජික මොහොමඩ් ෂබීර් මහතා පැවසුවේ, වත්මන් රජය ඉදිරිපත් කළ අයවැය රාජ්‍ය සේවකයන් මුල් කරගත් එකක් නොව, සමස්ත ජනතාව වෙනුවෙන් සහ රටේ අනාගත අභිවෘද්ධිය උදෙසා ඉදිරිපත් කරන ලද අයවැයක් බවයි.
වෘත්තියෙන් ගුරුවරයෙකු වන සමිත් හර්ෂනාථ මහතා අදහස් දක්වමින් සඳහන් කළේ, සියලු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි මෙම අයවැය ඉදිරිපත් කර ඇති බවයි. සියලු රාජ්‍ය සේවකයන්ගේ වැටුප් අදියර තුනක් යටතේ වැඩි කරමින්, වැටුප් විෂමතාවන් අවසන් කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කරමින් සිටින මොහොතක, රාජ්‍ය සේවයේ ඇතැම් පිරිස් විපක්ෂයේ උගුලට හසු වී අයවැයට චෝදනා එල්ල කිරීම නොගැළපෙන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.
Debate Erupts Over Current Budget Proposals at Colombo Press Conference
The organization "New Pathways" hosted a significant press conference in Colombo on the 25th, aiming to clarify various opinions surrounding the current budget proposals and the prevailing situation in the country.
In his opening remarks, Sachith Rukshan, a member of the New Pathways operational committee, emphasized that a sound political culture considers the budget not merely as a tool focused on public servants, but as a pivotal economic opportunity for the nation and its populace. He highlighted that the true beneficiaries should be the entire citizenry. Rukshan raised concerns over the ongoing fiscal crisis, questioning the intentions of certain public servants and the direction they are steering the country towards, given the budget’s emphasis on broader economic recovery. He also outlined six positive aspects of the budget during his discourse.
Mahesh Abeypitiyage, another committee member, remarked that this budget marks the end of an era in which rulers divided the public into factions for their benefit. He posited that the budget had been designed to propel the nation forward, asserting that public servants demanding "outrageous" salaries while exhibiting "silo mentality" was wholly inappropriate.
Furthering the discussion, Mohamed Shabeer stated that the budget presented by the current government was not solely focused on public servants but rather aimed at the overall welfare of the entire population and the future development of the country.
Samith Harshanath, a professional educator, added his perspective by mentioning that the budget had been structured to cover all sectors. He pointed out that with salary increases for all public servants being implemented in stages, the creation of a fair salary structure was underway. During this critical time, he condemned the accusations being levied against the budget by some groups within the public service as inappropriate, especially in the face of potential bipartisan collaboration.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Seven Thundering for you all... Dorybys
ReplyDeleteHARI API RAWATUNA, DAN YANNA
ReplyDeleteමේ මොන පඟර නැට්ටෝ ටිකක්ද?
ReplyDeleteඔයවගේ දියාරු මාධ්‍ය ප්‍රකාශ කිරීමෙන් ඕක හෝදන්න බැහැ. ගමට ඇවිත් බලපන් මිනිස්සු ජීවත්වෙන්නේ මොනතරම් අමාරුවෙන්ද කියලා. ඕන දෙයක් හෝදන මුන් වගේ ඩෝබිලා දැන් යල් පැනලා. මේ ආණ්ඩුව සවලෙන් බෙදනවා නෙමේ සවලෙන් ගන්නවා.
ReplyDelete