‘මගෙ කතාව අහන්න ඉන්නැද්දැයි ඇහුවත් ජනාධිපති ගියා..- කොටපිටියේ හිමි

 


පෑලියගොඩ විද්‍යාලංකාර මහා පිරිවෙනේ පැවැති උත්සවයකදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පියය යාමට සැරසුර අවම්ථාවේ "මගෙත් කතාවත් අහන්න ඉන්නේ නැද්ද" යන්න තමන් වහන්සේ ජනාධිපති‌ගෙන් විසමූ බව කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක, මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියන් පැවසූහ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පෑලියගොඩ විද්‍යාලංකාර මහා පිරිවෙනේ පැවැති උත්සවයකදී උන් වහන්සේ අදහස් පළ කරන ලදී 

උන්වහන්සේ සඳහන් කළේ, ජනාධිපතිතුමාට පැවති කාර්යභාරය අනුව එතුමා කලින් ගිය බවයි. කෙසේ වෙතත්, එතුමා යන්නට පෙර එක් අදහසක් ප්‍රකාශ කළ බව රාහුල හිමියෝ පැවසූහ. එම අදහස වූයේ භික්ෂුව යනු භික්ෂුවගේ කාර්යය ඉෂ්ට කරන කෙනෙක් වන අතර, භික්ෂුව දේශපාලන හස්තයන්ගේ ගොදුරක් බවට පත්වීමට නුසුදුසු බවයි.

පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියෝ තවදුරටත් අවධාරණය කළේ, යම් භික්ෂූන් වහන්සේ නමක් සත්‍ය කතා කරනවා නම්, අන්න එයාව අප්‍රිය කරන තත්ත්වයක් සෑමදාමත් පවතින බවයි. තමන්ට පක්ෂව කතා කරනවා නම් එය හොඳ බවත්, විපක්ෂව කතා කරනවා නම් එයා හොඳ නැති බවත් මතයක් සමාජය තුළ පවතින බව උන්වහන්සේ කියා සිටියහ. 

 "ඇට නැති දිව" වාගේ, තමන්ට අවශ්‍ය විදිහට හැමදාමත් භික්ෂූන් වහන්සේලාට පහර ගැසූ බවත්, අදටත් පහර ගසන බවත් උන්වහන්සේ පැහැදිලි කළහ.

තරුණ භික්ෂූන් වහන්සේලා අමතා අනුනායක හිමියන් උපදෙස් දුන්නේ, ඔබ වහන්සේලා දේශපාලනය යන වචනය එකතු කරගැනීමට අවශ්‍ය නොවන බවයි. 

නමුත්, යමක් අවංකව, සත්‍යවාදීව, තමන්ගේ හිතට එකඟව කතා කරන්න පුළුවන් නම්, ඒ පිළිබඳව සමාධිය යහමගවන්න කටයුතු කිරීම තමයි භික්ෂුවගේ යුතුකම හා වගකීම වන්නේ

2 Comments

  1. බෞද්දයොන්ව සහ මේ රටේ සින්හල බෞද්ද සන්නාමය නෑතිකරන්න ඩොලර් ඩිනාර් ජෙප්පොන්ගේ පෑලවත්ත ගිනුමට එනකොට ....සහ අන්තවාදී කොතෝලික ක්‍රියාකාරිකයෙකු වන බුද්ද සාසන ඈමති මේවා කරනකොට නිශ්ශබ්දව ඉන්න සින්හල බෞද්ද උන්ට කවදද ඈස් ඈරෙන්නේ .

    ReplyDelete
  2. කොටපිටියේ ගැන රටට අමුතුවෙන් කියන්න දෙයක් නෑ බොලව්. ඕක උබලගේ බොසා, මාවරමංඩියේ පිම්පි විමලගෙ සට්ටැඹියා කියලා කොයි කවුරුත් දන්නවා. මහලොකු අපස්සපාතේ :D සට්ටැඹියො කොහොමත් කරන්නේ තමන්ගේ ලොක්කගෙ පශ්චාත්භාගේ හෝදන එක තමා. මුගේ විශේශේ මූ හොදන්නේ දිවෙන්

    ReplyDelete
Previous Post Next Post