ඇමති විජිත පෝට් සිටියේ ලොකු ව්‍යාපෘතියක් විවෘත කරයි...


කොළඹ වරාය නගර පරිශ්‍රයේ ( Port City ) “ ෆුඩ් හාර්බර්” ව්‍යාපෘතිය නිල විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා,එක්විය.

අමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් පැවති මෙම උත්සවය සඳහා ශ්‍රී ලංකාවේ චීන මහ තානාපති හේ.එ. චි ෂෙන්හොං මහතා ඇතුලු විශේෂ ආරාධිතයන් පිරිසක් එක්ව සිටියේය.

“ෆුඩ් හාර්බර්” ව්‍යාපෘතිය සංචාරක කර්මාන්තය ශක්තිමත් කිරීම, ව්‍යාපාරික අවස්ථා පුළුල් කිරීම සහ රැකියා අවස්ථා බිහි කිරීම සඳහා වැදගත් වන බව අමාත්‍ය විජිත හේරත් මහතා එහිදී සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ පළමු ජාත්‍යන්තර මට්ටමේ විවෘත ආහාර පාන මධ්‍යස්ථානය වන “ ෆුඩ් හාර්බර්” ජනවාරි 16 සිට ජනතාවට විවෘත වේ.


5 Comments

  1. මොනව ඇරියත් වැඩක් නැහැ සාමාන්‍ය ජනතාවට සාධාරණ මිලකට කන්න පුළුවන් තත්වයක් නැහැ. අධික මිල ගණන්. ඕව වැඩි පුරම අරින්නේ ඒ රටවල් වල අයට කන්න.

    ReplyDelete
  2. නන්දන ගුනතිලක ද්‍රෝහියාJanuary 19, 2026 at 8:22 AM

    ලෑජ්ජා නෑති සූට් ගහපු ගල්කටස් මිනීමරු ජෙප්පෝ……

    ReplyDelete
  3. ලංකාවේම තිඛුන කලුගල් ඉවර කරලා හදපු මගුල ඛලන්න ගිහිල්ලා.

    ReplyDelete
  4. කලින් විඋර්ත කරපුවානේ මේ ආයි අරින්නේ

    ReplyDelete
  5. සීගිරිය තවමත් තියෙනවාද?

    ReplyDelete
Previous Post Next Post