දුම්රියේ හැපී දෙදෙනෙකු මරුට.. තිදෙනෙකුට බරපතලයි...

 


ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රී තැපැල් දුම්රියේ ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු එම ස්ථානයේදීම මියගොස්, තවත් අයෙකු බරපතළ තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.

ත්‍රිකුණාමලය සහ චීන වරායදුම්රිය ස්ථාන අතරමැද පිහිටි දුම්රිය මාර්ග කොටසේදී ඊයේ රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇත. 

මෙලෙස ඛේදනීය ඉරණමකට ගොදුරු වී ඇත්තේ දකුණු පළාතේ දෙවිනුවර ප්‍රදේශයේ පදිංචි ධීවර කාර්මිකයන් තිදෙනෙකි.

වාරකන් සමය මාරුවීමත් සමඟ දකුණු මුහුදු තීරයේ ධීවර කටයුතු සීමාවන කාලසීමාවන්හිදී, දෙවිනුවර, මිරිස්ස සහ මාතර ඇතුළු දකුණු පළාතේ ධීවරයන් සාම්ප්‍රදායිකව නැගෙනහිර මුහුදු තීරයේ ධීවර කර්මාන්තයේ නිරත වීම සඳහා ත්‍රිකුණාමලය අවට ප්‍රදේශවලට සංක්‍රමණය වීම සාමාන්‍ය සිරිතකි. 

අනතුරට ලක්වූ ධීවරයන් පිරිස ද එලෙස තාවකාලිකව ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ලැගුම්හල්වල රැඳී සිටිමින් රැකියාවේ නිරත වූවන් බවට අනාවරණය වී තිබේ.





Tragic Train Accident Claims Lives in Trincomalee

A tragic accident at the Trincomalee railway station has resulted in the deaths of two individuals and left another seriously injured. The incident occurred last night when a night mail train, traveling from Trincomalee to Colombo, collided with the victims.

Details reveal that the crash took place on the railway segment that runs between the Trincomalee and China Bay stations.

The victims were identified as three fishermen from the Dewinuwara area in the southern province, drawn into this fateful event. During seasonal shifts restricting fishing activities along the southern coast, it is customary for fishermen from areas like Dewinuwara, Mirissa, and Matara to migrate to the eastern coast for their traditional fishing practices.

Reports indicate that the victims were temporarily residing in Trincomalee, where they were engaged in their work, prior to the unfortunate incident.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

2 Comments

  1. My advice to fellow fishermen is to cross-check any guidance from the government’s fishing app before relying on it

    ReplyDelete
  2. Asarana deevarayo danuvath karanna barivuna aanduvak. Season venas venakota nitharama danuvath karanna oney, kaalagununaya vagey.

    ReplyDelete
Previous Post Next Post