මහනුවර, පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ රඟහල සඳහා පුටු මිලදී ගැනීමේ ටෙන්ඩර් පටිපාටියේදී රජයට රුපියල් ලක්ෂ අසූවකට ආසන්න මූල්‍යමය පාඩුවක් සිදු කරමින් දූෂණය නමැති වරද සිදු කළ බවට චෝදනා කරමින්, සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු වූ ගාමිණී කිත්සිරි ඩයස් අමරවර්ධන මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද විශේෂ මාධ්‍ය නිවේදනයකට අනුව, අද එහි විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
අදාළ රඟහල සඳහා පුටු මිලදී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී නිසි ප්‍රමිතියෙන් යුතුව අවම ලංසු ඉදිරිපත් කර තිබූ පෞද්ගලික සමාගමෙන් එම පුටු මිලදී නොගෙන, වෙනත් පෞද්ගලික සමාගමකින් මිලදී ගැනීම සඳහා කටයුතු සැලැස්වීම සැකකාර හිටපු ලේකම්වරයාට එරෙහිව එල්ල වී ඇති ප්‍රධාන චෝදනාවයි.
එම ක්‍රියාව තුළින් බාහිර පාර්ශ්වයකට අයුතු සහගත වාසියක් අත්පත් කර දෙමින්, රජයේ භාණ්ඩාගාරයට රුපියල් 7,973,114.50 ක (රුපියල් හැත්තෑ නව ලක්ෂ හැත්තෑ තුන්දහස් එකසිය දහහතරයි ශත පනහක) අතිවිශාල මූල්‍ය පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව දූෂණ චෝදනා ගොනු කර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකාර හිටපු අමාත්‍යාංශ ලේකම්වරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරයි.
Former Secretary Arrested Over Corruption Allegations in Tenders for Mahinda Rajapaksa Theatre
In a significant development, Gamini Kithsiri Dias Amarawardhane, a former secretary of the Ministry of Supply and Internal Trade, has been arrested by the Commission to Investigate Allegations of Bribery or Corruption. He faces serious charges of corruption linked to a tender process for purchasing seats for the Mahinda Rajapaksa Theatre in Polgolla, resulting in a financial loss to the government of approximately Rs. 80 million.
According to a special media release issued by the Commission, the arrest took place today following an extensive operation by their investigative officers. This move underscores the agency's ongoing efforts to combat corruption at high levels of government.
The central allegation against the former secretary involves the procurement process for the theatre's seating, during which he purportedly failed to purchase from a private company that had presented the lowest bid. Instead, he conspired to acquire the seats from another private company, raising concerns over the integrity of the tender process.
This decision has reportedly caused a significant financial shortfall for the government's treasury, amounting to Rs. 7,973,114.50, indicating a severe breach of public trust in managing government funds.
Authorities have stated that the arrested former secretary is expected to be presented before the Chief Magistrate's Court in Colombo shortly, as the Commission continues its investigation into the matter.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

මේ හා සමාන චෝදනාවක් තමයි කුමාර ජයකොඩිට තියෙන්නේ.කෝ ඌව ඇප දෙන්නවත් අත්අඩංගුවට ගත්තද?
ReplyDelete