දොස්තරලා සියළු සෞඛ්‍ය වෘත්තිය සමිති සමග ඒකාබද්ද සටනකට..

 


රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනය

නිදහස් සෞඛ්‍ය සේවයේ මුහුණ දී ඇති ගැටලු විසා ගැනීම සහා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සහ සියලු සෞඛ්‍ය වෘත්තීය සමිති අතර හමුවක්.

ශ්‍රී ලාංකීය නිදහස් සෞඛ්‍ය සේවාව ඉහළ ගුණාත්මකභාවයකින් යුතුව පවත්වා ගැනිමෙහිලා ප්‍රමුඛතම සහ තිරණාත්මකම කාර්යභාරය සිදු කරනුයේ වෛද්‍යවරුන් ප්‍රමුඛ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයයි.

මේ වන විට රෝගී සත්කාර සේවාවන් සැපයීමේදි සියලු ශ්‍රේණි සහ කාණ්ඩ වල සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට විවිධ අපහසුතා, දුෂ්කරතා සහ අභියෝග ගණනාවකට මුහුණ දීමට සිදු වී ඇත. එවන් අභියෝගාත්මක පරිසරයක් තුල වුවද තම රාජකාරිය නොපිරිහෙලා ඉටු කරන සමස්ථ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ගැටලු විසිමෙහිලා රජයේ සහ වගකිවයුත්තන්ගේ අවදානය හෝ ප්‍රමුඛතාව නොලැබිම අවාසනාවන්ත තත්ත්වයකි.

නිදහස් සෞඛ්‍ය පද්ධතිය මුහුණ දී ඇති ගැටලු මෙන්ම වෛද්‍යවරුන් ඇතුලු සමස්ථ වෛද්‍ය සේවකයින් මුහුණු පා ඇති දුෂ්කරතාවයන් පිළිබ සාකච්ඡා කිරීමත්, ඒවාට විසුම් හුනාගැනීමත් අරමුණු කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ විධායක සභාව සහ සියලු සෞඛ්‍ය වෘත්තීය සමිති අතර සාකච්ඡාවක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන කාර්යාලයේදි පැවැත්විණි. 

මෙම සාකච්ඡාව සඳහා වෛද්‍ය, දන්ත වෛද්‍ය, හෙද, අතුරු වෛද්‍ය, පරිපූරක වෛද්‍ය ඇතුලු සෞඛ්‍ය සේවයේ සියලු ශ්‍රේණින් නියෝජනය කරන වෘත්තිය සමිති ගණනාවක නියෝජිතයින් සහභාගි විය.

සෞඛ්‍ය සේවාව සහ සෞඛ්‍ය සේවකයින් මුහුණ දී ඇති පොදු ගැටලු වලදි ශ්‍රේණි අතර බෙදිමකින් තොරව එකම කණ්ඩායමක් ලෙස එක්ව ශක්තිමත්ව කටයුතු කිරීමට මෙහිදි එකඟ විය.

ඒ අනුව,

·       සෞඛ්‍ය සේවයේ අනුමත සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ සංඛ්‍යාව යාවත්කාලීන කිරීම

·       ඖෂධ සහ උපකරණ  හි

·       ඖෂධ සහ උපකණ වල ප්‍රමිතිය පිළිබ ගැටලු

·       රෝහල් පද්ධතිය තුල සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ ආරක්ෂාව

·   රෝගී අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ ප්‍රඥප්තියට සමාන්තරව සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ආරක්ෂා කිරීමේ ප්‍රඥප්තියක් ස්ථාපිත කිරීම

·       යෝජිත ප්‍රාථමික සෞඛ්‍ය සේවයේ ප්‍රතිසංස්කරණ

ආදි කරුණු වලදි මෙම වෘත්තීය සමිති සියල්ල පොදු එකමුතුවක් සහ පුළුල් සංවිධානයක් ලෙස කටයුතු කිරීමට නියමිතය.

එමෙන්ම එක් එක් සේවා කාණ්ඩයන්ට අනන්‍ය වූ ගැටලු වලදි වෙන් වෙන්ව එම ගැටලු වෙනුවෙන් පෙනි සිටිමට සහ වෙන වෙනම වෘත්තිය  සටන් කිරීමට එක විය.

ඒ අනුව ශ්‍රී ලාංකීය නිදහස් සෞඛ්‍ය සේවාව සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය රැක ගනිමින් රෝගී ජනතාවගේ ජිවත් වීමේ අයිතිය සුරක්ෂිත කිරීම උදෙසා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රමුඛ සියලු සෞඛ්‍ය වෘත්තීය සමිති පොදු එකමුතුවක් ලෙස ඉදිරියට කටයුතු කිරීමට සුදානම් බව අවදාරණය කරමු.

3 Comments

  1. ආයුර්වේදය සදහා ජනතාව උනන්දු කල යුතුයි

    ReplyDelete
  2. උද්දච්ච දනහිස්සා ඇමති වෙලා ඉන්නකන් සෞඛ්‍ය සේවයට අඛ සරනයි

    ReplyDelete
  3. ජෙප්පො උගන්නපුව හොඳටම පිළිපදින්නෙ සෞඛ්‍ය සේවාවේ අය තමයි.

    ReplyDelete
Previous Post Next Post