උතුරු පළාතේ මියගිය ඥාතීන් සිහිපත් කිරීම සඳහා අවස්ථාව ලබා දී තිබුණ ද, තහනම් කරන ලද එල්.ටී.ටී.ඊ. සංවිධානය ප්‍රවර්ධනය කෙරෙන කිසිදු ක්‍රියාවකට ඉඩ නොතබන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
පසුගිය දින කිහිපය පුරා උතුරේ පැවති සැමරුම් උත්සව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ 2011 වසරේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය මෙන්ම එහි සැමරුම් ද තහනම් කර ඇති බවයි.
ඒ අනුව එම සංවිධානයේ ලාංඡන හෝ සංකේත භාවිත කිරීමට කිසිදු හැකියාවක් නොමැති බවත්, ශ්‍රී ලංකා පොලිසිය ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරමින් සිටින බවත් ඔහු සඳහන් කළේය.
පසුගිය සතිය පුරා යාපනයේ පැවති සැමරුම් පිළිබඳව පොලිසිය විශේෂ අවධානයක් යොමු කළ බවත්, අදාළ ගැසට් නිවේදනයට පරිබාහිරව සිදුවූ ක්‍රියා සම්බන්ධයෙන් නීතිමය පියවර ගෙන ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.
ඒ අනුව, මන්නාරම ප්‍රදේශයේදී ප්රභාකරන්ගේ රුව සහිත ඡායාරූපයක් ප්‍රදර්ශනය කරමින් සැමරුමක් පැවැත්වූ පුද්ගලයින් ද, මුලතිව් ප්‍රදේශයේදී එවැනි ඡායාරූපයක් ප්‍රදර්ශනය කරමින් සැමරුම් උත්සවයක් පැවැත්වූ පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගත් බව ඔහු හෙළි කළේය. එමෙන්ම දිලීපන්ගේ සිද්ධියට අදාළ ප්‍රදර්ශනය කිරීම්වලට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
ජාතිවාදයෙන් සිය පැවැත්ම තහවුරු කරගත් ඇතැම් පිරිස් ජාතිවාදය අවුස්සා දේශපාලන න්‍යාය පත්‍ර ඉදිරියට ගෙන යාමට උත්සාහ කරන බවට චෝදනා කළ අමාත්‍යවරයා, තම මියගිය දෙමාපියන්, සහෝදරයන්, දූ දරුවන් හෝ ඥාතීන් සිහිපත් කිරීමට උතුරටත්, නැගෙනහිරටත්, දකුණටත් එකසේ අවස්ථාව ලබා දී ඇති බව අවධාරණය කළේය.
එහෙත් ඇතැම් සංකේත භාවිත කරමින් පැවැත්වූ සැමරුම් නතර කිරීමට පියවර ගෙන ඇති අතර, ඊට සම්බන්ධ ඇතැම් පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇති බව ද මහජන ආරක්ෂක අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Security Minister Stresses Ban on LTTE Commemorations Amid Tributes in Northern Province
During a recent session in Parliament, Minister of Public Security, Tiran Alles, underscored that while there have been opportunities to honor deceased relatives, any activities associated with the outlawed Liberation Tigers of Tamil Eelam (LTTE) will not be tolerated. His remarks came in light of commemorative events held in Northern Sri Lanka over the past few days.
The Minister pointed out that the LTTE and its commemorations have been officially banned since 2011. He emphasized that any use of symbols or images related to the group is prohibited, and the Sri Lanka Police are actively enforcing these laws.
Special attention has been directed to the recent commemorative events in Jaffna, with the police taking legal action against activities that deviated from the official government Gazette notice. He revealed that individuals displaying images of the late LTTE leader Velupillai Prabhakaran in Mannar were among those arrested, as well as one person conducting a similar commemoration event in the Mullaitivu area.
Additionally, the Minister mentioned that evidence has been presented to the courts against certain demonstrations concerning the Dilipans' case. He accused some groups, which affirm their existence through ethnic nationalism, of attempting to manipulate political agendas under the guise of remembrance.
Despite the restrictions, he acknowledged that efforts have been made to allow people from the North, East, and South to remember their deceased family members and relatives. However, he reiterated that measures are in place to halt commemorations that utilize specific symbols and images, leading to further arrests of involved individuals.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ආනන්දන් විජේපාලන් පර දෙමළෝ, අපේ ඉවසීම අව භාවිතා කරන්න එපා තව තවත් බොරු කියලා. ඉස්සර වෙලා නීතිය ක්‍රියාත්මක කරපිය පාර්ලිමේන්තු සංකීර්ණයේ කාමරයක කොටි සමරපු එවුන්ට එරෙහිවයි, පහුගියදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී වෙනම රාජ්‍යයක් ඉල්ලා සිටි පොන්නයාට එරෙහිව 😡😡😡 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කරමින් කටයුතු කිරීමේ චෝදනා මත උන්ගේ මන්ත්‍රී ධූරයන් ගෙන්ද නෙරපා දමා, ප්‍රජා අයිතිය අහෝසි කර, ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබාදිය යුතුය. කොටි සැමරු පර දෙමළුන් හැම එකාටම තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කල යුතුය. තොපේ සැමට සමාන නීතිය ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්නපියව් 😡
ReplyDeleteදෙමළ මිනිස්සුන්ට බණින්ඩ එපා. දෙමළ මිනිස්සුන් භාවිතා වුණා යුද්ධය වෙනුවෙන්, ඉන්දියාවෙන් සිදු කරපු දෙයක් යුද්ධය කියන්නේ. දෙමළ මිනිස්සුන්ගේ බුද්ධි මට්ටම අඩුයි, සිංහල මිනිස්සුන්ට සාපේක්ෂව, ඒ නිසා ඒ පිරිස ඉක්මණින්, පහසුවෙන් යුද්ධයට පොළඹවා ගන්ඩ පුළුවන් වුණා. පිට රටවල් වල ඉන්න සරණාගතයෝ ලංකාවේ ගිණි අවුලුවන්ඩ හදනවා, නමුත් ඉන්දියන් රජය මේ වෙනවිට එවැනි දේවල් කරන් නෑ, ඒ නිසා සරණාගත වීසා අපේක්ෂිත අයගේත්, සරණාගත වීසා කාලය සම්පූර්ණ කර පුරවැසි භාවය අපේක්ෂා කරණ අයගේත් අපේක්ෂා අනුව සිදු වන කටයුතු වලට ලංකාවේ දේශීය දෙමළ සහෝදර වරුන්ට දොස් කියන්ඩ එපා. අපේ රටේ දෙමළ මිනිස්සු රටට ආදරෙයි, උන් ආයේ යුද්ධයක පැටලෙන් නෑ. උන් තේරුම් අරගෙන ඉන්නවා උන්ව භාවිතා වුණ බවට අනුන්ගේ අපේක්ෂා වෙනුවෙන් නිර්මාණය කල යුද්ධයකට.
Deleteජාතිවාදය දඩමීමා කරගෙන ආපහු දේශපාලනය කරන්ඩ බලාගෙන ඉන්න එවුන් අතලොස්සත් ආපහු පාරක් බේරේ වැවේ නාවලා ගන්නම් කෝ අපි, ඕනෑ වුණොත්.
දෙමළ සහෝදර වරුන්ට දොස් කියන්ඩ එපා. උන් පූස් පැටව් වගේ අහිංකයි. උන් කොහෙවත් බෝම්බ පිපිරෙව්වෙ නෑ, ගම්වලට පැනල සිංහල මිනිස්සුන්ව කපා කොටල මැරුවෙ නෑ.
Deleteඅපේ රටේ දෙමළ මිනිස්සු රටට ආදරෙයි. උන්ට ඊලමක් ඕනේ නෑ. උන්ට ඕනෑ පිටරටවල වීසා විතරයි. එන්ඩ අපි ආයෙත් රැවටෙමු!
පර දෙමලු මුන්ගෙ කටටම රෙනවා.
ReplyDelete