විපක්‍ෂය පාර්ලිමේන්තුවේ බොරු කියනවා.. අපට හරිම කණගාටුයි..- අගමැතිනි


 සියලුම රාජ්‍ය සේවකයන් සහ ගුරුවරුන් වෙනුවෙන් ලබාදීමට නියමිත තෙවන අදියරේ වැටුප් වැඩිවීම කිසිදු වෙනසකින් තොරව එළඹෙන 2027 ජනවාරි මාසයේදී ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී අවධාරණය කළාය.

2027 අයවැය කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය, පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වෙමින් විපක්ෂය විසින් සමාජගත කරනු ලබන පදනම් විරහිත සහ පෞද්ගලික මට්ටමේ අසත්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් සිය දැඩි කනගාටුව පළ කර සිටියාය.

රාජ්‍ය සේවක වැටුප්, ජනාධිපති අරමුදල, අධ්‍යාපන සුබසාධනය මෙන්ම ස්වාධීන කොමිෂන් සභාවල ප්‍රගතිය පිළිබඳව දීර්ඝ පැහැදිලි කිරීමක් කළ අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ, මූලික වැටුප අදියර තුනකින් ඉහළ නැංවීමේ රජයේ සැලැස්මට අනුව 2025 සහ 2026 වසරවලදී පළමු හා දෙවන අදියරයන් සාර්ථකව ක්‍රියාත්මක කළ බවයි. ඒ අනුව පොරොන්දු වූ පරිදිම තුන්වන වැටුප් වැඩිවීම ද ලබන ජනවාරියේදී සියලු රාජ්‍ය නිලධාරීන්ට හිමිවන බව ඇය තහවුරු කළාය.

පවතින වැටුප් හා විශ්‍රාම වැටුප් විෂමතා නිරාකරණය කිරීම සඳහා පත්කරන ලද විශේෂ විද්වත් කොමිෂන් සභාවේ අවසන් නිර්දේශ වාර්තාව 2027 ජූලි මාසයේදී රජය වෙත ලැබීමට නියමිත බවත්, එකී නිර්දේශයන්ට අනුව අදාළ විෂමතා ක්‍රමානුකූලව නිවැරදි කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත් අග්‍රාමාත්‍යවරිය මෙහිදී පෙන්වා දුන්නාය.

ජනාධිපති අරමුදලේ සේවාවන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටම දක්වා මාර්ගගත (Online) ක්‍රමවේදය ඔස්සේ විමධ්‍යගත කිරීමේ සුබවාදී ප්‍රතිඵල මේ වන විට ජනතාවට ලැබෙමින් පවතින බව සඳහන් කළ අගමැතිනිය, 2025 වසරේදී 1,664ක්ව පැවති ප්‍රතිලාභීන් සංඛ්‍යාව 2026 වසර වන විට 27,948ක් දක්වා දැවැන්ත ලෙස ඉහළ ගොස් ඇති බව හෙළි කළාය.

විනිවිදභාවයෙන් යුත් රාජ්‍ය මූල්‍ය පාලනය හේතුවෙන් පසුගිය වසර දෙක තුළ ජනාධිපති අරමුදලේ මූල්‍ය ශක්තිය 150% වර්ධනය කරගැනීමට හැකිවූ බවද ඇය ආඩම්බරයෙන් සිහිපත් කළාය.





Government Confirms Pay Increase for State Workers in January 2027

All state employees and teachers can expect to see a salary increase set to take effect in January 2027, as confirmed by Prime Minister Dr. Harin Fernando during a parliamentary session. This announcement comes as the Prime Minister addressed the discussions related to the 2027 budget committee.

Expressing disappointment over the opposition's dissemination of misleading statements, Dr. Fernando emphasized the need for factual discourse concerning parliamentary privileges. She highlighted that these inaccuracies undermine public trust and discourse.

During her detailed clarification on public sector salaries, the President’s Fund, and advancements within independent commissions, the Prime Minister noted that the government successfully implemented the first and second phases of its salary increment strategy in 2025 and 2026. Therefore, the promised third salary increase will indeed be honored in January.

Furthermore, she revealed that the final report from the special commission established to address disparities in existing salaries and pensions is expected to be submitted to the government by July 2027. According to the Prime Minister, appropriate measures will be taken to rectify the identified disparities based on these recommendations.

Referring to the digital transformation of the services provided through the President’s Fund, she stated that the online systems have begun delivering promising results to the public. The number of beneficiaries, which was 1,664 in 2025, surged dramatically to 27,948 by 2026.

Dr. Fernando proudly noted that due to enhanced public financial management, the financial strength of the President’s Fund has increased by 150% over the past two years.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

1 Comments

  1. Ubala janathavata boru kiyala chandey dinnata return eka thamai.

    ReplyDelete
Previous Post Next Post