ශ්‍රී ලංකා නාවික හමුදාව, දෙවුන්දරට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ සිදු කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී, හෙරොයින් සහ අයිස් බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ යාත්‍රාවක් සමඟ ජාවාරම්කරුවන් හත් දෙනෙකු (07) අත්අඩංගුවට ගනු ලබීය.
නාවික හමුදාව දේශීය හා විදේශීය බුද්ධි අංශ සහ සමුද්‍රිය හවුල්කරුවන් සමඟ එක්ව, ශ්‍රී ලංකාවේ අනන්‍ය ආර්ථික කලාපයෙන් ඔබ්බට මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් දියත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස, මෙම මෙහෙයුම සාර්ථකව සිදු කරන ලදී.
ඒ අනුව, නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් සමඟ ධජ රහිත යාත්‍රාව, මේ වන විට ඉදිරි විමර්ශන සහ නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දීමට ගොබිමට රැගෙන එමින් සිටියි.
ඉන්දියානු සාගරයේ ඇති නෞකා ගමන් මාර්ග ඔස්සේ නිදහස් මුහුදු ගමනාගමනය තහවුරු කිරීම වෙනුවෙන්, ශ්‍රී ලංකා නාවික හමුදාව කලාපීය සහ ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ සිදුකල ශක්තිමත් සම්බන්ධීකරණයක ප්‍රතිඵලයක් ලෙස මෙම මෙහෙයුම සාර්ථකව සිදුකිරීමට හැකි විය.
එමෙන්ම, ශ්‍රී ලංකා නාවික හමුදාව ලොව විශාලතම බහු ජාතික නාවික සන්ධානය වන, ඒකාබද්ධ සමුද්‍රීය බලකායේ සාමාජිකත්වය ලබා තිබීම සහ කොළඹ තොරතුරු විලයන මධ්‍යස්ථානය හරහා තත්‍යකාලීන නිවැරදි තොරතුරු සහිතව සමුද්‍රීය වසම් පිළිබඳ සියලු සමුද්‍රිය පාර්ශ්වයන්ගේ දැනුවත්භාවය ශක්තිමත් කර ඇත.
කොළඹ තොරතුරු විලයන මධ්‍යස්ථානය හරහා බුද්ධි තොරතුරු සහ සමුද්‍රීය තර්ජන තක්සේරු කිරීම් සඳහා චන්ද්‍රිකා තාක්ෂණය ඇතුළු නවීන තාක්ෂණය ඔස්සේ ලබාගන්නා දත්ත ඒකාබද්ධ කෙරෙන අතර, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමඟ සිදුකෙරෙන ඒකාබද්ධ ගුවන් ආවේක්ශන සහ නිරීක්ෂණ මගින්, සාගරයේ නිරීක්ෂණ වපසරිය පුළුල් කර ඇත.
Sri Lanka Navy Captures Seven Drug Traffickers in Major Operation
In a significant operation in the international waters south of Devundara, the Sri Lanka Navy apprehended seven individuals suspected of trafficking a large quantity of heroin and crystal meth, commonly known as ice. This successful operation was conducted in collaboration with local and foreign intelligence agencies, and maritime partners, highlighting the navy's commitment to combating drug trafficking beyond Sri Lanka's economic zone.
The captured suspects, along with an undocumented vessel, are currently being transported to shore. The vessel will be handed over to the Police Narcotics Bureau for further investigations and legal proceedings.
This operation is part of the Navy's broader strategy to ensure secure maritime navigation in the Indian Ocean, benefitting from robust cooperation with regional and international partners. It underscores the effectiveness of their collective efforts to thwart drug smuggling activities.
Moreover, the Sri Lanka Navy's membership in the world's largest multinational naval coalition, the Combined Maritime Forces, enhances its operational capabilities. The coordination through the Colombo Information Fusion Center has significantly bolstered the awareness of all maritime stakeholders concerning potential threats.
Through the use of advanced technologies, including Chandrika technology, data is integrated to facilitate intelligence gathering and maritime threat assessments. Collaborations with the Sri Lanka Air Force have further strengthened naval surveillance capabilities, expanding the monitoring reach over the waters.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ලංසාගේ ඒව ද දන් නෑ.
ReplyDelete