මාලිමා ලොක්කෙකුගේ කැබ් රථය රිය අනතුරක් කර පලා යයි.. ගම්මු අල්ලාගෙන ගුටි අනී..


මැදිරිගිරිය ප්‍රදේශයේදී යතුරුපැදියක ගැටී අනතුරක් සිදුකිරීමෙන් පසු නොනවත්වා ධාවනය කළ කැබ් රථයක් සහ එහි රියදුරු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. 

මෙම රථය ජාතික ජන බලවේගයේ මැදිරිගිරිය ප්‍රාදේශීය සභා සභාපතිගේ නිල රථය බව තහවුරු වී ඇත.

අද (24) දහවල් කාලයේ මැදිරිගිරිය, මීගස්වැව මාර්ගයේදී මෙම ගැටීම සිදුවිය.

අනතුරින් බරපතළ තුවාල ලබා ඇත්තේ මහතලාකොළවැව, යාය 07 පදිංචි 71 හැවිරිදි තිදරු පියෙකි. 

ඔහුගේ පාදයකට දැඩි හානි සිදුව ඇති අතර, ප්‍රදේශවාසීන්ගේ මැදිහත්වීමෙන් ඔහු මේ වන විට මැදිරිගිරිය රෝහලේ ප්‍රතිකාර ලබයි.

අනතුර සිදුකළ කැබ් රථය එම ස්ථානයෙන් පලාගොස් ඇති අතර, දියසෙන්පුර නගරයේදී ප්‍රදේශවාසීන් එක්ව රථය අවහිර කර නවත්වා ඇත. 

එහිදී උරණ වූ පිරිස රියදුරුට පහර දී ඇති බවත්, අනතුරුව ඔහු එතැනින් මිදී ගොස් මැදිරිගිරිය පොලිස් ස්ථානය වෙත භාර වී ඇති බවත් වාර්තා වේ.

දැනට අදාළ වාහනය පොලිස් භාරයේ පවතින අතර, මීගස්වැව සහ මැදිරිගිරිය පොලිස් නිලධාරීන් විසින් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබයි.

4 Comments

  1. ඕක බීලද බලන්න බැලුං නැහැ කියයි. ජෙප්පො නම් රටටම සාපයක්.

    ReplyDelete
    Replies
    1. 100% hari . Meeta kalin itin ubala hitiye KOMA ake ne ..A hinda umbalata amatakai parana siddi

      Delete
  2. මුන්ට මොනවද වෙලා තියෙන්නේ,..

    ReplyDelete
  3. මුන්ට මොනවද වෙලා තියෙන්නේ,..

    ReplyDelete
Previous Post Next Post