අද පැවති කොළඹ මහ නගර සභාවේ 2026 වසර සඳහා වූ අයවැය දෙවන ඡන්ද විමසීම වැඩි ඡන්ද දෙකකින් ජයගැනීමට ජාතික ජන බලවේගය සමත් වී ඇත.
අයවැයට පක්ෂව ඡන්ද 58ක් හිමිවී ඇති අතර විපක්ෂව හිමිව ඇත්තේ ඡන්ද 56කි.
පසුගිය 22 වැනිදා පැවති කොළඹ මහ නගර සභාවේ අයවැය පලමුවැනි ඡන්දයේදී ඒම යෝජනාවලිය වැඩි ඡන්ද 3කින් පරාජයට පත්විය.
ඒදින අයවැය යෝජනාවලියට යෝජනාවට පක්ෂව ලැබුණු ඡන්ද 57ක් හා යෝජනාවට විපක්ෂව ලැබුණු ඡන්ද 60ක් ලැබින.
පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පසුව කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම ආරම්භයේ සිටම සංකීර්ණ මුහුණුවරක් ගත්තේය.
මුළු මන්ත්‍රී ධුර සංඛ්‍යාව 119ක් වන අතර, කිසිදු දේශපාලන පක්ෂයකට තනිවම ස්ථාවර බහුතරයක් ලබා ගැනීමට නොහැකි විය.
මැතිවරණ ප්‍රතිඵල අනුව කිසිදු පාර්ශවයකට 60 සීමාව (බහුතරය) ඉක්මවා යාමට නොහැකි වූ බැවින්, ස්වාධීන කණ්ඩායම් සහ සුළු පක්ෂවල සහාය ලබා ගැනීමට සියලු පාර්ශවයන්ට සිදු විය.
ජාතික ජන බලවේගය බලය පිහිටුවනු ලැබුවේද අනෙකුත් පාර්ශව කිහිපයක සහාය මතය.

තවත් සාර්ථක මෙහෙයුමක්. වල පැත්තේ සල්ලි වැඩකරන බව පැහැදිලි වේ
ReplyDelete