ජලාශ අටම පිරී භූකම්පන අවදානමක්...


 ප්‍රධාන ජලාශ අටම ජලයෙන් පිරී පවතින බැවින් මධ්‍යම කඳුකරයේ සුළු භූ කම්පන තත්ත්වයන් ඇතිවීමේ හැකියාවක් තිබෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගර්භ විද්‍යාව පිළිබඳව සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා පැවසීය.

වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ, කොත්මලේ, පොල්ගොල්ල, බෝවතැන්න, කාසල්රී සහ මවුස්සාකැලේ ජලාශ මේ වන විට උපරිම ජලධාරිතාවක් පෙන්නුම් කරන බවද ඇතැම් ජලාශ පිටාර මට්ටම ඉක්මවා ඇති බවද මහාචාර්යවරයා ප්‍රකාශ කළේය.

මෙයට පෙර මෙවැනිම අධික වැසි සහිත කාලගුණ තත්ත්වයෙන් පසු කෙටි කලකින් මධ්‍යම කඳුකරයේ දිගන පල්ලේකැලේ මහියංගනය ආශ්‍රිතව භූ කම්පන තත්ත්ව ඇතිවූ බවද මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.

ජලාශවල ජලය දිගු කාලයක් රඳවා තැබීම හේතුවෙන් පොළවේ පාෂාණ ස්ථරයන් පීඩනයට ලක් විය හැකි අවස්ථා මතු විය හැකි බවත් අතුල සේනාරත්න මහතා අවධාරණය කළේය.

සමන්ති වීරසේකර





Potential for Minor Earthquakes in Central Highlands Due to Full Reservoirs

The recent heavy rainfall has led to some of the primary reservoirs in the Central Highlands reaching full capacity, raising concerns about the possibility of minor seismic activity in the region. This insight comes from Professor Athula Senaratne, a distinguished expert in geosciences at the University of Peradeniya.

Reservoirs such as Victoria, Randeniya, Rantembe, Kotmale, Polgolla, Bowathenna, Kassalgama, and Mausakelle are currently showcasing maximum water levels, with some even exceeding their spill thresholds, according to the professor.

Professor Senaratne also highlighted past instances where similar weather conditions, marked by excessive rainfall, have led to short-lived seismic events in areas near the Digana Pallegama region, pointing to a historical precedent for such occurrences.

He emphasized that prolonged retention of water in these reservoirs could intensify pressure on the geological strata beneath the earth's surface, potentially leading to the conditions that might trigger these minor quakes.

Reported by Samanthi Weerasekara.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

1 Comments

  1. අතුලයට පයිත්තියං, ඕකා දන්න රෙද්දක් නෑ, හීනෙන් පේන කෙහෙල්මල් කියවනවා, ප්ලේට් ටෙක්ටොනික්ස් හැප්පෙන්ඩ ඕනෑ භූ කම්පණ ඇති වෙන්ඩ, ජලාශ පිරුණම ප්ලේට් ටෙක්ටොනික්ස් හෙලවෙන එක අඩු වෙන්ඩ පුළුවන් භෞතික විද්‍යාව අනුව, එතකොට සිදු වෙන්නේ භූ කම්පණ වෙන්ඩ තිබ්බත් ඒවල තීව්‍රතාවය අඩු වෙන එක. අතුලයා භෞතික විද්‍යාව හරියට දන් නෑ, ඒ.ලෙවල් වල ගත්තේ සී පාස් එකක් භෞතික විද්‍යාවට. ඔය යකා හොඳයි හැන්දෑවට සෙට් වෙලා බොන්ඩ, බොරු කිය කිය මදුරුවො තල තල.

    ReplyDelete
Previous Post Next Post