ධාවනය වෙමින්තිබූ බසයක් මතට විශාල ගලක් පෙරලෙයි... මගියෙකු ජීවිතක්ෂයට...


 හැටන් සිට කොළඹ දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් මතට කදු මුදුනේ සිට පෙරලී ආ ගලක් වැටීමෙන් එම බස් රථයේ ගමන් ගත් මගියෙකු බරපතල ලෙස තුවාල ලබා ගිනිගත්හේන ප්‍රාදේශිය රෝහල වෙත රැගෙන යන විට මිය ගොස් ඇතිබව පොල්පිටිය පොලිසියේ නිළධාරියෙකු පැවසීය.

දින පස්වරු 2:30ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන කළුගල පොලිස් මුර පොල අසලදීය.

බස් රථයඑට ගල පෙරලී බිමට පතිත වීමත් සමග අසුනක වාඩි වී සිටි මගියා බරපතල තුවාල ලැබීමෙන් පසු පොල්පිටිය කළුගල පොලිස් නිළධාරින් සහ බස් රථයේ මගීන් එක්ව තුවාලකරු රෝහල කරා රැගෙන යන අතරතුර මිය ගොස් ඇත.

හැටන් ඩිපෝවට අයත් ලංගම බස් රථයටද දැඩි ලෙස අලාභ හානි සිදු වී ඇති අතර, පොල්පිටිය ප්‍රදේශයට (27) ඇදහැලුණු අධික වර්ෂාවත් සමග ගල පෙරලී පහළට බස් රථයට පෙරලෙන්නට ඇති බවයි අනතුර පිලිබද පරික්ෂණ පවත්වන පොල්පිටිය පොලිසිය කියා සිටියේ.

අනතුරින් මිය ගොස් ඇත්තේ ආගරපතන ප්‍රදේශයේ පදිංචි මුත්තන් සුදර්ශන් නැමති 35 හැවිරිදි අයෙකු බව හදුනාගෙන ඇත.

- රංජිත් රාජපක්ෂ





Bus Accident Claims Life of Passenger Following Rock Fall in Hadton

A tragic incident unfolded when a rock tumbled down from a hillside, striking a bus operating between Hadton and Colombo. The unfortunate passenger sustained severe injuries and ultimately succumbed to them while being rushed to the Gonagela Regional Hospital, as confirmed by a police officer from the Polpitiya precinct.

The accident occurred around 2:30 PM near the Gonagela police post alongside the main road connecting Hadton and Colombo.

As the bus was struck by the rock and overturned, a passenger seated at the time suffered critical injuries. Attempts made by fellow passengers and police officials from the Polpitiya area to transport the victim to the hospital were in vain, as the individual was pronounced dead en route.

Significant damage was reported to the Hadton depot’s bus, with investigations suggesting that torrential rainfall in the Polpitiya region had contributed to the rock's fall, leading to the bus accident.

Authorities have identified the deceased as 35-year-old Sudharshan, a resident of the Agarapathana area.

- Ranjith Rajapaksha



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post