තම වැය ශීර්ෂ වලින් සියයට පනස් අටක් ජනාධිපති අනුර දිසානායක මහතා අඩුකරගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජයපාල මහතා සඳහන් කරයි.
අද අයවැය විවාදයට එක්වෙමින් ඔහු කියා සිටියේ මේ හරහා ජනාධිපතිවරයා කෝටි තිහකට ආසන්න මුදලක් ඉතිරි කර ඇති බවය.
මහා මන්දිර කිසිවක් ජනාධිපතිවරයා භාවිත නොකරන බවද පැවසූ ඔහු එම ආදර්ශය වෙනත් කිසිදු නායකයකු ලබාදී නැති බවද පැවසීය.
