බංග්ලාදේශය දැඩි විදුලි අර්බුදයක.. රටපුරා විරෝධතා ඇවිලේ...

 


විදුලි උත්පාදන ධාරිතාව ඉහළ නැංවීම සඳහා ඉදි කළ විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ඉන්ධන මිලදී ගැනීම සඳහා මුදල් නොමැති වීම හේතුවෙන් බංග්ලාදේශය වසර ගණනාවක් පුරා ප්‍රධාන විදුලි හිඟයකට මුහුණ දී සිටින බව වාර්තා වේ. 

ඉන්ධන හිඟය, ඉහළ යන LNG පිරිවැය සහ ඉහළ යන ණය බර බංග්ලාදේශයේ අඛණ්ඩ විදුලි ඇනහිටීම් පිටුපස ඇති ගැඹුරු අර්බුදය හෙළි කරන බව S&P වාර්තා පෙන්වා දෙයි.

විශේෂයෙන් S&P ගෝලීය සංඛ්‍යාලේඛනවලට අනුව, 2026 වසරේදී බංග්ලාදේශයේ විදුලි උත්පාදන ධාරිතාව ගිගාවොට් 30කට (GW) ආසන්න මට්ටමකට ළඟා වී ඇති අතර, එය එරට උපරිම විදුලි ඉල්ලුමට වඩා සැලකිය යුතු ලෙස වැඩි ප්‍රමාණයකි. 

එහෙත් ගෑස් සැපයුම් බාධා, මැදපෙරදිග යුද තත්ත්වය හේතුවෙන් ආනයනික ඉන්ධන පිරිවැය ඉහළ යෑම සහ බලාගාර අක්‍රියව පැවතීම හෝ නියමිත ධාරිතාවට වඩා අඩුවෙන් ක්‍රියාත්මක වීම නිසා වසර තුළ විදුලි හිඟය ඉහළ ගොස් තිබේ.

බංග්ලාදේශයේ විදුලි නිෂ්පාදනය ස්වාභාවික ගෑස් මත දැඩි ලෙස රඳා පවතින නමුත්, 2015 සහ 2025 අතර කාලසීමාව තුළ එරට දේශීය ගෑස් නිෂ්පාදනය 38%කින් පහත වැටී ඇති බව එම වාර්තාවේ දැක්වේ. ඒ හේතුවෙන් එම කාලය තුළ රජය සතු බලශක්ති සමාගමක් වන 'පෙට්‍රොබංග්ලා' ආයතනයට ආනයනික LNG වෙත වැඩි වැඩියෙන් යොමු වීමට සිදු වී තිබේ.

තවද, ඩකා නගරයේ බලශක්ති පැවැත්ම අධික ලෙස LNG මත රඳා පැවතීම මෙම අර්බුදය හමුවේ එරට මුහුණ දෙන තවත් ප්‍රධාන අභියෝගයක් බව එම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.

පවතින විදුලි හා ගෑස් සැපයුම් හිඟය හේතුවෙන් කර්මාන්තශාලාවලට දිනකට සාමාන්‍යයෙන් පැය 4.1ක විදුලි කප්පාදුවකට හා පැය 3.2ක ගෑස් සැපයුම් බාධාවන්ට මුහුණ දීමට සිදුව ඇත.

2026 අප්‍රේල්-ජුනි කාර්තුව තුළ සමස්ත කාර්මික නිෂ්පාදනය 0.4%කින් පහළ ගොස් ඇති අතර, රෙදිපිළි කර්මාන්තශාලාවල ධාරිතා භාවිතය 73% සිට 55% දක්වාත් නිෂ්පාදනය 20%කින් ද පහත වැටී ඇති නමුත් නිමි ඇඳුම් නිෂ්පාදනය 2%කින් වර්ධනය වී ඇති බව එහි දැක්වේ.

මීට අමතරව සමීක්ෂණයට ලක් වූ කර්මාන්තශාලාවලින් 94%ක අමුද්‍රව්‍ය පිරිවැය ඉහළ ගොස් සේවා නියුක්තිය 1%කින් සහ නව බඳවා ගැනීම් 19%කින් අඩු වී ඇතත්, ඉදිරි ජූලි-සැප්තැම්බර් කාර්තුවේ නිෂ්පාදන වර්ධන අපේක්ෂා දර්ශකය 54ක් ලෙස ධනාත්මක මට්ටමක පවතින බව ද එම වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.





Bangladesh Faces Prolonged Power Crisis Amid Fuel Shortages and Rising Costs

Bangladesh is grappling with a persistent power crisis, stemming from a severe lack of funds to purchase necessary fuel for newly constructed power plants. This ongoing issue has left the nation in a precarious energy deficit for several years.

Recent reports from S&P highlight a deeper crisis fueled by escalating LNG costs and a growing debt burden, revealing the underlying challenges behind the country's incessant power outages.

According to S&P's global statistics, Bangladesh's electricity generation capacity is poised to reach around 30 gigawatts (GW) by 2026, a significant increase over the country’s peak electricity demand.

However, the situation is exacerbated by disruptions in gas supply, rising import costs due to regional conflicts, and the inability of power plants to operate at full capacity, leading to an increase in electricity shortfalls over the past year.

While Bangladesh’s electricity production heavily relies on natural gas, a report indicates that domestic gas production has plummeted by 38% between 2015 and 2025. This decline has compelled the state-owned energy company, Petrobangla, to increasingly rely on imported LNG during this period.

Moreover, the heavy reliance on LNG for energy supply, particularly in the capital, Dhaka, poses another significant challenge amid the ongoing crisis.

Due to the current deficits in electricity and gas supply, industries are subjected to an average daily power cut of 4.1 hours and gas supply disruptions lasting 3.2 hours.

The overall industrial production decreased by 0.4% during the April-June quarter of 2026, with textiles experiencing a drop in capacity utilization from 73% to 55%, alongside a 20% decline in production. Conversely, ready-made garment production saw a modest growth of 2% during the same timeframe.

Additionally, 94% of surveyed factories reported rising raw material costs, resulting in a 1% decrease in service activity and a 19% drop in new recruitments. Nonetheless, the production growth expectation index for the upcoming July-September quarter remains positive, recorded at 54.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post