නාවලපිටිය නගර සභාවේ කුණු එකතු කිරීමේ ලොරි රථයේ රියදුරු ලෙස කටයුතු කරන මංජුල බණ්ඩාර නැමැති පුද්ගලයා (05) දින සිය රාජකාරියේ යෙදී සිටියදී නගරය මධ්‍යයේදී නාවලපිටිය සමඟ ජන බලවේග ආසන සංවිධායක සසංක සම්පත්, පස්බාගේ කෝරලයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්, නාවලපිටිය නගර සභාවේ මන්ත්‍රීවරයෙක් ඇතුළු කණ්ඩායමක් විසින් රාජකාරි කරන ලොරි රථය හරස්කර වෑන් රථයකින් පැමිණ තමන්ට තර්ජනය කර තම රාජකාරියට බාධා කළ බවත්, පවසමින් නාවලපිටිය පොලිසියට පැමිණිල්ලක් සිදු කර ඇත.
පැමිණිලිකරු සඳහන් කරන ආකාරයට වෑන් රථයේ සිටි එක් අයකු පිස්තෝලයක් තමන් දෙසට එල්ල කර මරණිය තර්ජන සිදුකළ බවත්, අඉන් අනතුරුව ජයතිලක ක්‍රීඩාංගණය අසලට ගොස් එතැන් සිට දුරකථන මාර්ගයෙන් ආසන සංවිධායකවරයාගේ හඬින් යුතුවම තමාට තර්ජනය කළ බව නාවලපිටිය නගර සභාවේ කුණු එකතු කිරීමේ ලොරි රථයේ රියදුරු කියා සිටියි.
ආසන සංවිධායකවරයා තමන්ට මෙසේ නිතර මරණීය තර්ජන සිදුකිරීමට හේතුව ලෙස පැමිණිලිකරු කරුණු සඳහන් කරන්නේ පසුගිය මැතිවරණයේදී ප්‍රාදේශීය සභාවේ බෝනස් මන්ත්‍රී ධූරයක් ලබාදීම වෙනුවෙන් ආසන සංවිධායකවරයා තමන්ගෙන් ලක්ෂ 05 ක මුදලක් ඉල්ලා සිටි බවත්, තමන් එය ලබාදීමට අකමැති වී ඇති වූ බහින්බස්වීම බවයි.
(05) දිනයේ නාවලපිටිය පස්භාගේ කෝරළේ ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කළ 2027 අයවැය කෙටුම්පත සජබ මන්ත්‍රීවරුන් ඇතුළු විපක්ෂය එකතුව පරාජයට පත් කිරීමෙන් අනතුරුව තිබූ මත්පැන් සාදයකින් අනතුරුව මෙසේ සංවිධායකවරයා සහ පිරිස තමන්ට තර්ජනය කළ බවයි.
අයවැය කෙටුම්පත සහ අයවැය පිළිබඳ අතර වෙනස නොදන්නා මෙවැනි උඩඟු සංවිධායකවරයෙක් යටතේ සිටීමට අකමැති සජඹ පාක්ෂිකයන් වෙනම කන්ඩායමක් ලෙස දේශපාලනය කිරීම නිසා නාවලපිටිය ආසනය තුළ සජබෙහි ඡන්ද පදනම අඩු වී ඇති බවත්, නාවලපිටිය සහ හැටන් උසාවි දෙකකට වෛද්‍ය වාර්තා ඉදිරිපත් කර පෙනී නොසිටින සංවිධායකවරයා අවිආයුධ සමග නගරයේ සැරිසරන්නේ කෙසේද යන්න ප්‍රශ්නයක් බවත්, මේ පිළිබඳ විධිමත් විමර්ශනයක් කර තමන්ට සාධාරණයක් ඉටු විය යුතු බව රියදුරු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.
මේ පිළිබඳ අප නාවලපිටිය පොලිසියේ ස්ථානාධිපති කේ.එම්. කුලතුංග මහතාගෙන් කළ විමසීමකදී ඉදිරි විමර්ශන ආරම්භ කර ඇති බවත්, නිසියාකාරයෙන් නීතියක් සිදුකිරීමට තමන් බලාපොරොත්තු වන බවත් ප්‍රකාශ කළහ.
රංජිත් රාජපක්ෂ
City Garbage Collector Receives Death Threats from Local Politicians
In a shocking incident in Nawalpitiya, a garbage truck driver named Manjula Bandara reported that he was threatened during his duties on the 5th of the month. The intimidation came from a group that included Sasanaka Sampath, a local organizer of the People’s Force, a member of the Pradeshiya Sabha of Pasbkage Korala, and a councilor from the Nawalpitiya Municipal Council.
According to Bandara, the group obstructed the operational garbage truck and emerged from a van, threatening him. One individual from the van reportedly pointed a gun at him, issuing death threats while also continuing to threaten him via phone after they had moved away from the scene towards the Jayathilaka Sports Complex.
Bandara explained that these threats stemmed from a past incident during the local elections when the organizer allegedly requested a bribe of 500,000 rupees in exchange for a bonus councilor seat on the Pradeshiya Sabha. Bandara was not willing to comply with this demand, which he believes led to the ongoing intimidation.
The threats surfaced following a drinking party that occurred after the opposition successfully defeated the budget proposal presented by the National People’s Force on that same day. This context adds to the already volatile political environment in the region, which has seen decreasing support for the ruling faction among local constituents.
Bandara raised concerns about the safety of citizens when armed individuals are allowed to roam the city unchecked, particularly noting the absence of the organizer from regular duties despite medical reports filed for the Nawalpitiya and Hatton constituencies. He emphasized the need for a thorough investigation into the matter to ensure justice is served.
In response to the incident, K.M. Kulathunga, the Officer in Charge of the Nawalpitiya Police, confirmed that an investigation has been initiated, and he expressed hope for the law to be duly enforced in this case.
By Ranjith Rajapaksha
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
