මෙරට පැවති ධනේශ්වර ආණ්ඩු පවා සිදු නොකළ අන්දමට නිදහස් සෞඛ්‍ය සේවාව ආරක්ෂා කර ගැනීම වෙනුවට ක්‍රමිකව සෞඛ්‍ය පද්ධතිය පුද්ගලීකරණය කිරීම සඳහා වර්තමාන ආණ්ඩුව සූදානම් වන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති, ස්වාධීන වෘත්තිය සමිතිය එකමුතුවහි සම කැඳවුම්කරු විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කළේය.
ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ කොළඹ නිපෝන් හෝටලයේදී පැවති ස්වාධීන වෘත්තීය සමැති එකමුතුවහි සමහරවික අවස්ථාවේ පැවති ජනමාධ්‍යවේදීන් අමතමිනි.
සෞඛ්‍යා දහපනය ඇතුළු ප්‍රධාන විෂය පථය ගණනාවක් අතනෝමතික ලෙස ප්‍රතිසංස්කරණය කරමින් ලෝක බැංකුවේ හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවශ්‍යතාවන්ට අනුව පුද්ගලීකරණය සඳහා ක්‍රමිකව සැලසුම් සකස් කිරීම නිසා ග්‍රාමීය මහජනතාවට ඉදිරියේදී දැඩි ලෙස පීඩාවට පත්විය හැකි බවද ඔහු සඳහන් කළේය.
සෞඛ්‍ය පද්ධතියේ රසායනාකාර හා විකිරණ තාක්ෂණ සේවා සඳහා පුද්ගලික අංශයට විවෘත කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඉදිරි කාලයේදී ඒ සඳහා වැයවෙන මුදල්ස සොයාගත නොහැකි වීමෙන් රාජ්‍ය සේවයේ සේවා ලබා ගැනීමට පැමිණෙන ජනතාව අසරණ වන බවද ඔහු පෙන්වා දුන්නේය.
පසුගිය වසර තිහක කාලසීමාව තුළදී මෙරට ආණ්ඩු වලට දැඩි බලපෑමක් සිදු කලේ පාර්ලිමේන්තුවේ විපක්ෂය නොව පාර්ලිමේන්තුවෙන් පිටත වෘත්ති හා සිවිල් සංවිධාන බවද , එකී වෘත්තිය හා සිවිල් සංවිධානවල හඬට කන් නොදුනු සියලු ආණ්ඩු බලවත් ලෙස මහජන අප්‍රසාදයට හා බලය අහිමිවීමට ලක්වූ බවද ඔහු පෙන්වා දුන්නේය.
එකිනෙකට වෙනස් ස්වාධීන මත ධරන වෘතීය හා සෙමින් සංවිධාන සියයකට ආසන්න ප්‍රමාණයක් රජයේ අතරමතික ක්‍රියාමාර්ග වලට එරෙහිව පොදු අරමුණකින් ක්‍රියා කිරීම සඳහා ස්වාධීන වෘත්තිය සමිතියේ එකමුතුව ලෙස මින් ඉදිරියට කටයුතු කරන බවද ඔහු පෙන්වා දුන්නේය.

රනිල් ධනේෂ්වරද? රනිල් ඇතිකරපු දෙයින් බිඳක්:
ReplyDelete1. ස්වාධීන මැතිවරනණ කොමිසම (මේක ඇතිකරේ නැත්නම් බලා ගන්න තිබ්බ කට්ටියගෙ වැඩ, කොහොමද ගහන ගේම් ප්‍රා. සභාවලට)
2. ස්වාධීන පොලිස් කොමිසම
3. ස්වාධීන රාජ්‍ය කොමිසම
4. දුෂණ විරෝදී පනත.
5. විධායක ජනාධිපති බලතල අඩුකර පාර්ලිමේන්තුවට පැවරීම
6. තරඟ විභාග වලින් පත්වීම් ලබා දීම
7. ව්ද්‍යා පීඪ ඇතිකර ඒ තුලින් ගුරුවරු බිහිකිරීම
8. තොරතුරු දැනගැනීමේ අයිතිය
මේ හැම දේම පුරවැසියන් ගෙ යහපතට කරපුව. එදා හිටපු මදාවි දේශපාලකයො හිරකලෙත් රනිල්. අද පචපති සහ පාපිසි 159 හිර කරල තියෙන්නෙත් රනිල්. මුන් බලන්නෙ මේ නීති වලට වෙට්ටු දාල ගේම් ගහන්නෙ කොහොමද කියල.
සහතික ඇත්ත I###
ReplyDeleteඅයිෂෙල මෙතන වැලලෙන්නේ නැතුව අපේ වසන්ත සර් වගේ වැඩකරන්න ඉගෙනගන්නවලා.
ReplyDeleteකෝච්චියක බිස්නස් එකක් කරලා තව පොල්කොට හිටවල ටිඋසන් පංතියක් දැම්මොත් හෙන ගහනවද
කෝටි ගණන් සල්ලි හම්බු වෙන්නෙ මේම මේම
චමල් සංජීව කොහොමද ස.ජ.බ. ආසන සංවිධායක කට්ටක් තියන්, ලැජ්ජා නැතුව චන්දෙත් ඉල්ලලා, ඇප නැතුව පැරදිලා පීචං වෙලා දැන් කොහොමද "ස්වාධීන වෘත්තිය සමිති එකමුතු" හදන්නේ...
ReplyDeleteමේකට එකතුවෙන එවුනුත් දැනගන්න ඕන චමල් කියන්නේ කිසිම කෙළෙහිගුණයක් දන්නේ නැති තමන්ගේ වැඩේ කරගන්න ගෑණිව උනත් පාවිච්චි කරන්න පුලුවන් ජාතියේ මිනිහෙක්.
මේවගේ මිනිස්සුත් කවදා හරි දවසක දේශපාලන තක්කඩි වෙන බව චමල්ව දන්න හැමෝම දන්න කියන දෙයක්.