කුලය කියන මංගල දැන්වීම් තහනම් කරන්නෑ..- පෝල්රාජ්


 කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය විසින් කුලය සඳහන් කරමින් පළ කෙරෙන විවාහ දැන්වීම් තහනම් කරමින් නව නීතියක් හඳුන්වා දෙන බව සඳහන් කළේ යැයි ඇතැම් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව එම අමාත්‍යාංශය නිවේදනය කරයි.

අමාත්‍යවරියගේ මාධ්‍ය ලේකම්ගේ අත්සනින් යුතුව 2026 නොවැම්බර් 25 වැනිදා නිකුත් කළ පැහැදිලි කිරීමේ නිවේදනයක දැක්වෙන්නේ, අමාත්‍යවරිය සිදු කළ ප්‍රකාශයක් සම්පූර්ණයෙන්ම සන්දර්භයෙන් බැහැර කර විකෘති කරමින් ඇතැම් මාධ්‍ය මෙලෙස අසත්‍ය පුවත් වාර්තා කර ඇති බවයි.

2026 නොවැම්බර් 23 වැනිදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී, ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය තුරන් කිරීමේ දින 16ක ජාතික ක්‍රියාකාරිත්වය පිළිබඳව පැහැදිලි කිරීම සඳහා අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්විණි. 

එහිදී මාධ්‍යවේදියෙකු විසින් විවාහ දැන්වීම් තුළ කුලය වැනි සමාජ නිර්ණායක සඳහන් කරමින් පළ කරන දැන්වීම් හරහා සමාජයේ පිරිස් හිංසනයට සහ වෙනස්කම් කිරීම්වලට ලක්වන බව පෙන්වා දෙමින්, ඒ සම්බන්ධයෙන් රජය මැදිහත් විය යුතු නොවේදැයි විමසා තිබූ බව එම නිවේදනයේ සඳහන් වේ.

ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරිය සඳහන් කර ඇත්තේ, විවාහ මංගල දැන්වීම් වැනි දෑ සම්බන්ධයෙන් පෞද්ගලිකව ගන්නා තීරණයක් නොසලකා හැර කටයුතු කළ හැකි කාරණා පවතින බවයි. කෙසේ වෙතත් ඊට සමගාමීව ලංකාවේ සමාජයේ ගැහැනු පිරිමි දෙපාර්ශ්වයම නොමඟ යවන, මිථ්‍යාව වපුරන වෙළෙඳ දැන්වීම් ඕනෑ තරම් පවතින බවත්, වශී ගුරුකම් සහ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන "තෙල් බින්දුවක් ආලේප කරගත්තම..." වැනි සමාජය හා දරු පරපුර නොමඟ යවන ඉතා පහළ මට්ටමේ වෙළෙඳ දැන්වීම් පවතින බවත් අමාත්‍යවරිය එහිදී පෙන්වා දී ඇත.

මේ සියල්ලම සැලකිල්ලට ගෙන මාධ්‍ය සඳහා ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වා දීමේ නීතිය ගෙන එන බවට ප්‍රකාශ කළේ එබැවින් බවත්, මිනිසුන්ගේ මනෝභාවය වෙනස් කරමින් ඕනෑම සමාජයක් ගමන් කළ යුත්තේ ආපස්සට නොව ප්‍රගමනය කරා ඉදිරියට බවත් අමාත්‍යවරිය එම මාධ්‍ය හමුවේදී පවසා ඇති බව අමාත්‍යාංශ නිවේදනයේ උපුටා දක්වා තිබේ.

ඒ අනුව අමාත්‍යවරියගේ ප්‍රකාශය තුළ කිසිදු ආකාරයකින් විවාහ මංගල දැන්වීම් නියාමනය කිරීමක් හෝ කිසිදු සංස්කෘතික අනන්‍යතාවක් විවේචනය කිරීම, ප්‍රශ්න කිරීම හෝ තහනම් කිරීමක් පිළිබඳ අදහසක් ඉදිරිපත් කර නොමැති බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කරයි.





Minister Saroja Savithri Polraj Denies Misinterpretations on Wedding Announcement Regulations

Allegations circulating in some media reports suggesting that Minister of Women and Child Affairs Saroja Savithri Polraj is set to introduce a new law prohibiting the mention of caste in wedding announcements have been categorically denied by her ministry.

A clarification issued by the Ministry, signed by the minister's media secretary, emphasized that certain media outlets have misrepresented the context of the minister's remarks, distorting the original message.

During a media briefing held on November 23, 2026, at the Government Information Department, the minister led discussions on the National Action Plan aimed at eliminating gender-based violence. The initiative, grounded in the principles of gender equality, seeks to raise awareness and mitigate societal violence.

In the meeting, a journalist raised concerns about the relevance of societal identifiers, such as caste, in wedding announcements, questioning whether government intervention was warranted to prevent the perpetuation of violence and inequality stemming from such practices. This inquiry was highlighted in the ministry's statement.

In her response, the minister pointed out that while individual decisions concerning wedding announcements must be considered, factors exist that warrant action from authorities. She stressed that Sri Lankan society is burdened with misleading advertisements that perpetuate harmful stereotypes, citing derogatory promotions circulating on social media, particularly those that objectify women.

Taking all of this into account, the minister mentioned plans to introduce a code of ethics for the media, aiming to foster a societal mindset that leads to progressive change rather than regression. This sentiment was echoed in her remarks regarding the crucial role of social conduct in shaping public attitudes.

The statement further clarified that the minister has not suggested any regulation of wedding announcements nor has she expressed viewpoints that would challenge or prohibit any cultural identities. The Ministry of Women and Child Affairs reiterated this important point in their response.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

1 Comments

  1. තේසවලාමේ නීතිය නැති කොරලා හිටපන්. ඒ නීතිය නැති වෙන්නේ යාපනයේ දෙමළ පුද්ගලයෙක්, උපතින් යාපනයේ නොවන වෙනත් ප්‍රජාවක අයෙක් (උදා: වතු දෙමළ, හෝ වෙනත් දෙමළ, සිංහල, හෝ මරක්කල) අයෙක් කසාද බැන්දොත්, දෙන්නටම අදාලව එම නීතිය නතර වෙනවා. මේක අමු කුල වාදී නීතියක්, ඕලන්ද කාලේ හඳුන්වපු. ඒ නීතියට වඩා කුල, ජාති බේද සහිත නීතියක් ලෝකේ කොහෙවත් නෑ. ඒත් ඔය මඟුල නැති කරණවා නම්, ඒ ගැන කථා කරන්ඩ මේ සම්මත කුළ ක්‍රමය අනුව වතු දෙමළ ගෑණුන්ට බෑ. මේ අම්මණ්ඩි එහෙම දෙයක් කථා කලොත් හොඳ පද සහිතව යාපනේ දෙමෙළ්ලු මෙතුමි අමතන්නේ. ඒ හින්දා ඒ ගැන එක වදනක් මේ ඇත්තිගේ මුවෙන් එලියට එන් නෑ.

    ReplyDelete
Previous Post Next Post