නීතිපතිගෙන් තද ප‍්‍රකාශයක්..


 තමන් නීතියට ඉහළින් සිටින පුද්ගලයෙකු නොවන බවත්, තමන් ගන්නා ඕනෑම තීරණයක් වැරදි සහගත නම් එය අධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීමේ පූර්ණ අයිතිය ඕනෑම අයෙකුට පවතින බවත් නීතිපති ජනාධිපති නීතිඥ පරින්ද රණසිංහ මහතා අවධාරණය කරයි.

මෑතකාලීනව සමාජ මාධ්‍ය ඔස්සේ නීතිපතිවරයා සහ නීතිපති දෙපාර්තමේන්තුව ඉලක්ක කර ගනිමින් එල්ල වූ විවිධ විවේචන හමුවේ, නීතිපතිවරයා වෙත සහයෝගය පළ කිරීම සඳහා නීතිඥ කණ්ඩායමක් නීතිපති දෙපාර්තමේන්තුවේදී ඔහු හමුවූ අවස්ථාවේදී රණසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නීතිපතිවරයා මෙසේද පැවසීය.

"මා නීතියට ඉහළින් සිටින අයෙකු නොවෙයි. මා යම් වැරැද්දක් සිදු කරන්නේ නම්, එය අභියෝගයට ලක් කිරීම සඳහා අභියාචනාධිකරණය හෝ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සහන ලබාගැනීමට ඕනෑම අයෙකුට නීතිමය අවකාශය පවතිනවා."

නීතිපතිවරයාගේ ස්වාධීනත්වයට සහ රාජකාරී කටයුතුවලට බාධාවකින් තොරව කටයුතු කිරීමට තම උපරිම සහයෝගය ලබා දෙන බව එම නීතිඥ කණ්ඩායම මෙහිදී ප්‍රතිඥා දුන්හ. 

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ උපල් ජයසූරිය, ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න සහ ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස යන මහත්වරුන් ඇතුළු නීතිඥයින් පිරිසක් සහභාගී වී සිටියහ.

මේ අතර, ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) ඊයේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ නීතිපතිවරයාගේ බලතල ක්‍රියාත්මක කිරීමේදී කිසිදු අනවශ්‍ය බලපෑමක් එල්ල නොවන බවට වගබලා ගැනීම රජයේ සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල වගකීමක් බවයි. 

නීතියේ ආධිපත්‍යය සුරැකීම සඳහා නීතිපති කාර්යාලයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම අත්‍යවශ්‍ය කරුණක් බවද එම සංගමය වැඩිදුරටත් පෙන්වා දී ඇත.

7 Comments

  1. This theme is not suitable for mobile phone users, better change it.

    ReplyDelete
  2. ජෙපි ආණ්ඩුවට ඕන ජෙපි නීතිපති කෙනෙක්. උන්ට ඕන විදියට නීතිය නවන්න. විඝනකධිපතිත් එහෙමයි. ව්‍යවස්ථා කාරක සභාවටත් එහෙමයි.
    අපි නම් කිව්වා ඕකුන් ශිෂ්‍ය සංගම් පාලන කරන විදියෙන්. කොහෙද... මේ මිනිස්සු බොරු වලට අහුවෙන්න හෙන දක්ෂයිනෙ.

    ReplyDelete
    Replies
    1. අමාරුද ගොඩක්

      Delete
    2. Palinda kiyanne thaththage pahanin
      Royal ganciten neethipathiwechcha ekek

      Ranil muwa demme

      Delete
  3. මු ගොන් හරකෙක් මොකක් හරි කථා කරන්න ගියොත් නා ගන්නවා

    ReplyDelete
    Replies
    1. සති 2න් අමතකJanuary 25, 2026 at 9:25 AM

      2015 යහපාලන ආණ්ඩුවේ හොරු අල්ලන්න කියලා රාජපක්ශලාගෙන් පලිගන්න දැම්මේ රවියයි ශානියි. ඊට පස්සෙ තමයි මාලිමාවෙ ජාතික ලැයිස්තුවට ඊබ්‍රහිම් නානා දැම්මේ. රවියයි ශානියි වැඩ කරේ ජවිපේ උන්ගේ උවමනාවට. ඊබ්‍රහීම් ජාතික ලැයිස්තුවට දාලා, රජ සැලකිලි දීලා උගේ පුත්තුන්ගෙන් හොඳ බෝම්බ පාරක් දෙවන්නද රවියා ලියුම මේසෙ උඩ තියලා, වැඩ බලන එකාටත් ලියුම් බලන්න එපා කියල නියෝග කරල ගියේ? අමතක කරන්න එපා අද රවිය වෙනුවෙනුයි, මුස්ලිම් අන්තවාදය වෙනුවෙනුයි, පෙනී ඉන්නේ අගරදගුරු බව. ලංකාවෙ උන්ට සති 2න් අමතක වෙනවනේ. ඒකයි දැම්මේ.

      Delete
Previous Post Next Post