සභාපති ඉල්ලා අස්වේ.. දේශපාලන ඇගිලිගැසීම් නිසා බව ලිඛිතව දන්වයි..


 බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ගාමිණී ජාසිංහ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. 

බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා වෙත ලිපියක් යොමු කරමින් ඔහු සිය ඉල්ලා අස්වීම නිල වශයෙන් භාර දී ඇත.

අනවශ්‍ය දේශපාලන මැදිහත්වීම් හේතුවෙන් අධිකාරිය තුළ අභියෝගාත්මක තත්ත්වයක් උද්ගතව ඇති බව ජාසිංහ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය මගින් දැනුම් දී ඇතැයි වාර්තා වේ.

2024 වසරේ දෙසැම්බර් මස 16 වැනිදා බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ධුරයට පත් වූ ගාමිණී ජාසිංහ මහතා, සිය ධුර කාලය තුළ මගී ප්‍රවාහන ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් සුවිශේෂී පියවර රැසක් ගනු ලැබීය.

විශේෂයෙන්ම බස් රියැදුරන් සහ කොන්දොස්තරවරුන් මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනයේ යෙදීම වැළැක්වීම සඳහා හදිසි පරීක්ෂා කිරීම් ක්‍රියාත්මක කිරීමටත්, 'ක්ලීන් ශ්‍රී ලංකා' වැඩපිළිවෙළ යටතේ බස් රථවල විනය හා ප්‍රමිතිය ඉහළ නැංවීමටත් ඔහු ක්‍රියාකාරීව මැදිහත් විය.





Gamini Jasinghe Resigns as Chairman of Western Provincial Bus Transport Authority

Gamini Jasinghe has officially stepped down from his role as chairman of the Western Provincial Bus Transport Authority, a decision he communicated through a letter to the provincial governor.

In his resignation letter, Jasinghe highlighted the emergence of a challenging environment within the authority, attributing it to unnecessary political interference.

Appointed to the chairmanship on December 16, 2024, Jasinghe undertook several significant initiatives aimed at advancing the passenger transport sector during his tenure. His efforts included the implementation of surprise inspections designed to prevent bus drivers and conductors from using narcotics while operating vehicles.

Furthermore, he took active measures to enhance discipline and standards within the buses under the 'Clean Sri Lanka' initiative, showcasing his commitment to improving the quality of public transport.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

2 Comments

  1. ඔව්, මේ ආණ්ඩුවත් එක්ක වැඩ කරණ එක ලේසි නෑ, නිකම්වත් හොරා කන්ඩ කම්මැලිකමට ඉන්ඩ, කාර්යාල වෙලාවේ පත්තර බලන්ඩ, බොරු කිය කිය ඉන්ඩ, පෞද්ගලික ගමන් බිමන් යන්ඩ, සල්ලි නහස්ති කරන්ඩ, මුකුත් බෑ, එතකොට ගොඩක් පෘථග්ජන ශ්‍රී ලාංකිකයන්ට ඉන්ඩ බෑ.

    ReplyDelete
    Replies
    1. අනේ බං.. උඹලගෙම ආණ්ඩුව පත් කරපු සභාපති. කලින් ඉඳල නෙවෙයි. උඹලගේ ආණ්ඩුව පත් කරපු සභාපති දේශපාලන බලපෑම් කියනව කියන්නේ උහුලන්න බැරි මගඩි කරන්න කියන හින්ද. අන්තිමට ඔය හොර මගඩි සභාපති පිටින් යවන හින්ද. උඹල වගේ ගොන් නාම්බෝ තප්පුලනවා.

      Delete
Previous Post Next Post