ජාතික ජන බලවේගය පාලනය යටතේ පවතින බලපිටිය ප්රාදේශීය සභාවේ 2027 වර්ෂය සඳහා දෙවන වරටත් ඉදිරිපත් කළ අයවැය ලේඛනය ද අද වැඩි ඡන්ද දෙකකින් පරාජයට පත් විය.
කෙසේ වෙතත්, ඡන්ද විමසීම අවසානයේදී ප්රතිඵල ප්රකාශයට පත් කළ සභාපති අනුරුද්ධ මහවැලි මහතා සභාව හමුවේ දැනුම් දුන්නේ අදාළ පනතේ 169 වැනි වගන්තිය ප්රකාරව අයවැය සම්මත වූ ලෙස සලකා ඉදිරි කටයුතු සිදු කරන බවයි.
2027 වර්ෂය සඳහා වන අයවැය පළමු වරට ඉකුත් 17 වැනිදා සභාවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ද එය වැඩි ඡන්ද දෙකකින් පරාජයට පත් විය.
ඒ අනුව, අයවැය සම්මත කර ගැනීම සඳහා සභාපති අනුරුද්ධ මහවැලි මහතාගේ ප්රධානත්වයෙන් බලපිටිය ප්රාදේශීය සභා ශාලාවේදී අද පෙරවරු 9.00ට සභාව යළි රැස්විය.
මෙම අයවැය ලේඛනයට පක්ෂව සභාපතිවරයා ඇතුළු ජාතික ජන බලවේගයේ මන්ත්රීවරුන් 16 දෙනෙකු ඡන්දය ප්රකාශ කළ අතර, අයවැයට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්රීවරුන් 18 දෙනෙකු ඡන්දය භාවිත කළහ.
National People's Power Budget Rejected Again by Local Council
The budget proposal for the year 2027, submitted for the second time under the National People's Power, faced yet another defeat today at the local council, losing by a margin of two votes.
Chairman Anuruddha Mahaweli announced the results at the conclusion of the voting session, indicating that, pursuant to the 169th clause of the relevant legislation, steps would be taken to move forward despite the budget's rejection.
This budget draft had initially been presented to the council on the 17th of this month, only to be rejected at that time by a similar two-vote margin.
As a follow-up, the council convened again today at 9:00 AM under Chairman Anuruddha Mahaweli's leadership in an effort to secure approval for the budget.
A total of 16 members from the National People's Power, including the Chairman, expressed their support for the budget, while 18 members of the united opposition cast their votes against it.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
