ආපදා සහන ලබා ගැනීමේ අයඳුම්පත් ප්‍රජා ශක්ති කමිටුවේ නිර්දේශ මත ග්‍රාමසේවක අනුමැතියෙන් ප්‍රාදේශීය ලේකම් වෙත ඉදිරිපත් විය යුතු බව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසයි.
මෙම ප්‍රජා ශක්ති කමිටුව සභාපති ලේකම් සහ ගමේ රාජ්‍ය නිලධාරීන් නියෝජනය කරන බව ද ඔහු පෙන්වා දෙයි. ග්‍රාම සේවක තීරණ ගැනීමේ දී මෙම කමිටුවේ අවබෝධය සහිතව කරන්නේ නම් ගැටලුවක් ඇති නොවන බව ද හෙතෙම ප්‍රකාශ කරයි.
අතීතයේ ග්‍රාම නිලධාරීන් සිය රුචි අරුචිකම් අනුව ද දේශපාලකයන් සිය රුචි අරුචිකම් අනුව ද කටයුතු කර ඇතැයි ද ඇමතිවරයා චෝදනා කරයි. ග්‍රාම සේවකට මෙන්ම මහජන නියෝජියා වෙත ද ආධාර ලබා ගැනීමට ඉල්ලීම් ලැබෙන බව ද ඔහු පවසයි.
නිලධාරීන් පමණක් ගමේ වැඩ කරන්නේ නම් මහජන නියෝජිතයන් අවශ්‍ය නැති බවත් ඒ දෙක ඒකාබද්ධ කළ ගමේ යාන්ත්‍රණය ප්‍රජා ශක්ති කමිටුව බවත් ඇමති ලාල්කාන්ත ප්‍රකාශ කරයි.

ජෙප්පන්ට විතරද සහනාධාර දෙන්නෙ? මූලික අයිතිවාසිකම් නඩුවක් දමන්න කාරණයක්.
ReplyDeleteප්‍රජා ශක්ති කමිටුව සභාපති ලේකම් පත් කරලා තියෙන්නේ ජේ වී පි සාමාජිකයන් . පක්ෂයක සාමාජිකයන් රාජ්‍ය නිලධාරීන් ලෙස හඳුන්වා අනුයුක්ත කොට ජනතා බදු මුදල් වලින් හා ජනතා හා සංවිධාන අරමුදල් හා පරිත්‍යාග වලින් දෙන ආධාර මුදල් මංකොල්ල කයිද ?
ReplyDeleteRemember Lal said they are going to create jvp police in the villages. Now they have started people .
ReplyDelete