රුවන්වැලි සෑ පරිශ්‍රයේ සත්‍යග්‍රහයකට සැරසුණු හිමිවරුන් පොලිසියෙන් ඉවත් කරයි.. උණුසුම් තත්ත්වයක්...


අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි මහා සෑය අසල පිහිටි දන්සැල් භූමියේදී භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිසක් උපවාසයක් ආරම්භ කිරීමට උත්සාහ කිරීමත් සමඟ එම ස්ථානයේ දැඩි නොසන්සුන්කාරී වාතාවරණයක් හටගත්තේය.

භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ පිරිසක් අදාළ භූමියේ කූඩාරමක් ඉදිකර උපවාසය ආරම්භ කිරීමට සූදානම් වූ අවස්ථාවේදී වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණ ඇත. 

අනතුරුව එම ස්ථානයෙන් ඉවත්ව යන ලෙස පොලිසිය කළ දැනුම්දීම නොතකා රැඳී සිටි පිරිස බලහත්කාරයෙන් ඉවත් කිරීමට පියවර ගැනීමත් සමඟ මෙම උණුසුම් තත්ත්වය හටගෙන තිබේ.

එහිදී පොලිස් නිලධාරීන් සහ භික්ෂූන් වහන්සේලා අතර දැඩි තෙරපීමක් හා පොරබැදීමක් සිදුව ඇති අතර, හිමිවරුන් පොලිස් ජීප් රථවලට නංවා ගැනීමට උත්සාහ කිරීමේදී උණුසුම් තත්වයක් ඇති විය. 

මෙම සිදුවීමත් සමඟ පුදබිමට පැමිණ සිටි සැදැහැවතුන් සහ ප්‍රදේශවාසීන් පොලිසියේ ක්‍රියාකලාපයට දැඩි විරෝධය පළ කරමින් බහින්බස්වීම්වල නිරත වීම හේතුවෙන් ප්‍රදේශය පුරා මහත් ආන්දෝලනාත්මක තත්ත්වයක් නිර්මාණය විය.

ඓතිහාසික අනුරාධපුර ශුද්ධ නගරය සහ පූජා භූමි කලාපය තුළ සාමකාමී ආගමික වතාවත්වලට බාධා වන අයුරින් අනවසර උද්ඝෝෂණ, විරෝධතා හෝ සත්‍යග්‍රහ පැවැත්වීම වැළැක්වීමට නීතිය ක්‍රියාත්මක කරන අංශ දැඩි පියවර ගනිමින් සිටියි. 

පූජා භූමියේ පූජනීයත්වයට හා මහජන සාමයට හානි සිදුවන ඕනෑම ක්‍රියාවක් මැඩපැවැත්වීම සඳහා පොලිස් ආරක්ෂාව තර කර ඇති පසුබිමක මෙම සිදුවීම වාර්තා වී ඇත.

කෙසේවෙතත්, පොලිස් මැදිහත්වීම හමුවේ අදාළ පිරිස එම ස්ථානයෙන් ඉවත් කර තත්ත්වය පාලනය කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ.






Clashes Erupt at Anuradhapura Amid Monks' Hunger Strike Attempt

An uneasy atmosphere descended upon the sacred grounds near the historic Ruwanweli Maha Seya in Anuradhapura as a group of monks attempted to commence a hunger strike. Tensions flared when police intervened to prevent the protest.

As a prominent contingent of monks prepared to erect a makeshift shelter for their demonstration, law enforcement officials swiftly arrived on the scene. Their primary objective was to disperse the gathering, which had not complied with police orders to vacate the area.

The situation escalated when police took measures to remove the monks, resulting in a confrontation that saw both sides engage in a fierce struggle. The monks attempted to cling to police vehicles as the atmosphere became increasingly volatile.

In reaction to the police actions, individuals who had come to offer support at the site, alongside local residents, expressed their discontent. Many took to the streets in protest, creating a significant disturbance throughout the area.

This incident has drawn attention to the delicate balance of maintaining peaceful religious observances in the historic precincts of Anuradhapura. Authorities are strictly enforcing laws to prohibit unapproved demonstrations, protests, or sit-ins that disrupt worship or public peace.

Amid heightened security aimed at preserving the sanctity of the worship area and public tranquility, this latest episode has sparked scrutiny and criticism. Nevertheless, law enforcement has managed to control the situation, successfully guiding the involved parties away from the site.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post