දීපාවලියට ටෝකන් ක්‍රමයට ගෑස් බෙදයි...


 දින කිහිපයකට පසු බගවන්තලාව නගරයේ ලිට්රෝ ගෑස් අලෙවි නියෝජිතයන්ට ලිට්රෝ සමාගම විසින් (06) දින ගෑස් තොග නිකුත් කරන ලදී.

ලිට්රෝ ගෑස් පාරිභෝගිකයා විසින් ගෑස් අලෙවි නියෝජිතයාට මුදල් සහ හිස් ගෑස් සිලින්ඩරය කලින් ලබා දී තිබූ අතර, එසේ මුදල් සහ ගෑස් සිලින්ඩර් ලබා දුන් පාරි‍භෝගිකයන්ට ප්‍රමුඛතාවය ලබා දී ගෑස් සිලින්ඩර් (06) දින බගවන්තලාව අලෙවි නියෝජිතයා නිකුත් කල බවයි ගෑස් සිලින්ඩර් ලබා ගැනීමට පැමිණි පාරිභෝගිකයන් කියා සිටියේ.

එම අලෙවි නියෝජිතයාට සමාගම විසින් සිමිත ගෑස් සිලින්ඩර් ප්‍රමාණයක් පමණක් ලබා දී ඇති අතර, එම අලෙවි නියෝජිතයන්ට ගෑස් තොග ලබා දෙන අවස්ථාවේ ගෑස් සිලින්ඩර් ලබා ගැනීම සදහා පාරිභෝගිකයන් අලෙවි නියෝජිත වෙළදසැල් ඉදිරිපිට පෝලිමේ රැදි සිටියහ.

රංජිත් රාජපක්ෂ   





Litro Gas Distributes Supply to Dealers in Bagawantalawe

After several days of waiting, Litro Gas has commenced distribution of gas stock to its dealers in Bagawantalawe, with new supplies released on the 6th of the month.

According to local consumers, who had previously paid for their gas cylinders and handed over empty ones to the dealers, priority was given to those customers on the distribution day. They reported that the dealers began issuing gas cylinders on the 6th, ensuring that those who had completed their transactions received their supplies first.

However, it was noted that the company provided only a limited number of gas cylinders to the dealers. Consequently, many customers were seen queuing outside the dealers' shops, waiting to secure their gas cylinders as the stocks were released.

Ranjith Rajapaksha



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

1 Comments

  1. ගෑස් තියෙනවා ඕනෑ තරම්, මේකේ බොරු නිවුස් මවලා දානවා රට්ටු රවට්ටන්ඩ.

    ReplyDelete
Previous Post Next Post