මහ වැසි එයි...


 බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ මධ්‍යම පළාත් ආවරණය වන පරිදි දිවයිනේ දිස්ත්‍රික්ක 14ක ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වාභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් ‘කහ’ (සැලකිලිමත් වන්න) මට්ටමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

අද (07) පස්වරු 05.00 සිට හෙට (08) අලුයම 01.00 දක්වා වලංගු වන පරිදි මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය ක්‍රියාත්මක වේ.

ඒ අනුව, සබරගමුව පළාතේ කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මෙම අධික වැසි තත්ත්වය ප්‍රබලව බලපෑ හැකි බව දන්වා ඇත.

මීට අමතරව පහත සඳහන් දිස්ත්‍රික්කවල නම් කරන ලද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකටද මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

  • කොළඹ දිස්ත්‍රික්කය: අවිස්සාවේල්ල, හෝමාගම, කඩුවෙල, කැස්බෑව, කොළොන්නාව සහ මහරගම.
  • ගම්පහ දිස්ත්‍රික්කය: අත්තනගල්ල, බියගම, දිවුලපිටිය, ගම්පහ, ජා-ඇල, කටාන, කැලණිය, මහර, මිනුවන්ගොඩ, මීරිගම, වත්තල සහ වේකේ (වේවැල්දෙණිය).
  • කළුතර දිස්ත්‍රික්කය: අගලවත්ත, බණ්ඩාරගම, බේරුවල, බුලත්සිංහල, දොඩංගොඩ, හොරණ, කළුතර, මදුරාවල, මතුගම සහ වලල්ලාවිට.
  • ගාල්ල දිස්ත්‍රික්කය: අක්මීමන, අම්බලන්ගොඩ, බද්දේගම, බලපිටිය, බෙන්තොට, බෝපේ-පොද්දල, ඇල්පිටිය, හබරාදුව, කරන්දෙනිය, නාගොඩ, නෙළුව, නියගම, තවලම සහ යක්කලමුල්ල.
  • මාතර දිස්ත්‍රික්කය: අකුරැස්ස, දෙවිනුවර, හක්මන, කඹුරුපිටිය, කොටපොළ, මාලිම්බඩ, මාතර, මුලටියන, පස්ගොඩ, පිටබැද්දර, තිහගොඩ, වැලිගම සහ වැලිපිටිය.
  • හම්බන්තොට දිස්ත්‍රික්කය: අඟුණුකොළපැලැස්ස, බෙලිඅත්ත, කටුවන, ඕකේවෙල සහ වීරකැටිය.
  • කුරුණෑගල දිස්ත්‍රික්කය: කුරුණෑගල, අලව්ව, බිංගිරිය, ගනේවත්ත, ඉබ්බාගමුව, කටුපොත, කොබෙයිගනේ, කොටවෙහෙර, කුලියාපිටිය (නැගෙනහිර/බටහිර), මහව, මල්ලවපිටිය, මාස්පොත, මාවතගම, නාරම්මල, නිකවැරටිය, පඬුවස්නුවර, පන්නල, පොල්ගහවෙල, පොල්පිතිගම, රස්නායකපුර, රිදීගම, උඩුබද්දාව, වාරියපොළ සහ වීරඹුගෙදර.
  • පුත්තලම දිස්ත්‍රික්කය: හලාවත, දංකොටුව, මාදම්පේ, මහවැව, නාත්තන්ඩිය සහ වෙන්නප්පුව.
  • මහනුවර දිස්ත්‍රික්කය: ගඟ ඉහළ කෝරලේ, හාරිස්පත්තුව, පස්බාගේ කෝරලේ, පූජාපිටිය, තුම්පනේ, උඩපළාත, උඩුනුවර සහ යටිනුවර.
  • නුවරඑළිය දිස්ත්‍රික්කය: අඹන්ගමුව කෝරලේ, කොත්මලේ සහ නුවරඑළිය.
  • බදුල්ල දිස්ත්‍රික්කය: හල්දුම්මුල්ල.
  • මොනරාගල දිස්ත්‍රික්කය: තණමල්විල.

මෙම තද වැසි තත්ත්වය හේතුවෙන් ප්‍රධාන මාර්ග සහ පහත්බිම් ආශ්‍රිත ජනාවාස ක්ෂණිකව ජලයෙන් යටවීමේ හැකියාවක් පවතින බව අනතුරු අඟවා ඇත. තවද, මාර්ග ලිස්සන සුළු වීම සහ වායුගෝලයේ දෘශ්‍යතාව අඩුවීම හේතුවෙන් රථවාහන ගමනාගමනයට බාධා එල්ල විය හැකි අතර, කඳුකර ප්‍රදේශ ආශ්‍රිත මාර්ගවල තැනින් තැන පස් හා ගල් කඩාවැටීමේ අවදානමක්ද පවතී.

මේ හේතුවෙන් පහත් බිම්, ගංගා නිම්න සහ නායයෑමේ අවදානම් සහිත බෑවුම් ප්‍රදේශවල ජීවත්වන ජනතාව නිරන්තර විමසිල්ලෙන් පසුවිය යුතු බවත්, විශේෂයෙන් කඳුකර මාර්ග භාවිත කරන රියදුරන් දැඩි සැලකිල්ලෙන් යුතුව රිය ධාවනය කළ යුතු බවත් උපදෙස් දී තිබේ. මීට අමතරව වැසි ඇතිවීමට පෙර ජල බැසයන කාණු සහ ඇළ මාර්ග කඩිනමින් සුද්ධ පවිත්‍ර කරගන්නා ලෙසත්, ජලාශවල වාන් දොරටු පිළිබඳ පරීක්ෂාවෙන් පසුවන ලෙසත් ආපදා කළමනාකරණ අංශ දැනුම් දෙයි.





Severe Rainfall Warning Issued for 14 Districts in Sri Lanka

The Department of Meteorology has issued a yellow alert for severe rainfall exceeding 100 millimeters in 14 districts across the Western, Sabaragamuwa, Southern, Central, and North Western Provinces. This warning aims to prepare residents for potential adverse weather conditions.

The alert is effective from 5 PM today (07) until 1 AM tomorrow (08), indicating that heavy rainfall could significantly impact the districts of Kegalle and Ratnapura in the Sabaragamuwa Province.

Moreover, meteorological officials have indicated that a similar weather pattern could affect several local administrative divisions in the specified districts:

  • Colombo District: Avissawella, Homagama, Kadawatha, Kesbewa, Kolonnawa, and Maharagama.
  • Gampaha District: Attanagalla, Biyagama, Divulapitiya, Gampaha, Ja-Ela, Katana, Kelaniya, Maharagama, Minuwangoda, Mirigama, Wattala, and Wekanda.
  • Kalutara District: Agalawatte, Bandaragama, Beruwala, Bulathsinhala, Dodangoda, Horana, Kalutara, Madurawala, Matugama, and Walallawita.
  • Galle District: Akmeemana, Ambalangoda, Baddegama, Balapitiya, Bentota, Bopitiya, Elpitiya, Habaraduwa, Karandeniya, Nagoda, Neluwa, Niyagama, Thawalama, and Yakalamulla.
  • Matara District: Akurassa, Devinuwara, Hakmana, Kamburupitiya, Kotapola, Malimbada, Matara, Mulatiyana, Pasgoda, Pitabeddara, Thihagoda, Weligama, and Welipitiya.
  • Hambantota District: Angunakolapelessa, Beliatt, Katunayake, Okewela, and Weeraketiya.
  • Kurunegala District: Kurunegala, Alawwa, Bingiriya, Ganewatta, Ibbagamuwa, Katupotha, Kobeyigane, Kotwehera, Kuliapitiya (East/West), Mahawewa, Mallawapitiya, Maspotha, Mawathagama, Narammala, Nikaweratiya, Panduwasnuwara, Pannala, Polgahawela, Polpitiya, Rasanayakapura, Ridigama, Udupussellawa, Wariyapola, and Virabugedara.
  • Puttalam District: Halawatha, Dankotuwa, Madampe, Mahawwa, Nattandiya, and Wennappuwa.
  • Matale District: Galaha Korale, Harispattuwa, Pasbage Korale, Poojapitiya, Thumpane, Upper Pelawatta, Udu Nuwara, and Yatinuwara.
  • Nuwara Eliya District: Ambanwala Korale, Kothmale, and Nuwara Eliya.
  • Badulla District: Hal'dum'Mulla.
  • Monaragala District: Thanmalwila.

This anticipated heavy rainfall poses a risk of flash flooding in low-lying areas and along riverbanks, with authorities warning of possible road blockages due to landslips and impaired visibility that could hinder vehicle movement. Additionally, steep terrain remains at risk of rock falls.

Residents in vulnerable areas, including low-lying regions and flood-prone zones, are advised to remain vigilant. Drivers, particularly those traveling on elevated routes, are urged to exercise extreme caution. The disaster management agency has also advised the immediate clearance of waterways and drainage systems, as well as inspections of all water storage facilities in anticipation of the approaching rainfall.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post