පාලකයා හොදයි නම් රට සෞභාග්‍යමත් වෙනවා.. දූෂිත නම් රට අරාජික වෙනවා - ජනපති


 පාලකයා ප්‍රතිපත්තිගරුක වන්නේ නම් රට සෞභාග්‍යය කරා ගමන් කරන බවත්, පාලකයා දූෂිත සහ අධාර්මික වන්නේ නම් මුළු රටම අරාජික වන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

කැලණිය නාගානන්ද අන්තර්ජාතික බෞද්ධ විශ්වවිද්‍යාල ශ්‍රවණාගාරයේදී අද (28) පැවති ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වැනි සංවත්සර උත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

රටවල් 50ක් නියෝජනය කරමින් වැඩම කළ නායක ස්වාමීන් වහන්සේලාගේ මෙන්ම ත්‍රෛනිකායික මහනාහිමිවරුන්, අනුනායක හිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ සහ දෙස් විදෙස් ගිහි ජනතාවගේ විශාල සහභාගීත්වයෙන් මෙම සමුළුව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් ආරම්භ කෙරුණි.

1966 වසරේදී ශ්‍රී ලංකාවෙන් ආරම්භ වූ ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ මූලික අරමුණ ලෝක සාමය වන අතර, මෙම 60 වැනි සංවත්සරය නිමිත්තෙන් නාගානන්ද බෞද්ධ අධ්‍යයන ආයතනය විවෘත කිරීම සහ එහි සමරු ඵලකය නිරාවරණය කිරීමද මෙහිදී සිදු විය.

සමුළුව අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ, මිහිඳු මාහිමියන් විසින් දේශනා කරන ලද පේතවත්තු සහ විමානවත්තු දේශනා මෙරට ජනතාවගේ ආගමික විශ්වාසයන් ප්‍රතික්ෂේප නොකරමින් බුදු දහමේ හරය හඳුන්වා දීමට දැරූ ප්‍රයත්නයක් ලෙස සැලකෙන බවයි.

පාලකයාගේ ස්වභාවය මත රටේ පැවැත්ම තීරණය වන බවත්, එම කාරණය සකලවිධ රාජ්‍යයන්ටම අදාළ බැවින් බුදු දහම ප්‍රායෝගික සහ සර්වකාලීන දහමක් බවට පත්ව ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.

එමෙන්ම කූටදන්ත සූත්‍රය තුළින් බුදුන් වහන්සේ අපූරු ආර්ථික දර්ශනයක් ඉදිරිපත් කර ඇති බව පැවසූ ජනාධිපතිවරයා, රටක අපරාධ, සොරකම් සහ කැරලි ඇති වන විට දඬුවම් දීමෙන් පමණක් ඒවා මර්දනය කළ නොහැකි බව කියා සිටියේය.

ඒ සඳහා රටේ ආර්ථිකය ශක්තිමත් කළ යුතු බවත්, ගොවියාට බීජ හා පහසුකම් ලබා දීම, වාණිජ කටයුතු සඳහා ප්‍රාග්ධනය සැපයීම සහ රාජ්‍ය සේවකයාට සාධාරණ වැටුපක් ලබා දීම තුළින් ජනතාවගේ ජීවන තත්ත්වය උසස් වී රටේ සාමය ඇති වන බවත් ඔහු පෙන්වා දුන්නේය.

ඒ අනුව රටේ දිළිඳුකම තුරන් කිරීම සඳහා ධනෝත්පාදන මාර්ග පුළුල් කර සැමට සාධාරණ අවස්ථා හිමි වන සමාජයක් නිර්මාණය කිරීම පාලකයාගේ පළමු වගකීම බව බුදුන් වහන්සේ දේශනා කර ඇතැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 11 වන මහා සභාවේ දෙවන විධායක කමිටු සභාවාරය ඇතුළු ආගමික වැඩසටහන් රැසක් හෙට (29) සිට දෙසැම්බර් මස 02 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතය.





The Nature of Leadership: President Disanayake Addresses Global Buddhist Summit

In a powerful address, President Anura Kumar Dissanayake emphasized the profound impact of a leader's character on a nation's prosperity. He stressed that a principled leader steers a country toward prosperity, while a corrupt and unethical leader leads the nation into chaos.

Speaking at the 60th anniversary ceremony of the World Buddhist Summit held today (28) at the Kelaniya Nagaananda International Buddhist University, the President underscored the significance of virtuous leadership.

The summit, inaugurated under his leadership, saw participation from Buddhist leaders representing 50 countries, senior clergy from the Tri-Nikaya sect, and a large gathering of local and international attendees.

Established in Sri Lanka in 1966, the World Buddhist Summit aims to promote global peace. The 60th anniversary festivities included the inauguration of the Nagaananda Buddhist Studies Institute and the unveiling of its commemorative plaque.

Continuing his remarks, the President acknowledged the efforts made by the Mihindu clergy in delivering teachings that do not contradict the religious beliefs of the people but rather introduce the essence of Buddhism.

He pointed out that the stability of a nation hinges on the nature of its governance, asserting that this principle is universally applicable. The President declared that the teachings of Buddhism have proven to be both practical and timeless.

He highlighted the economic insights presented in the Koodadanta Sutta, arguing that merely imposing punishments in cases of crime and theft is insufficient for resolution. A strong economy must be fostered, he said, which involves providing farmers with seeds and resources, facilitating trade, and ensuring fair wages for public servants, thereby improving the quality of life for the populace and establishing peace in the country.

According to the President, the first responsibility of a leader, as asserted by the Buddha, is to eradicate poverty by expanding avenues for wealth generation and creating a society that offers equitable opportunities for all.

The World Buddhist Summit will feature a series of religious programs, including the second executive committee meeting of the 11th General Assembly, set to take place from tomorrow (29) until December 2 in Sri Lanka.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post