නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දී ඇති, දැඩි කතාබහට ලක්වූ හය වසරේ ඉංග්‍රීසි මොඩියුලයේ අදාළ කොටස් රජය විසින් අත්හිටුවා ඇති බව පැවසුවද, එම කොටස් පෞද්ගලික උපකාරක පන්ති තුළ තවදුරටත් උගන්වමින් පවතින බව පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ අනාවරණය කරති.
හිරු රූපවාහිනියේ 'සලකුණ' වැඩසටහනට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ.
මෙම මොඩියුලය ජනගත වී නොමැති බව රජය පැවසුවද, කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික උපකාරක පන්තියක ඉගෙනුම ලබන දරුවෙකු අදාළ මොඩියුලය භාවිතා කරමින් ලියා ඇති සටහන් සහිත පොතක් උන්වහන්සේ වැඩසටහන අතරතුර ඉදිරිපත් කළහ.
අග්‍රාමාත්‍යවරයාගේ සිට මන්ත්‍රීවරුන් දක්වා පිරිස මේ සම්බන්ධයෙන් රටට සහ මහානායක හිමිවරුන්ට අසත්‍ය පවසන බවත්, මෙම මොඩියුලයන් පෞද්ගලික ආයතන හරහා මුද්‍රණය කර බෙදාහැර ඇති බවත් උන්වහන්සේ චෝදනා කළහ. විශේෂයෙන් කුරුණෑගල වැනි ප්‍රදේශවල මේවා පෞද්ගලිකව මුද්‍රණය කර ඇති බව උන්වහන්සේ පෙන්වා දුන්හ.
"යහළුවන් හඳුනා ගැනීම" යන තේමාව යටතේ ඇති අභ්‍යාසයක දරුවෙකුගේ රට, උනන්දුව දක්වන ක්ෂේත්‍ර, උස සහ ප්‍රියතම ක්‍රියාවන් වැනි තොරතුරු ඇතුළත් කර අයදුම්පතක් පිරවීමට ඇති බවත්, මෙය අන්තර්ජාලය හරහා සම්බන්ධ වීමට මඟ පෙන්වීමක් බවත් සුමංගල හිමියෝ පැවසූහ.
මෙම වැඩපිළිවෙළ සමස්තයක් ලෙස අසාර්ථක එකක් බවත්, නියමු ව්‍යාපෘතිය අවුල් කරමින් මෙය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන බවත් උන්වහන්සේ සඳහන් කළහ.
මෙහි අන්තර්ගතය අපේ සංස්කෘතියට නොගැලපෙන බවත්, "අසභ්‍ය, අසම්මත, අශීලාචාර සහ අසංස්කෘතික" ක්‍රියාවන් වෙනුවෙන් පෙනී සිටින ව්‍යාපෘතියක් ලෙස මෙය හඳුන්වා දිය හැකි බවත් උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ,.
වයස අවුරුදු 11-12 දරුවන්ගේ බුද්ධිය සහ පරම්පරාවක් විනාශ කිරීම සඳහා මෙම කරුණු ඇතුළත් කර ඇති බව පවසන සුමංගල හිමියෝ, මෙය හුදෙක් අක්ෂර වින්‍යාසයේ හෝ ව්‍යාකරණවල වරදක් නොවන බවත්, ජාතියේ සංස්කෘතියට සහ මහා මූලයට එල්ල කළ පහරක් බවත් අවධාරණය කළහ.
මෙවැනි අසම්මත ව්‍යාපෘති සඳහා තමන් වහන්සේ දැඩි ලෙස එරෙහි වන බවද උන්වහන්සේ එහිදී ප්‍රකාශ කළහ

හිරු තහනම් කරනු කියාගෙන මාලිමා ඩෝබිලා දැන් වැලලෙන්න හදයි
ReplyDeleteමේ සාදු කලින් කිවුවා මේ මොඩියුලයේ අසභ්‍ය වෙබ් අඩවිය මුලින්ම හෙලිදරවු කලේ එයා කියලා. පුහුණුවට ආව ගුරුවරු 5000කට අදුරගන්න බැරි උන වෙබ් එක මෙයා නම දැක්ක ගමන් ටක් ගාලා අදුනගෙන. රට ජාතිය වෙනුවෙන් අවදියෙන් ඉදගෙන මේ වෙබ් සයිට්වලට මෙයා කොහොම වැඩිල්ලක් වඩිනවා ඇද්ද ?
ReplyDelete