ඇමති වසන්ත ශ‍්‍රමදානයක..


 කිලිනොච්චිය, කණ්ඩාවලෙයි ප්‍රදේශයේදී පැවති "ක්ලීන් ශ්‍රී ලංකා - අත්තම" ප්‍රජා පරිසර පවිත්‍රතා වැඩසටහනට සහ පෙරපාසල් දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ බෙදාදීමේ සමාජ සත්කාරක අවස්ථාවට වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා එක්විය.

ශ්‍රී ලංකා යුද හමුදාවේ 55 වන පාබල සේනාංකයේ සක්‍රීය දායකත්වය සහ සංවිධායකත්වයෙන් යුතුව මෙම වැඩසටහන පසුගිය 31 වනදා කණ්ඩාවලෙයිහිදී පැවැත්විණි.

පරිසරය සුරැකීමේ සහ පිරිසිදුව තබා ගැනීමේ වැදගත්කම ප්‍රජාව තුළ ප්‍රචලිත කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරුණු පරිසර පවිත්‍රතා මෙහෙයුමට සමගාමීව, ප්‍රදේශයේ පෙරපාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දිරිගැන්වීම වෙනුවෙන් අවශ්‍ය පාසල් උපකරණ සහ ලිපිද්‍රව්‍ය පිරිනැමීම ද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී සිදු කෙරිණි. 





Community Clean-Up Initiative Launches in Kilinochchi

The "Clean Sri Lanka - Atthama" community environmental cleanliness program, accompanied by a donation of school supplies for preschool children, took place in the Kandawalai area of Kilinochchi. The event saw participation from Minister of Trade, Commerce, Food Security, and Cooperative Development, Wasantha Samarasinghe.

Organized with the active support of the 55th Division of the Sri Lanka Army, the program was held on the 31st of last month in Kandawalai.

This environmental initiative aims to raise awareness about the importance of preserving and maintaining a clean environment within the community. Alongside the cleanliness efforts, Minister Samarasinghe also oversaw the distribution of essential educational materials and stationery to support the educational pursuits of preschool children in the area.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

2 Comments

Previous Post Next Post