නව ජනතා පෙරමුණ 21 නුගේගොඩ රැළිය පිළිබඳව මහ ජනතාව දැනුවත් කිරීම සඳහා පැපිළියාන පුරාණ රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගෙන මාධ්‍ය හමුවක් පවත්වන ලදී.
එහිදී නව ජනතා පෙරමුණ පක්ෂ නායක සුගිෂ්වර බණ්ඩාර මහතා මෙලෙස කරුණු දක්වන ලදී.
‘මේ මාලිමා ආණ්ඩුව බලයට ගේන්න පුමුඛතම කාර්යක් කලේ
විදෙස්ගත ශ්‍රමිකයෝ. අපේ රටේ ඩොලර් සංචිතය ශක්තිමත් කරන ප්‍රධානතම අංශය විදෙස් ගත
ශ්‍රමිකයෝ ලංකාවට එවන විදෙස් ප්‍රේෂණ . විදෙස් ගත ශ්‍රමිකයෝ අනුර කුමාර මහත්තයා හා
මාලිමාව ගැන විශ්වාසය තියලා පොහෙසෙත් රටක් ලස්සන ජීවිතයක් හදන්න තමන්ගේ අතින්
ගුවන් ටිකට් පත අරගෙන නිවාඩු දාගෙන සුබ නැකතට රට අනුරට බාර දෙන්න ඡන්දය පාචිච්චි
කලා.
හැබැයි මාස පෝය 12 ක් ගෙවිලා ආණ්ඩුවට අවුරුද්දක් ලබලා
තියෙද්දි මාලිමාව විදෙස් ගත ශ්‍රමිකයිනුත්
රවට්ටලා තියෙනවා කියලා මේ අය වැය බැලුවම
පේනවා. එදා මාලිමාවේ නායකයෝ විදෙස් ගත ශ්‍රමිකයින්ට ලබා දුන් එකම පොරොන්දුවක්වත් ඉටු කරලා නෑ.
ඡන්දයට කලින් විදෙස් ගත ශ්‍රමිකයින්ට ඡන්ද බලය ලබා දෙනවා කිව්වා. හැබැයි මේ 2026
අයවැයෙන් විදෙස් ගත ශ්‍රමිකයින්ගේ ඡන්ද අයිතිය තහවුරු කරන්න එක රුපියලක්වත් වෙන්
කරලා නෑ.
ඊලගට විදෙස් ගත ශ්‍රමිකයින් සඳහා සුදුසු විශ්‍රාම
වැටුපක් හදනවා කිව්වා. මෙවර අයවැයෙන් විදෙස් ගත ශ්‍රමිකයින්ගේ විශ්‍රාම වැටුප
හදන්න රු බිලියන 2ක් වෙන් කරලා තියෙන්නේ . එනම් මිලියන 2000ක්. අපේ රටේ විදේශ සේවා
නියුක්ති කාර්යංශයේ ලියා පදිංචි විදෙස් ගත ශ්‍රමිකයෝ ප්‍රමාණය මිලියන 1.8 වැඩි. මේ
ලියාපදිංචි ගණන. ලියා පදිංචි නොවුන තව ලක්ෂ 5ක් පමණ ඉන්නවා. අපි ඒ ලක්ෂ 5 අමතක කරලා මිලියන 2000 මිලියන 1.8
බෙදුවොත් ශ්‍රමිකයකු සඳහා වෙන් කරලා තියෙන්නේ රු 1100යි. අපි විජිත හේරත් ගෙන්
අහනවා රු 1100 දෙන්න පුළුවන් විශ්‍රාම වැටුප මොකක්ද කියලා. මෙහෙම විදෙස් ගත ශ්‍රමිකයින්
අන්දපු ආණ්ඩුවක් පහුගිය වසර 76 තුලම තිබුණේ නෑ. ඔවුන්ගේ ඡන්ද බලය ගැන මේ වනවිට
කිසිදු කතාවක් නෑ. නමුත් විදෙස් ගත ශ්‍රමිකයන්ට තමන් සිටින රටවල තානාපති කාර්යාල
හරහා ඡන්ද බලය ලබා දෙන්න කටයුතු කරන බව තමා මේ අය කලින් කිව්වේ. මේ අයවැය බැලුවම අපිට පේන්න තියෙන්නේ හොදට
විදෙස් ගත ශ්‍රමිකයින්ව අන්දලා තියෙනවා අන්දන්න තියෙන හොදම එකෙන් විදෙස් ගත ශ්‍රමිකයින්ට
ඡන්ද බලය ලබා දෙනවා කියලා.
ඊලගට ඡන්ද කාලේ මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙනවා
විදෙස් ගත සේවකයින් මුහුණ දෙන වැටුප් විෂමතා
හා දුෂ්කරතා ඉවත් කරන්න රාජ්‍ය ත්‍රාන්තික මට්ටමින් මැදිහත් වෙනවා කියලා.
අවුරුද්දක් යනකොට ආණ්ඩුවට ඒ පාරොන්දු අමතක වෙලා. මේ
අයවැයේ විදෙස් ගත ශ්‍රමිකයින්ගේ වැටුප් - දුෂ්කරතා විසදන වැඩක් ගැන කතා කරලවත් නෑ.
මේ වනවිට අපිට තොරතුරු ලැබිලා තියෙනවා තානාපති කාර්යාල වල ගෟහ සේවිකා වන් විශාල පිරිසක් ඉන්නවා වැටුප් ගැටළු
තියෙන ඒ වගේම විවිධ අඩත්තේට්ටම් වලට ලක් වුනු. නමුත් ඔවුන් සම්බන්ධව නිසි ක්‍රියා
මාර්ගයක් ගෙන නොමැති බවට අපිට තොරතුරු ලැබිලා තියෙනවා. ඒ අහිංසකයින්ගේ කදුළු වලට
වංචා නොකර ඒ දුන්නු පොරොන්දු ඉටු කරන්න කියලා අපි විජිත හේරත්ට බල කරලා කියන්න
කැමති.
ඊලගට මේ අය වැයේ
විදෙස් ගත ශ්‍රමිකයින්ගේ තීරු බදු පහසුකම් පුළුල් කිරීමට යෝජනා කරනවා. හැබැයි
ජනාධිපතිතුමා යටතේ තියෙන ආයතනයක් වන රේගුවෙන් චක්‍රෙල්ඛනයක් ගහලා තියෙනවා අද ඉදලා
විදෙස් ගත ශ්රමිකයේ ලංකාවට එවන භාණ්ඩ වලට තහනමක් පනවලා
ඒ අනුව ඔවුන් විදෙස් රටවල පාචිච්චි කල රූපවාහිනි ,රෙදි
සෝදන යන්ත්‍ර ,ලීබඩු ගෟහ උපකරණ ලංකාවට ගෙන ඒම තහනම් කරලා තියෙන්නේ. මේ තහනමෙන්
වැඩි දුරටම පීඩාවට පත් වෙන්නේ මැද පෙරදිග වැලි කතරේ දහඩිය කදුළු වගුරන විදෙස් ගත
ශ්‍රමිකයෝ. මැද පෙරදිග යන ශ්‍රමිකයින්ගේ ලොකු හීනයක් තමයි මොන දුක් විදලා හරි අවු
2ක් ඉදලා ලංකාවට යනකොට පාචිච්චි කරපු හරි රූපවාහිනි ,ශිතකරණ , රෙදි සෝදන යන්ත්‍ර
ලංකාවට ගෙන යන ඒක.
අද මාලිමාවේ ඒ හීනයට තිත තියලා තියෙනවා. සමහර
වෙලාවටවිදෙස් හාම්පුත්තු තම සේවකයින් සේවිකාවන් හොදින් වැඩ කලාම ඔවුන් ආපසු ලංකාවට
යද්දි ගෙදර පාවිච්චි කරපු උපකරණ තෑගි කරනවා. දැන් මේ අලුත් චක්‍රෙල්ඛනය අනුව ඒ
කිසිම භාණ්ඩයක් ලංකාවට ගේන්න බෑ. ඒ නිසා විදෙස් ගත ශ්‍රමිකයින් නොමරා මරන්න ආණ්ඩුව
කටයුතු කරනවා.
වසර 76 ශාපයට වෛර කරලා ඒ ශාපයෙන් මිදෙන්න අවශ්‍යයි කියලා
හිතපු විදෙස්ගත ශ්‍රමිකයින්ට අද වෙලා තියෙන්නේ 76 වසර ශාපයට වඩා ඝණ අදුරක වෙලී
සිටිමටය. මින් පෙර කිසිම ආණ්ඩුවක් විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ
ආණ්ඩුව කාලයේ විදෙස්ගත ශ්‍රමිකයින් ලංකාවට එවු ප්‍රේෂණ ප්‍රමාණය මත තීරු බදු වාහන
පවා ලබා දුන්නා. දැන් ඒ වැඩපිලිවෙල ගැනවත් මේ අයවැය තුල සාකච්ඡා වෙලා නෑ. ඒ නිසා
මේ විදෙස්ගත ශ්‍රමිකයින් කබලෙන් ලිපට ඇදලා දාපු අයවැයක් තමයි මේ ආණ්ඩුව ඉදිරිපත්
කලේ.
පොහොසත් රටක ලස්සන ජීවිතයක් ගත කරන්න හරි හම්බ කර ගත්ත දේවල් හා පොදි බැද
ගත්ත දේවල් ලංකාවට ගේන්න බලන් ඉද්දි රේගුවෙන් ගහපු චක්‍රෙල්ඛනය නිසා විදෙස් ගත ශ්‍රමිකයින්ට
දැන් වෙලා තියෙන්නේ වෛරී දේශයක හිස් අතින් ලංකාවට ඇවිල්ලා පච පතිගේ පච ටික අහගෙන
අනේ අපොයි කියන්න තමයි.

තමන් විදේශීය රටවල පාවිච්චියට ගත්ත භාණ්ඩ ගෙන එන්න ඉඩ දෙන්න ඕන. බොහෝ උපකරණ ඉතාම ඉහල තත්ත්වයේ ලංකාවට නොගෙන්වන භාණ්ඩ. අසාධාරණ තත්ත්වයක්.
ReplyDeleteThis s Utter lie. No changes done to to existing laws
ReplyDeleteI agree with anonymous, no changes in the laws. I have traveled a lot over the last few years. Lot of items I brought from overseas are now readily available in Sri Lanka and cheaper too. Bringing the money and buying items locally will increase the $ influx to Sri Lanka..
ReplyDeleteThis is a utter lie I just returned from aboard. This news is a misleading one
ReplyDelete