IMF ඊළග වාරිකයත් ලැබේ...


 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙරටට ලබාදීමට නියමිත විස්තීර්ණ ණය පහසුකමේ ඉදිරි වාරිකය මෙම නොවැම්බර් මාසය අවසන් වීමට පෙර ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.

මහ බැංකු පරිශ්‍රයේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධිපතිවරයා මේ බව තහවුරු කළේය.

ඒ අනුව, අදාළ ණය වැඩසටහනේ සමාලෝචනයට අදාළව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ නිල අනුමැතිය ද මෙම මාසය තුළදීම හිමිවීමට නියමිත බව හෙතෙම සඳහන් කළේය. 

මෙම අනුමැතිය හිමිවීමත් සමඟ ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 345 ක පමණ මුදලක් මීළඟ ණය වාරිකය වශයෙන් බැර වීමට නියමිතව තිබේ.





IMF Loan Disbursement Expected for Sri Lanka by Month-End

Dr. Nandalal Weerasinghe, Governor of the Central Bank of Sri Lanka, confirmed that the upcoming tranche of the Extended Fund Facility loan from the International Monetary Fund (IMF) is set to be disbursed to the country before the end of November.

During a press briefing held at the Central Bank premises, he addressed inquiries from journalists regarding the anticipated financial support.

He further revealed that official approval from the IMF Executive Board for the review of the loan program is expected within this month, paving the way for Sri Lanka's access to crucial funding.

Upon receiving this approval, approximately $345 million will be disbursed to Sri Lanka as part of the next loan installment.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

1 Comments

Previous Post Next Post