මත්තල ගුවන්තොටුපල රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලික හවුරුකාරිත්ව වැඩපිළිවෙල යටතේ පුද්ගලික සමාගම් හා ඒකාබද්ධව පවත්වාගෙන යාමේ යෝජනාවක් සකස් කර ඇත.
වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අරුණ කරැණාතිලක මහතා පැවසුවේ මෙම යෝජනාවලිය නුදුරේම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අනුමැතිය ලබාගන්නා බවයි.
අනතුරුව ඒ සඳහා අභිලාෂ කැඳවීමට කටයුතු කරන බවද පැවසූ ඔහු දැනටමත් ගුවන් තොටුපළ සමග ව්‍යාපාර පවත්වාගෙන යාමට පුද්ගලික සමාගම් තුනක් කැමැත්ත පළකර ඇති බවද පැවසීය.
මේ යටතේ ගුවන් යානා අලුත් වැඩියාව පුහුණු කටයුතු හා තෙල් සැපයීම වැනි ක්‍ෂෙත‍්‍ර කිහිපයක් සඳහා ආයෝජනය අවස්ථා ඇතිවන බවද හෙතෙම කියා සිටී.

මෙන්න රටේ සම්පත් පිටරටට විකුනනව රටේ අනාගත දරුවන්ගෙ දේපළ මුන් විකුනනව
ReplyDelete