O/L ටියුෂන් තහනම් කරයි..


 2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයට පෙරාතුව උපකාරක පන්ති, සම්මන්ත්‍රණ, වැඩමුළු සහ විභාගයට අදාළ අනෙකුත් වැඩසටහන් පැවැත්වීම ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් තහනම් කර තිබේ.

විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය සඳහන් කළේ මෙම තහනම දෙසැම්බර් 02 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන අතර, දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,519 කදී දෙසැම්බර් 08 වැනිදා සිට 17 වැනිදා දක්වා පැවැත්වෙන විභාගය අවසන් වන තෙක් බලාත්මකව පවතින බවයි.

විභාග අපේක්ෂකයින් සඳහා දේශන සහ වැඩමුළු පැවැත්වීම මෙන්ම විභාගයට අදාළ අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම හා බෙදා හැරීම ද මෙම තහනමට ඇතුළත් වන බව විභාග කොමසාරිස් ජනරාල්වරිය පැවසුවාය.

එමෙන්ම විභාග ප්‍රශ්න හෝ ඊට සමාන ප්‍රශ්න ඇතුළත් පෝස්ටර්, බැනර් හෝ අත්පත්‍රිකා විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කිරීම හෝ ළඟ තබා ගැනීම ද මෙම කාලසීමාව තුළ සපුරා තහනම් වේ.

මෙවැනි ඕනෑම නීති උල්ලංඝනය කිරීමක් පිළිබඳව ළඟම ඇති පොලිස් ස්ථානයට, පොලිස් මූලස්ථානයට හෝ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.





General Examination Department Bans Pre-Exam Tutoring and Workshops in Sri Lanka

In a significant move, the Sri Lanka Department of Examinations has prohibited the conducting of tutoring classes, seminars, workshops, and other programs related to the 2026 General Certificate of Education (GCE) Ordinary Level examinations. This ban is set to take effect from midnight on December 2, and will remain in force until the conclusion of the exams, which are scheduled to be held across 3,519 examination centers from December 8 to 17.

The Commissioner General of Examinations, A.K.S. Indika Kumari Liyanage, emphasized that the ban also extends to lectures and workshops for candidates, as well as the printing and distribution of question papers that include suspected examination questions.

Furthermore, the dissemination or possession of posters, banners, or brochures containing examination questions or similar materials, whether electronically or in print, will also be entirely prohibited during this period.

Authorities have urged the public to report any violations of these regulations to the nearest police station, the police headquarters, or directly to the Department of Examinations.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post