'දිට්වා' සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් රජය ප්‍රකාශයට පත් කළ මූලික සහනාධාර දීමනාවලින් සියයට 95 කට වැඩි ප්‍රමාණයක් මේ වන විටත් ජනතාව වෙත ගෙවා නිම කර ඇති බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.
දෙරණ නාලිකාවේ විකාශය වූ "360" දේශපාලන සාකච්ඡා වැඩසටහනට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේය.
එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, සුදුසුකම්ලත් විපතට පත් ජනතාව වෙනුවෙන් ලබාදුන් රුපියල් 25,000 සහ රුපියල් 50,000 ආදී හදිසි සහන දීමනා බෙදාහැරීමේ ක්‍රියාවලිය සියයට 95 ඉක්මවූ සාර්ථකත්වයකින් අවසන් කර ඇති බවයි. කෙසේ වෙතත්, හානියට පත් නිවාස, මාර්ග සහ පාලම් ප්‍රතිසංස්කරණය කිරීමේදී ප්‍රායෝගික ගැටලු කිහිපයක් මතුව ඇති බවත්, එය මුදල් නොමැතිකම නිසා සිදුවූවක් නොවන බවත් ඔහු පැහැදිලි කළේය.
පූර්ණ හානි සිදුවූ නිවාස යළි ඉදිකිරීමේදී රාජ්‍ය චක්‍රලේඛ අනුව ඉඩමේ නීත්‍යානුකූල හිමිකාරිත්වය තහවුරු විය යුතු බව පෙන්වා දුන් ඒ මහතා, ඇතැම් පුද්ගලයන් පදිංචිව සිට ඇත්තේ ඥාතීන්ගේ ඉඩම්වල හෝ අනවසර ඉඩම්වල බැවින් එවැනි ස්ථානවල යළි නිවාස ඉදිකිරීමට නීතිමය බාධා මතුව ඇති බව සඳහන් කළේය. එසේම, නායයෑම් ඇතුළු අනතුරුදායක අධි අවදානම් සහිත ප්‍රදේශවල පිහිටි නිවාස වෙනුවට නව නිවාස ඉදිකිරීම සඳහා සුදුසු විකල්ප ආරක්ෂිත ඉඩම් සොයාගැනීමේ දුෂ්කරතාව ද මෙම ප්‍රතිසංස්කරණ කටයුතු ප්‍රමාද වීමට බලපා ඇත. දුම්රිය මාර්ග සහ මහාමාර්ග ප්‍රතිසංස්කරණයේදී ද මෙවැනි පාරිසරික සහ ප්‍රායෝගික බාධා මතුව තිබේ.
නිවාස ප්‍රතිසංස්කරණය වෙනුවෙන් පූර්ණ හානියක් සඳහා රුපියල් ලක්ෂ 50 ක් ද, අර්ධ හානියක් සඳහා උපරිමය රුපියල් ලක්ෂ 25 ක් දක්වා ද වන්දි ගෙවීමට තීරණය කර තිබූ බව සිහිපත් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, අර්ධ හානි තක්සේරු කිරීමට ගතවන දීර්ඝ කාලය මඟහරවා ගැනීම සඳහා තක්සේරුවකින් තොරව රුපියල් ලක්ෂ 5ක් දක්වා මුදලක් ලබාගැනීමට විකල්ප ක්‍රමවේදයක් හඳුන්වා දුන් බව කියා සිටියේය. එහෙත් සුළු හානි සිදුවූ පුද්ගලයන් පවා පසුව තක්සේරු වාර්තා මඟින් වැඩි මුදල් ඉල්ලා අභියාචනා ඉදිරිපත් කිරීම හේතුවෙන් සහ එක් අයෙකුට වන්දි ලැබෙන විට අසල්වාසීන් ද පසුව ඉල්ලීම් ඉදිරිපත් කිරීම නිසා පරිපාලනමය වශයෙන් ගැටලු සහගත තත්ත්වයන් පැනනැගී ඇතැයි ඔහු පැවසීය.
වහලයේ තහඩුවක් ගැලවී ගිය ද රුපියල් ලක්ෂ 10 ක් ලබාදෙන බවට සිදුකළ ප්‍රකාශය පිළිබඳව මාධ්‍යවේදියා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, එම ප්‍රකාශය හුදෙක් සංකේතාත්මකව සිදුකරන ලද්දක් බව අවධාරණය කළේය.
"අපේ අරමුණ වුණේ බිඳවැටුණු තත්ත්වයට වඩා හොඳින් නැවත ගොඩනැගීම හෙවත් 'Build Back Better' කියන සංකල්පය ක්‍රියාත්මක කිරීමයි. විපතට පත් ඇතැම් ජනතාව ජීවත් වුණේ සැබවින්ම ජීවත් වීමට නුසුදුසු අතිශය අබලන් නිවාසවලයි. අපිට අවශ්‍ය වුණේ කැඩුණු බිත්තියක් හදනවාට වඩා ඔවුන්ට මීට වඩා යහපත්, ශක්තිමත් නිවසක් උරුම කර දීමයි. 'තහඩුවක් ගියත් ලක්ෂ දහයක් දෙනවා' කියන කතාව සංකේතවත් කළේ අන්න ඒ බලාපොරොත්තුව මිසක් එක් තහඩුවකට ලක්ෂ දහයක් තක්සේරු කරනවා කියන අදහස නෙමෙයි" යැයි මහාචාර්ය අනිල් ජයන්ත මහතා වැඩිදුරටත් කියා සිටියේය.
Government Reports Significant Progress in Disaster Relief Payments
Amidst the recovery efforts following the devastating 'Ditva' cyclone, over 95% of the essential financial aid pledged by the government has already been disbursed to those affected, as revealed by Deputy Minister of Finance, Professor Anil Jayathilake Perera.
Speaking during the political discussion program "360" aired on Derana TV, the Deputy Minister emphasizes the successful distribution of immediate relief payments, which range from Rs. 25,000 to Rs. 50,000. He noted that this initiative has achieved a remarkable completion rate exceeding 95%. However, he acknowledged several practical challenges in the rehabilitation of damaged houses, roads, and bridges, clarifying that the issues were not a result of financial limitations.
Highlighting the complexities surrounding the rebuilding of completely damaged homes, the Deputy Minister pointed out that legal ownership of land must be confirmed in accordance with government regulations. He explained that some individuals occupy land belonging to relatives or unauthorized plots, resulting in legal barriers to reconstructing homes in such locations. Additionally, the task of identifying safe land for new housing, particularly for those residing in high-risk disaster-prone areas, has posed significant delays.
He reminded the audience that the government has set a compensation cap of Rs. 500,000 for total destruction and Rs. 250,000 for partial damage. To expedite the claims process, a mechanism has been introduced allowing individuals to access up to Rs. 50,000 without an assessment, reducing delays associated with evaluations for partial damage. Nevertheless, disputes have arisen as some recipients of minor damages seek higher compensation later, further complicating administrative processes.
In response to a media inquiry regarding a previous statement that Rs. 1 million would be allocated for severe damage, Professor Jayathilake clarified that this figure was intended to be symbolic rather than literal.
“Our goal is to implement the 'Build Back Better' concept, aiming to reconstruct communities in a way that surpasses their previous conditions. Many people who suffered loss were living in structures that were frankly unlivable. Our aspiration is to provide them with better, stronger homes rather than merely replacing a damaged wall. The statement about providing Rs. 1 million for a broken sheet is a metaphor for hope, rather than a literal valuation of a single sheet,” he elaborated.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ඉතින් සංකේතාත්මකව කිව්වනං සංකේතාත්මකව කීපදෙනෙකුට ලක්ෂ දහයගානේ තහඩුවකට ගෙවපන්
ReplyDelete