පොරොන්දු වූ පරිදි ඉදිරි වසර තුන ඇතුළත විදුලි ගාස්තු තුනෙන් එකකින් (1/3) අඩු කිරීමේ ඉලක්කය සපුරා ගැනීම සඳහා රජය සාර්ථකව අවතීර්ණ වී සිටින බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා අද (06) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
2024 වසරේදී රුපියල් 37ක්ව පැවති විදුලි ඒකකයක සාමාන්‍ය පිරිවැය මේ වන විට රුපියල් 29 දක්වා අඩු කිරීමට රජය සමත්ව ඇති බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
පිරිවැය අඩු කිරීමේ ඉලක්ක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, රජයේ මීළඟ ඉලක්කය වන්නේ විදුලි ඒකකයක සාමාන්‍ය පිරිවැය රුපියල් 25 දක්වා පහත හෙළීම බවයි. එම ඉලක්කය සපුරාගතහොත් සමස්ත විදුලි ගාස්තුව සියයට 32කින් අඩු කිරීමට හැකියාව ලැබෙන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
පොරොන්දු ඉටු කිරීම 2024 ජූලි මාසයේදී ඒකකයක පිරිවැය රුපියල් 37ක්ව පවතින අවධියක, වසර තුනක් තුළ විදුලි ගාස්තු සියයට 30කින් අඩු කරන බවට ජාතික ජන බලවේගය ලබාදුන් සහතිකය මත පිහිටා රජය මේ වන විට කටයුතු කරමින් සිටින බව අමාත්‍යවරයා සිහිපත් කළේය.
2026 පළමු කාර්තුව සඳහා යෝජනා මේ අතර, 2026 වසරේ පළමු කාර්තුව සඳහා අපේක්ෂිත රුපියල් මිලියන 13,094ක මූල්‍ය හිඟය පියවා ගැනීම වෙනුවෙන්, විදුලි ගාස්තු සියයට 11.57කින් ඉහළ නැංවීමට ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කර ඇති බවද අමාත්‍යවරයා මෙහිදී සභාවට දැනුම් දුන්නේය.
ලෝක වෙළෙඳපොලේ පවතින තත්ත්වය මත ඉන්ධන වරායෙන් බාන මිලට කොහොමවත්ම ලබා දිය නොහැකි බවද පැවසූ ඔහු එතනින් එහා බෙදා හරීමට විශාල පිරිවැයක් යන බවද ඔහු විපක්ෂ නායකවරයා ඒ ගැන විමසන්නේ සාමාන්‍ය දැනීමවත් නැතුව බවත් සඳහන් කළේය.

Thopi ea kala kiwa monwada ?
ReplyDelete