ගම්පහ මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතාව වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා විනිසුරුවන් පුහුණු කිරීමේ ආයතනය වෙත ස්ථාන මාරු කර තිබේ.
අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් ප්‍රසන්න අල්විස් මහතාගේ අත්සනින් යුතුව අදාළ ස්ථාන මාරු නියෝගය නිකුත් කර ඇත.
නිරපරාදේ අහිංසක පුරවැසියන් අධිකරණය හමුවට පමුණුවමින් නිස්කාරණයේ නඩු පැවරීමෙන් වළකින ලෙස දිවයිනේ සමස්ත පොලිස් නිලධාරීන් දැනුවත් කරමින් විධිමත් චක්‍රලේඛයක් නිකුත් කරන ලෙස ගම්පහ මහේස්ත්‍රාත්වරයා මීට පෙර අවස්ථාවකදී පොලිස්පතිවරයාට නියෝග කර තිබිණි.
එහෙත් එම නියෝගය ඉටු කිරීමට පොලිස්පතිවරයා අපොහොසත් වීම හේතුවෙන් අධිකරණයේ ගෞරවය හා ආධිපත්‍යය හෑල්ලුවට ලක්ව ඇති බව මහේස්ත්‍රාත්වරයා නිගමනය කළේය.
ඒ අනුව, පොලිස් ප්‍රධානියාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ වරද යටතේ චෝදනා ගොනු කර නීතිමය පියවර ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරයා විසින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කරන ලදී.
අධිකරණය හමුවේ ඇති වූ මෙම තත්ත්වයත් සමඟ, පොලිස්පතිවරයා විසින් ගම්පහ මහේස්ත්රාත්වරයාගේ ක්‍රියාකලාපයට එරෙහිව අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබීය.
එම පැමිණිල්ල සම්බන්ධයෙන් සිය කරුණු දැක්වීම සහ නිරීක්ෂණ වහාම කොමිසම වෙත යොමු කරන ලෙස අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතාට නියම කර තිබිණි.
Transfer of Gampaha Magistrate Fuels Tensions Over Court Procedures
In a significant shift, Gampaha Magistrate Bandula Gunaratne has been abruptly reassigned to the Sri Lanka Judicial Training Institute. The decision, authorized by Secretary of the Judicial Service Commission Prasanna Alwis, comes amidst rising concerns over judicial integrity and protocol compliance.
Previously, the magistrate had issued directives to all police officers, urging them to refrain from presenting innocent citizens in court unnecessarily while overseeing investigatory processes. He had formally instructed the Inspector General of Police to establish a systematic protocol in response to these issues.
However, the magistrate expressed disappointment, noting that the Inspector General’s failure to implement these directives has undermined the respect and authority of the judiciary. This breakdown of communication and protocol has led to serious implications for the legal framework in the region.
In light of these developments, Magistrate Gunaratne has called upon the Chief Justice of the Appeals Court to take legal action against the police chief for contempt of court. He seeks accountability and effective measures to restore the integrity of judicial proceedings.
Compounding the situation, the police chief has lodged a complaint against Magistrate Gunaratne with the Judicial Service Commission, further inflaming tensions between law enforcement and the judiciary. The commission has instructed the magistrate to promptly provide his account and observations regarding these allegations.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

පරක්කු මොකද බැලුවා 😜
ReplyDeleteඔහොම නොවුණානම් තමයි පුදුමේ.හැබැයි ඉතින් කොන්ද පණ තියෙන ආත්ම ගරුත්වයක් තියෙන අනෙක් විනිසුරුවරුන් මෙම කොමිසමේ පහත් දේශපාලන පලිගැනීමට විරුද්ධව යමක් කලයුතුවම ඇත.එහෙම නොවුනොත් ඔවුන්ට අවනත නොවන විනිසුරුවරුන්ට sorry ම තමා.මේ පටන්ගැන්ම මෙතනින් ම නතරකර ගැනීම කරගන්න.
ReplyDeleteහරිනේ ඔය වෙලා තියෙන්නේ.
ReplyDelete