මෙවර අයවැය යෝජනාවලිය සඳහා වෛද්‍යවරුන් ඉදිරිපත් කළ යෝජනා සම්බන්ධයෙන් රජය මෙතෙක් නිශ්චිත පිළිතුරක් හෝ සාකච්ඡාවක් හෝ ලබා දී නොමැති බවට චෝදනා කරමින්, හෙටින් ආරම්භ වන සතිය ‘කළු විරෝධතා සතියක්’ ලෙස නම් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.
මේ සම්බන්ධයෙන් මහනායක සහ අනුනායක ස්වාමීන් වහන්සේලා දැනුවත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය චන්දික එපිටකඩුව මහතා මේ බව අනාවරණය කළේය.
මෙරට රැඳී සිටිමින් මහජනතාවට සේවය සලසන විසිහතර දහසකට අධික වෛද්‍යවරුන් පිරිසක් තම සංගමය නියෝජනය කරන බවද ඒ මහතා සඳහන් කළේය.
වෛද්‍යවරුන් මුහුණ දී සිටින ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා වෙත අවස්ථා හතරකදීත්, අග්‍රාමාත්‍යවරිය වෙත අවස්ථා දෙකකදීත්, සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත අවස්ථා තුනකදීත් වශයෙන් මේ වන විට ලිපි නවයක් යොමු කර ඇති නමුත්, මෙතෙක් කිසිදු සාකච්ඡා අවස්ථාවක් ලබා දී නොමැති බව වෛද්‍ය එපිටකඩුව මහතා පැවසීය.
මීට පෙර පැවති සෑම රජයක්ම වෘත්තිකයන්ගේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාව ලබා දුන් නමුත්, වත්මන් රජය වෛද්‍යවරුන් නොසලකා හැර තිබීම ඉතා කණගාටුදායක තත්ත්වයක් බවද ඔහු පෙන්වා දුන්නේය. මේ පිළිබඳව දැනුවත් වූ මහනායක සහ අනුනායක හිමිවරුන්ද අදාළ කරුණු සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන බව ප්‍රකාශ කළේ යැයි ඒ මහතා සඳහන් කළේය.
වගකිවයුතු වෘත්තීය සමිතියක් ලෙස මහජනතාව අපහසුතාවට පත්වන ආකාරයේ වර්ජන ක්‍රියාමාර්ගයකට මෙතෙක් යොමු නොවූ බවත්, සාකච්ඡා සහ සම්මන්ත්රණ මාර්ගයෙන් ගැටලු විසඳා ගැනීමට තවදුරටත් උත්සාහ කරන බවත් සභාපතිවරයා අවධාරණය කළේය.
කෙසේ වෙතත්, වෛද්‍යවරුන් මහජනතාවට පීඩාවක් ඇති විය හැකි තීරණාත්මක අවස්ථාවකට තල්ලු කරන්නේද නැද්ද යන්න තීරණය කිරීම රජය සතු වගකීමක් බවද, පවතින තත්ත්වය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ අරමුණින් හෙට සිට කළු විරෝධතා සතිය ක්‍රියාත්මක කරන බවද වෛද්‍ය චන්දික එපිටකඩුව මහතා වැඩිදුරටත් කියා සිටියේය.
Government Doctors to Initiate 'Black Protest Week' Over Unanswered Budget Proposals
As tensions escalate, the Government Medical Officers' Association is declaring the week beginning tomorrow as 'Black Protest Week' in response to the government’s silence regarding proposals submitted by medical professionals for the upcoming budget.
Dr. Chandika Epithakaduwela, President of the association, revealed this decision after briefing the Chief Prelates and their assistants. He pointed out that the union represents over 24,000 doctors dedicated to serving the public within the country.
Despite submitting multiple letters outlining the issues facing medical practitioners, including four addressed to the President and two to the Prime Minister, discussions have yet to materialize. The Minister of Health also received three letters on this matter, but Dr. Epithakaduwela noted that no discussions have taken place thus far.
He expressed disappointment, stating that previous governments have always engaged in dialogue concerning professional issues, whereas the current administration has apparently overlooked the concerns of medical personnel. He added that the Chief Prelates are aware of the situation and are monitoring developments closely.
Emphasizing the association's commitment to public welfare, Dr. Epithakaduwela underscored that they have refrained from striking thus far, opting instead to seek resolutions through discussion and meetings.
However, he cautioned that it remains the government's responsibility to determine whether any decisions may inadvertently burden the public. With this in mind, the 'Black Protest Week' is set to commence tomorrow as a means to raise awareness about the ongoing issues faced by medical professionals.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
