රට භාර ගන්නා විට පැවති අර්බුදකාරී තත්ත්වය වෙනස් කර, ස්ථාවර ආර්ථිකයක සිට පරිවර්තනීය ආර්ථිකයක් කරා රට ගෙනයෑමට අවශ්‍ය ආයෝජන 2027 අයවැය මගින් ඉදිරිපත් කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.
2027 අයවැය විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තුවේදී විශේෂ කතාවක් සිදු කරමින් (13) අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවාය.
ඉතිහාසයේ ප්‍රථම වතාවට අධ්‍යාපන ක්ෂේත්රයේ ප්රාග්ධනය වෙනුවෙන් දැවැන්ත ආයෝජනයක් සිදු කරමින් 2027 වසර සඳහා රුපියල් බිලියන 749කට අධික මුදලක් වෙන් කර ඇති බව අවධාරණය කළාය. එය සමස්ත රාජ්‍ය වියදමින් සියයට 12කට වඩා වැඩි ප්‍රමාණයක් බවද අග්‍රාමාතවරිය පෙන්වා දුන්නාය.
අධ්‍යාපන ක්ෂේත්රය නගා සිටුවීම වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය, මේ වනවිට පාසල් 4,570කට අධික ප්‍රමාණයකට ස්මාර්ට් පුවරු සහ පාසල් 6,000කට වැඩි සංඛ්‍යාවකට අන්තර්ජාල පහසුකම් ලබාදී ඇතැයි සඳහන් කළාය. එමෙන්ම, වසර 17ක් තිස්සේ වෙනස් නොකළ ජාතික විද්‍යාපීඨ විෂයමාලාවන් මේ වනවිට යාවත්කාලීන කරමින් පවතින බවත්, මහරගම විද්‍යාපීඨය ඇතුළු තවත් විද්‍යාපීඨ පහක ස්මාර්ට් පන්ති කාමර ආරම්භ කර ගුරු පුහුණුව සඳහා ප්‍රමුඛතාව ලබා දී ඇති බවත් පෙන්වා දුන්නාය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය 2025 වසරේදී විදේශ සෘජු ආයෝජන (FDI) වාර්තාගත ලෙස පහළ ගොස් ඇති බවට නැගෙන චෝදනා ප්‍රතික්ෂේප කළ අතර 2016 සිට 2025 දක්වා පසුගිය දශකය තුළ ලැබී ඇති දත්ත පෙන්වා දෙමින් 2025 වසරේදී ඇමරිකානු ඩොලර් බිලියන 1.4ක පමණ විදේශ සෘජු ආයෝජන ප්‍රමාණයක් ලැබී ඇති බවත්, එය පසුගිය අවුරුදු දහය තුළ වාර්තා වූ ඉහළම FDI ප්‍රමාණය බවත් පැවසුවාය.
පසුගිය වසර දෙක තුළ රජය ලබා ඇති ආර්ථික ප්‍රගතිය සංඛ්‍යාලේඛන හරහා පැහැදිලි කළ අග්‍රාමාත්‍යවරිය, 2025 වසරේදී සියයට 5ක ආර්ථික වර්ධන වේගයක් අඛණ්ඩව පවත්වා ගැනීමට හැකි වී ඇති බව සඳහන් කළාය. 2025 වසරේදී ධන ප්‍රාථමික ශේෂයක් වාර්තා කිරීමට හැකි වූ අතර, 2026 අයවැයට අනුව අපේක්ෂිත ධන ප්‍රාථමික ශේෂය රුපියල් බිලියන 360ක් වුවද සැප්තැම්බර් මාසය අවසන් වන විට එය රුපියල් බිලියන 1,844ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවත්. 2022 වසර අවසානයේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 114ක් වූ මධ්‍යම රජයේ ණය ප්‍රමාණය 2025 වසර අවසන් වන විට සැලකිය යුතු ලෙස පහළ බැස ඇති බවද පැවසුවාය.
2022 වසරේදී රුපියල් බිලියන 74.6ක සමස්ත ශුද්ධ අලාභයක් වාර්තා කළ ප්‍රධාන රාජ්‍ය ව්‍යවසාය 52ක් අද වන විට ලාභ ලබන තත්ත්වයට පත් කිරීමට රජය සමත්ව ඇති බවද ලෝක ආර්ථික සංසදය විසින් සංචාරක ආර්ථිකයන් වේගවත් ලෙස දියුණු වන රටවල් අතරින් ශ්‍රී ලංකාව 10 වන ස්ථානයට පත් කර ඇති බවද පැවසුවාය.
Prime Minister Highlights Transformative Economic Investments in 2027 Budget
Amidst a focus on economic stability and transformation, Prime Minister Dr. Harini Amarasuriya has unveiled plans to shift Sri Lanka's economy from a precarious state to a developmental one through significant investments outlined in the 2027 budget. This pivotal announcement came during her special address at the Parliament on the 13th.
For the first time in history, a monumental allocation of over LKR 749 billion has been set aside for the advancement of the education sector, constituting more than 12% of the total national expenditure. The Prime Minister underscored the government's commitment to fostering educational growth through this unprecedented investment.
Elaborating on the initiatives aimed at uplifting the education system, she revealed that more than 4,570 schools have already received smart boards, while over 6,000 institutions have been provided with internet facilities. Additionally, the National Curriculum, unchanged for 17 years, is currently undergoing updates to remain relevant, with smart classrooms being established at several institutions, including Maharagama University.
Addressing claims that Foreign Direct Investment (FDI) had substantially decreased in 2025, the Prime Minister emphasized that the data from 2016 to 2025 contradicts these assertions, highlighting an influx of approximately USD 1.4 billion in FDI that year—the highest recorded in the past decade.
In her remarks, she also illustrated the government's economic achievements over the last two years, indicating a sustained growth rate of 5% expected for 2025. The overall balance is projected to show a primary surplus of LKR 360 billion as per the 2026 budget, with estimates suggesting this figure could rise to LKR 1,844 billion by the end of September. The total public debt, which constituted 114% of GDP at the end of 2022, is expected to decline significantly by 2025.
Since reporting a total net loss of LKR 74.6 billion in 2022, the government has successfully turned around 52 major state enterprises into profitable entities, as acknowledged by the World Economic Forum, which ranks Sri Lanka 10th among countries rapidly developing their tourism economies.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

රටවල් දහයලු තියෙන්නෙ
ReplyDeleteApi avrudu 76kma Diyunu vena ratak thamai. DIYUNU Ratak venne kavadada?
ReplyDelete