කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ වරකාපොල, මාහේන ප්‍රදේශයේදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ දරුණු රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් සිව්දෙනෙකු බරපතළ තුවාල ලබා ඇතැයි වරකාපොල පොලිසිය පවසයි.
අදාළ බස් රථය සහ වෑන් රථය එකිනෙක ගැටීමත් සමඟ රථ දෙකටම දැඩි අලාභහානි සිදුව ඇති අතර, අනතුර සිදුවූ අවස්ථාවේදීම වෑන් රථයේ ගමන් ගත් පිරිස අතරින් තිදෙනෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
අනතුරින් බරපතළ තුවාල ලැබූ සෙසු සිව්දෙනා ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව වහාම රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇති අතර, ඔවුන්ගෙන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මියගිය පුද්ගලයින්ගේ අනන්‍යතාව තහවුරු කරගැනීම සඳහා පොලිසිය ඉදිරි විමර්ශන කටයුතු සිදුකරයි.
Tragic Collision on Colombo-Nuwara Main Road Claims Three Lives
A devastating road accident occurred in the Mahena area of Warakapola when a bus belonging to the Sri Lanka Transport Board collided with a van, resulting in the tragic deaths of three individuals and leaving another four with serious injuries, according to local police reports.
The impact of the collision caused significant damage to both vehicles. Preliminary investigations indicate that three passengers in the van lost their lives at the scene of the accident.
The four injured individuals, all local residents, were swiftly transported to a nearby hospital for urgent medical treatment. Sources from the hospital have reported that several of the injured are in critical condition.
Authorities are currently working to confirm the identities of the deceased as part of ongoing investigations into the incident.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
