වහල මත සූර්ය පැනල සඳහා අයදුම් කිරීමට පෙර Transformer Capacity Availability නිවසේ සිට පරික්ෂා කරගැනීමට Electricity Distribution Lanka (pvt) Ltd සමාගම විසින් දැන් පාරිභෝගිකයාට අවස්ථාව සලසා දී ඇත.
වහල මත සවි කරන සූර්ය පැනල සඳහා අවශ්‍ය වන විදුලි ධාරිතාව නිවස අසලම ඇති ට්‍රාන්ස්ෆෝමරයේ ප්‍රමාණවත් බව හෝ ප්‍රමාණවත් නොවන බව දැනගැනීමට හැකි වූයේ ඒ සඳහා අයදුම් පත් යොමු කිරීමෙන් පසුව පමණක් වීම නිසා පාරිභෝගිකයා දැඩි අපහසුතාවකට පත් විය.
බලශක්ති අමාත්‍යංශයේ උපදෙස් මත ලංකා විදුලිබල මණ්ඩලයේ අනුප්‍රාප්තික සමාගමක් වන Electricity Distribution Lanka (pvt) Ltd සමාගම විසින් එම අපහසුතාව මඟහරවමින් සමීප ට්‍රාන්ස්ෆෝමරයේ සූර්ය පැනල සවි කිරීමට අවශ්‍ය විදුලි ධාරිතාව ප්‍රමාණවත් බව හෝ ප්‍රමාණවත් නොවන බව මාර්ගගත (Online) ක්‍රමවේදය ඔස්සේ පරික්ෂා කර ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලදි.
පහත ලින්ක් එක හරහා සූර්ය පැනල සවි කිරීම සඳහා තමන්ට සමීප ට්‍රාන්ස්ෆෝමරයේ ඉතිරි වී ඇති ධාරිතාව පරික්ෂා කර ගත හැකිය.
Click Here
Electricity Distribution Lanka Enables Online Checks for Solar Panel Capacity
Electricity Distribution Lanka (Pvt) Ltd. has launched a new initiative allowing customers to verify the Transformer Capacity Availability from the comfort of their homes before applying for solar panels. This service seeks to alleviate the inconvenience caused by previous requirements that only allowed customers to learn about the capacity of nearby transformers after submitting an application.
Previously, applicants often faced significant challenges due to the lack of upfront knowledge regarding whether the transformer located near their residence had sufficient electrical capacity for solar panel installation. With new directives from the Ministry of Power, the company, which is a subsidiary of the Ceylon Electricity Board, has streamlined the process by enabling online consultations regarding transformer capacities.
This online service provides an efficient solution, allowing customers to check whether adequate electrical capacity is available for installing solar panels adjacent to their homes before even filing an application.
To assess the available capacity of your nearby transformer for solar panel installation, click here.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
