බන්ධනාගාර තුළ පසුවන පුද්ගලයන් පහරදීම්, වධහිංසා සහ මරණයට පත්වීමේ සිදුවීම් කිසිසේත්ම හුදකලා සිදුවීම් නොවන බවත්, ඔවුන්ගේ ජීවිත සහ මානව ගරුත්වය ආරක්ෂා කිරීම රජයක විකල්ප නොවන අනිවාර්ය වගකීමක් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
තමන් අත්අඩංගුවේ පසුවූ කාලසීමාවේ අත්දැකීම් පදනම් කරගනිමින් සිය නිල 'X' ගිණුමෙහි විශේෂ සටහනක් තබමින් හිටපු මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ, සිරමැදිරි පවුරුවලින් ඔබ්බෙහි සිටින්නේ තම ආරක්ෂාව වෙනුවෙන් පත්කර ඇති රාජ්‍ය ආයතන මත මුළුමනින්ම යැපෙන මිනිසුන් බව කිසිවෙකුටත් නොසලකා හැරිය නොහැකි යථාර්ථයක් බවයි.
මීගමුව බන්ධනාගාරයේ සිදුවූ ඛේදවාචකයෙන් පමණක් පුද්ගලයන් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව සිහිපත් කරන ඒ මහතා, අධිකරණය හමුවේ ඉදිරිපත් වූ වෛද්‍ය වාර්තාවලට අනුව ඉන් 17 දෙනෙකු වෙඩි වැදීමෙන් ද, සෙසු 11 දෙනා මොට ආයුධවලින් එල්ල කළ පහරදීම් හේතුවෙන් ද මියගොස් ඇති බව අනාවරණය වී ඇතැයි පෙන්වා දෙයි. එම සිදුවීමෙන් මාස හතරකට ආසන්න කාලයක් ගතවී ඇතත්, වෝහාරික වෛද්‍ය වාර්තා මෙතෙක් ලැබී නොමැති බවත්, වින්දිතයන්ගේ ඥාතීන් තවමත් යුක්තිය අපේක්ෂාවෙන් පසුවන පසුබිමක වගවීම මෙතෙක් විසඳී නොමැති බවත් ඔහු සඳහන් කරයි.
මෑතකදී හෝමාගම පොලිස් අත්අඩංගුවේ පසුවෙද්දී මියගිය 29 හැවිරිදි ඉෂාර හර්ෂකුමාර සහ කුරුණෑගල, කොබෙයිගනේ පොලිස් භාරයේදී මියගිය 41 හැවිරිදි පුද්ගලයාගේ මරණ මගින් ද රාජ්‍ය භාරයේ පසුවන්නන්ට සලකන ආකාරය සහ ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳව බරපතළ ප්‍රශ්නාර්ථයක් මතු කර ඇති බව නාමල් රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.
මෙම සිදුවීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ද දැඩි කනස්සල්ල පළ කරමින් ස්වාධීන විමර්ශන ඉල්ලා ඇති බව පෙන්වා දෙන ඒ මහතා, නීතියේ ආධිපත්‍යය තෝරාගත් පුද්ගලයන්ට පමණක් අදාළ වන විට එහි අර්ථය බිඳවැටෙන බව පවසයි. පුද්ගලයා කවුරුන් වුව ද, දේශපාලන අවශ්‍යතාවලට ඉහළින් යුක්තිය සාධාරණව හා අපක්ෂපාතීව ක්‍රියාත්මක විය යුතු අතර මූලික අයිතිවාසිකම් සුරැකිය යුතු බව ඔහු අවධාරණය කරයි.
"පුද්ගලයෙකුගේ නිදහස සීමා කළ හැකි වුවද, ඔවුන්ගේ ජීවත් වීමේ අයිතිය, ගරුත්වය සහ ආරක්ෂාව උදුරා ගත නොහැකියි. සිරමැදිරි තුළ සිටින අය ආරක්ෂා කරන්නේ කවුද? ඔවුන් සමඟම සත්‍යය ද වැළලී යා නොදී රැකගන්නේ කවුද? යන්න අද පවතින සරල ප්රශ්නයයි. රාජ්‍ය භාරයේ සිටින සෑම ජීවිතයක්ම ආරක්ෂා කිරීම රජයේ අත්හළ නොහැකි යුතුකමක්" යනුවෙන් නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් සිය සටහන මගින් පෙන්වා දී තිබේ.
Concerns Raised Over Safety of Individuals in Custody Following Recent Tragedies
Recent incidents highlighting violence and fatalities among detainees have sparked serious concerns regarding the protection of human life and dignity within Sri Lankan prisons. Namal Rajapaksa, a former parliamentarian and current national organizer of the Sri Lanka Podujana Peramuna, emphasized that these events are not isolated occurrences, underscoring a governmental obligation to ensure safety and protection for all individuals in custody.
Drawing from his own experiences during detention, Rajapaksa shared insights through a notable post on his official 'X' account. He pointed out a stark reality: individuals in prisons are not merely statistics, but are primarily dependent on State institutions for their security, a fact that must not be overlooked.
Rajapaksa reminded the public of the tragic events at the Meegamuwa Prison, where 28 individuals lost their lives. According to medical reports presented in court, 17 died from gunfire, while another 11 were victims of assaults with blunt weapons. Although nearly four months have passed since this incident, the lack of autopsy reports raises serious questions, with families of the deceased still awaiting justice.
Highlighting the recent deaths of 29-year-old Ishara Harshakumara while in the custody of the Homagama police and a 41-year-old man during his confinement in the Kurunegala, Kobeygane police, Rajapaksa pointed out the troubling implications this has for the treatment and safety of those under State care.
The Sri Lanka Human Rights Commission has expressed its deep concern over these occurrences, calling for independent investigations. Rajapaksa argued that the rule of law seems to favor only a select few, undermining its intended purpose. He stressed that justice should be impartial and conducted fairly, superseding political necessities, while safeguarding fundamental rights.
"While an individual's freedom may be restricted, their right to live, dignity, and security cannot be compromised. Today’s pressing question is, who is responsible for protecting those behind bars? Who is ensuring that the truth does not get lost in the shadows? It is an unshakeable duty of the government to safeguard every life under its charge," Rajapaksa asserted in his extensive remarks.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
