ජනපතිට සුබ උපන් දිනයක්..


 ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ නවවන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ අනුර කුමාර දිසානායක මහතා අද (නොවැම්බර් 24) සිය 58 වන උපන්දිනය සමරනු ලබයි. 

ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව ඒ මහතා සමරනු ලබන තෙවන උපන්දිනය ද මෙය වේ.

1968 වසරේ නොවැම්බර් මස 24 වන දින උපත ලැබූ අනුර කුමාර දිසානායක මහතා අනුරාධපුර තඹුත්තේගම ප්‍රදේශයෙන් මූලික අධ්‍යාපනය ලබා අනතුරුව කැලණිය විශ්වවිද්‍යාලයෙන් භෞතික විද්‍යා විශේෂ උපාධිය සම්පූර්ණ කළේය. 

ශිෂ්‍ය දේශපාලනය හරහා සක්‍රීය දේශපාලන ප්‍රවාහයට එක්වූ ඒ මහතා, ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයට ද පත්විය.

2000 වසරේදී ප්‍රථම වරට පාර්ලිමේන්තුවට පිවිසි දිසානායක මහතා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය ධුරය මෙන්ම පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය ද හොබවා ඇත. 

පසුගිය 2024 සැප්තැම්බර් මාසයේ පැවති ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරමින් ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ 9 වන විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් ඒ මහතා, පසුව පැවති මහ මැතිවරණයෙන් ද සිය පක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු බහුතර බලයක් දිනා ගැනීමට නායකත්වය ලබා දුන්නේය.

ජනාධිපතිවරයාගේ උපන්දිනය නිමිත්තෙන් දෙස් විදෙස් දේශපාලන නායකයින්, රාජ්‍ය තාන්ත්‍රිකයින් මෙන්ම පුරවැසියන් රැසක් ද සමාජ මාධ්‍ය ඔස්සේ හා නිල මාර්ගවලින් සිය සුබපැතුම් එක්කරමින් සිටිති.





Anura Kumara Dissanayake Celebrates 58th Birthday as Sri Lanka's President

Today, November 24, Anura Kumara Dissanayake, the President of the Democratic Socialist Republic of Sri Lanka, marks his 58th birthday, celebrating this milestone as the country's ninth executive president.

This is the third birthday he has celebrated since assuming office. Born in 1968 in the Tambuttegama area of Anuradhapura, Dissanayake completed his primary education there before earning a special degree in physics from the University of Kelaniya.

His political journey began through student politics, which paved the way for his leadership role in the Janatha Vimukthi Peramuna (JVP). Dissanayake first entered Parliament in 2000, taking on various ministerial positions, including that of Minister of Agriculture, Livestock, Land, and Irrigation, as well as serving as the main organizer of the opposition in Parliament.

Having secured victory in the presidential elections held in September 2024, he took office representing the National People's Power. He subsequently led his party to gain a parliamentary majority in the following general elections.

As his birthday is celebrated, political leaders, diplomats, and citizens alike are sending their warmest wishes through social media and official channels.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

4 Comments

  1. නාකි මයිනෙක් වෙන්න තව අවුරුදු දෙකයි

    ReplyDelete
  2. ඔටුණු පැළඳ සිටියත් සිහසුනේ මත,
    ඔබ ගොං රජෙකි මේ මහ ගොං රැළට හිත,
    අදැමිටු, කුහක, පාදඩ කම් නිමක් නැත,
    ඔබ වැනි අමනයෙක් සිරි ලක හිටියේ නැත (උපුටා ගැනීමකි)
    පොල්ල හංගගෙන ඇට දෙකෙන් ගහනවා වගේ හොර, තක්කඩි වැඩ කරන අපේ රට, දැය, සමය වනසන පරගැති, හොරිකඩ, දෙලොවටම නැති
    නූතන එළාරයා, ඩබල් පොකට්, අඩු කුලේ ත්‍රස්තවාදී, දේශ ද්‍රෝහී, වැඩ බැරි, කයියනායක, රොඩී ජෙප්පා ප්‍රමුඛ වහන්තරා මාලිමා ආණ්ඩුව ජනතාවට වසන්කර අත්සන් කරන ලද ජාත්‍යන්තර ගිවිසුම් ප්‍රමාණය කොපමණද? කල්ලතෝනි තොපි
    ටිං ටිං හාලියා ඇතුළු ත්‍රස්තවාදී ජෙප්පන් ගේත්, දේශ ද්‍රෝහී, ශාසන විරෝධී කල්ලි වල කූඨ උපක්‍රම තවදුරටත් ක්‍රියාත්මක කරන්න අපේ උතුම් බුද්ධ භූමියේ කොයිතරම් නම් විනාශයන් සිදුකෙරුවාද? තවත් කූඨ සැලසුම් ක්‍රියාත්මක කරමින් සිටිනවාද? මාලිමා වහන්තරාවට රැවටිලා තොපිට චන්දය දීපු ජනතාවත් ඒ කරපු මෝඩකම් ගැන සෝ සුසුම් හෙලනවා, වැඩ බැරි, ත්‍රස්තවාදී ජෙප්පන් මැති ඇමතිවරු වෙලා ඉතාමත් කෙටි කාලයක් තුළ අසීමිතව උපයාගත් ධනය පිළිබඳ ඉතාම වැදගත් සාක්ෂි සහිතව පැමිණිලි කෙරුවත් අල්ලස් කොමිසමේ මහ එකාත් ත්‍රස්තවාදී ජෙප්පෙක් නිසා ඒවා යට ගසා විරුද්ධ පාක්ෂිකයන් පමණක් මර්ධනය කරමින් සිටින බව දකින විට. තොපේ අනීතික නියෝග ක්‍රියාත්මක කරන පාහර බල්ලන් අපේ බදු මුදලින් නඩත්තු වෙමින් අපේ උතුම් පින් බිමේ සිදුකරන මේ මහා පාප කර්ම ඉවසාගෙන ඉන්න එකත් පුදුමයි තොපි හැතිකරයම පොලොව පලාගෙන ඇදගෙන යන්නේ නැතුව 🤮 තව දුරටත් අපේ බදු මුදල් කාබාසිනියා කරමින් 3% බත් කන හරකුන්ට මෝඩ චූන් දෙන්නේ නැතුව තොපේ නොහැකියාව පිලි අරගෙන පාර්ලිමේන්තුව විසුරුවා හැර ඉක්මන් මහා මැතිවරණයක් කැඳවපියව් 😡 එහෙම නැතිව තවදුරටත් බොරුවෙන්, මර්ධනයෙන් බලය පවත්වාගෙන යන්න උපක්‍රම යෙදුවොත් අපේ වස් කවි පමණක් නොව මාලිමා වහන්තරාවට රැවටිලා තොපිට චන්දය දීපු ජනතාව හෙලන සෝ සුසුම් පවා වස් කවි බවට පත්වී තොපි හැතිකරයම නියත නිරය කරා ඇදගෙන යන දිනය ඉක්මන් වේවි. 😡😡😡 අද උතුම් ඉල් පුර පසළොස්වක පොහෝ දිනයේ ශාසනාරක්ෂක දෙවි දේවතාවුන් වහන්සේලා අපගේ පින් අනුමෝදන් වී අපගේ උතුම් බුද්ධ භූමිය, අපේ රට, දැය, සමය බොරුවෙන් රජවූ එකා ප්‍රමුඛ උගේ ත්‍රස්තවාදී ජෙප්පන්ගෙන්, කල්ලතෝනින් ගෙන් රැකදේවා🙏🙏🙏

    ReplyDelete
  3. භෞතික විද්‍යාව උපාධියක් තිබෙන බවනම් පේන්නෙ නැහැ කියන ඒවා හැටියට. මූදු වතුරෙන් සල්ෆියුරික් අම්ලය හදන කොට ඇප නැතිව පරාදවෙයි

    ReplyDelete
Previous Post Next Post