නන්දනගේ මරණය සැක යයි ඥාතින් කියති.. ආදාහනය නවතයි..


රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ හිටපු අමාත්‍ය නන්දන ගුණතිලක මහතාගේ මරණය සැකසහිත බව ඔහුගේ පවුලේ ඥාතීන් පවසති. 

ඥාතීන් මතු කරන මෙම සැකය හේතුවෙන් දේහය සම්බන්ධයෙන් පැවැත්වීමට නියමිතව තිබූ අවසන් කටයුතුවල ද වෙනසක් සිදු කර තිබේ.

පවුලේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ, පෙර සැලසුම් කර තිබූ පරිදි දේහය ආදාහනය කිරීම වෙනුවට භූමදානය කිරීමට මේ වන විට කටයුතු සූදානම් කර ඇති බවයි.

මරණය සම්බන්ධයෙන් පවතින සැකය මත ඉදිරියේදී අවශ්‍ය වුවහොත් දේහය නැවත ගොඩගෙන පරීක්ෂණ පැවැත්වීමට ඇති හැකියාව සැළකිල්ලට ගනිමින් ඥාතීන් මෙම තීරණයට එළඹ ඇති බව වාර්තා වේ. 

6 Comments

  1. අන්න සජිත් ඉල්ල ඉල්ල හිටිය ඕකව කරෝල කරන්න

    ReplyDelete
    Replies
    1. ඌ හැබැයි මස් රාත්තලම ඉල්ලන සීන් එකේ නේ ඉන්නෙ. 🤣 නන්දනයගෙ නැට්ට වත් වෙන එකෙක්ට දෙන එකක් නෑ මයෙ හිතේ.

      Delete
    2. හැබැයි ලපයට ඕන මේක ඉක්මනටම ඉවරයක් කරලා දාන්න.

      Delete
    3. නෑ....... ලපය උඹට කිව්වද?

      Delete
    4. සජිත් තමුන්ගෙන්ද ඉල්ලුවේ

      Delete
    5. නෑ මහත්තයෝ, සජිත්ම කියල තිබ්බෙ කලින් කිව්ව නං මොනා හරි කරන්න තිබ්බ, දැන් නං පුළුවන් කරෝල කරන්න තමයි කියලා.

      Delete
Previous Post Next Post