හිටපු කතානායක වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල සිය ආචාර්ය උපාධි සහතිකය ඉදිරිපත් නොකළ නිසා තවත් අයෙකුට එලෙස ඉදිරිපත් නොකර සිටීමට සදාචාරාත්මක අයිතියක් නොමැති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
‘තව කෙනෙක් ඉදිරිපත් නොකළා කියලා අනික් කෙනා ඉදිරිපත් නොවෙන්න සාධාරණ තර්කයක් නෑ. නාමල්ට ඉදිරිපත් වෙලා ඉදිරිපත් නොකළ කෙනෙකුට චැලෙන්ජ් කරන්නත් පුළුවන්. මෙන්න මං ඉදිරිපත් කළා කෝ ඔයාගේ ඒවා කියලා. රන්වලගේ දේ රන්වල කරයි. නාමල්ගේ දේ නාමල් කරන්න’
අශෝක රන්වලගේ මහතාගේ ආචාර්ය උපාධි සහතික තවමත් ඉදිරිපත් නොකළ පසුබිමක නාමල් රාජපක්ෂගේ උපාධිය ප්‍රශ්න කිරීම කෙතරම් සදාචාරාත්මක දැයි මාධ්‍ය විමසූ පැනයකට පිළිතුරු දෙමින් ඇමති නලින්ද ජයතිස්ස මේ බව කීය.

නාමල් ගේ උපාධි සහතික අරබයා දැනටමත් නෛතික ක්‍රියාමාර්ගයක් ඇරඹී ඇති නිසා ඒ ඔස්සේම උපාධි සහතික වල මුල් පිටපත් කැඳවිය හැකියි නේද?
ReplyDeleteරංවලට සදාචාරාත්මක යුතුකමක් තියනවා පෙන්නන්න. තමන්ගේ වැරැද්ද අනුන්ට පටවල බේරෙන්න බෑ.
ReplyDeleteමෙහෙම කරමු.නාමල්ට සහ රංවලට එකම දිනක තම තමන්ගේ සියළු උපාධි සහතික පෙන්වන්න කියමු.ඊට අමතරව පාර්ලිමේන්තුවෙ ඉන්නා ආචාර්ය මහාචාර්ය සියළු දෙනාට මාස දෙකක් ඇතුලත ඒවා පෙන්වන්න කියමු.සාධාරණයි නේ.එතකොට මේ හෝද හෝද මේ දාන එක ඉවරනේ.හා නැද්ද
ReplyDeleteපුලුවන් නම් කැළණිය විශ්වවිද්‍යාලයෙන් භෞතික විද්‍යා උපාධියක් ගත්තා යැයි කියන අයගේ සහතිකත් පෙන්වන්න. කැළණි සනාතන සභා ලැයිස්තුවේ නම් එහෙම නමක් නෑ.
ReplyDeleteAre you talking about Anura Kumara ????
DeleteMun Okkoma Horu
Nikan Horu Newei
KAMBA HORU....
Rate MEEHARAK RALA 1977 endala ada wenakan karema rawattapu eka ..
Jeppo dannawa 1977 indala hondata andapu meeharak ralak andana eka echechara amaru na kiyala