වාහන ආදායම් බලපත්‍ර අලුත් කිරීම සඳහා බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය හෙවත් TIN අංකය අනිවාර්ය කිරීමට පියවර ගැනීමත් සමඟ, එම අංකය ලබාගැනීම වෙනුවෙන් දිවයින පුරා පිහිටි දේශීය ආදායම් ප්‍රාදේශීය කාර්යාල ඉදිරිපිට අද (03) දිනයේ පෝලිම් නිර්මාණය විය.
නොවැම්බර් මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි රථවාහන ආදායම් බලපත්‍ර ලබාගැනීමේදී ටින් අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය කර තිබීම හේතුවෙන් විශාල පිරිසක් එකවර මෙම අංකය කඩිනමින් ලබාගැනීමට පැමිණීම මෙලෙස පෝලිම් නිර්මාණය වීමට ප්‍රධාන හේතුව වී තිබේ.
එලෙස පැය ගණනාවක් දිගු පෝලිම්වල රැඳී සිටි ජනතාව මැසිවිලි නඟන්නේ, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ හටගත් තාක්ෂණික දෝෂ හේතුවෙන් අද දිනයේ බොහෝ කාර්යාලවලින් ටින් අංක නිකුත් කිරීම අත්හිටුවා තිබූ බවයි.
මේ අතර, කාර්යාල වෙත නොපැමිණ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය හරහා මාර්ගගත ක්‍රමයට අදාළ අංකය ලබාගැනීමට උත්සාහ කළද, එකවර විශාල පරිශීලකයන් පිරිසක් පද්ධතියට ප්‍රවේශ වීම හේතුවෙන් එම මාර්ගගත සේවා පද්ධතිය ද සම්පූර්ණයෙන්ම බිඳවැටී ක්‍රියාවිරහිත වී ඇති බවට ජනතාව දැඩි චෝදනා නඟති.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය සහන වැඩසටහන යටතේ මෙරට බදු දැල පුළුල් කිරීම සහ රජයේ ආදායම ඉහළ නංවා ගැනීමේ අරමුණින්, වයස අවුරුදු 18 සම්පූර්ණ වූ සියලුම පුරවැසියන් සඳහා බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය ලබාගැනීම රජය විසින් අනිවාර්ය කරනු ලැබීය.
ඉන් අනතුරුව, මෝටර් රථ ලියාපදිංචිය, වාර්ෂික ආදායම් බලපත්‍ර අලුත් කිරීම, ඉඩම් හා දේපළ පැවරීම, බැංකු ජංගම ගිණුම් විවෘත කිරීම සහ ගොඩනැගිලි සැලසුම් අනුමත කරවා ගැනීම ඇතුළු මූලික මහජන සේවාවන් රැසක් සඳහා මෙම ටින් අංකය අනිවාර්ය ලේඛනයක් බවට පත් කරමින් මුදල් අමාත්‍යාංශය මඟින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරන ලදී.
Queues Form as New Tax Identification Number Requirement Sparks Rush for Vehicle Revenue Licenses
Long queues have formed outside local revenue offices across the country today as citizens seek to obtain their Tax Identification Number (TIN) in response to new regulations mandating its presentation for renewing vehicle revenue licenses.
Starting November 1, the requirement to provide a TIN for vehicle revenue licenses has led a large number of people to quickly rush to local offices to secure their numbers. This surge in demand has resulted in significant wait times at various locations.
Frustration grew among those waiting for hours, as many offices reported issuing TINs had been temporarily suspended due to technical issues with the Department of Inland Revenue's computer systems.
Additionally, individuals trying to access TINs online through the Department's official website expressed their discontent after the high volume of simultaneous users caused the online service system to crash, rendering it completely inoperative.
This initiative is part of a broader strategy under the International Monetary Fund's financial relief program, aimed at expanding the tax base and increasing government revenue. As a result, the government has made the acquisition of a TIN mandatory for all citizens aged 18 and above.
Subsequently, the TIN will become a crucial document for various essential public services, including motor vehicle registrations, annual revenue license renewals, property transfers, opening bank mobile accounts, and obtaining building plan approvals. The Ministry of Finance has issued a special gazette notification to formalize this requirement.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
