රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
මාධ්‍ය නිවේදනය
නිදහස් සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ
ගැටලු විසඳීමට සෞඛ්‍ය අමාත්‍යවරයා ලබා දුන් එකඟතා ක්‍රියාත්මක කිරීමට
අසමත් වන්නේ නම් අඛණ්ඩ දීපව්‍යාප්ත වෘත්තීය ක්‍රියාමාර්ග මාලාවක්.
පසුගිය නොවැම්බර් මාසයේදී ගරු ජනාධිපතිතුමා
විසින් ඉදිරිපත් කරන ලද 2026 වර්ෂය සඳහා
වන අයවැය යෝජනාවලිය තුළ, මෙරට සෞඛ්‍ය
සේවයේ සහ වෛද්‍යවරුන්ගේ සැබෑ ගැටලු හඳුනාගනිමින් ඒවාට විසඳුම් ලබාදීම සඳහා අවශ්‍ය කෙටි කාලීන
සහ දීර්ඝ කාලීන ප්‍රතිපත්ති හෝ ක්‍රියාමාර්ග කිසිවක් අන්තර්ගත නොවීම තුල සෞඛ්‍ය
පද්ධතිය සහ සෞඛ්‍ය සේවකයින් තුල බරපතල නොසන්සුන්තාවයක් සහ විරෝධතාවයක් ඇති විය.
ඒ අනුව සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ සැබෑ
ගැටලු සඳහා විසඳුම් ලබා දීමට බල කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෘත්තිය ක්‍රියාමාර්ග
ගණනාවක් දියත් කිරීමෙන් අනතුරුව, සෞඛ්‍ය අමාත්‍යතුමා විසින් ලබා දුන් ලිඛිත එකඟතාවයන් මත එම වෘත්තීය ක්‍රියාමාර්ග තාවකාලිකව අත්හිටුවන ලදී.
එම ලිඛිත එකඟතාවයන් වනුයේ,
· සියලු කාණ්ඩවල
වෛද්‍යවරුන් ඇතුළත් කර ගනිමින් “ශ්‍රී ලංකා
වෛද්‍ය සේවය” නමින්
සුවිශේෂී සේවා කාණ්ඩයක් බිහිකිරීම සඳහා සියලු පාර්ශවයන්ගේ
සහභාගිත්වයෙන් සහ එකඟතාවයෙන් කෙටුම්පත්
කර ඇති කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබා ගෙන ඉදිරි කටයුතු සිදු කිරීම.
·
වෛද්‍යවරුන්ගේ
DAT දීමනාව
යාවත්කාලීන කිරීම, 22/99 චක්‍රලේඛයට
අනුකූලව ප්‍රවාහන ගැටලු විසඳිම, අමතර රාජකාරි
දීමනාව ස්ථාවර දීමනාවක් බවට පත් කිරීම සහ පර්යේෂණ දීමනාවේ ගැටලු විසඳිම සඳහා 2026.01.05 දින සිට
මුදල් අමාත්‍යංශය සමඟ සාකච්ඡා ආරම්භ කිරීම.
2026.01.05 වැනි දින වන විට එකඟතා ඉටු නොවන පසුබිමක 2026.01.07
වැනි දින පැවති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමේ
ඒකමතික තිරණය වුයේ ගැටලු විසඳීමට වගකිවයුත්තන්
අසමත් වන්නේ නම් ඕනෑම මොහොතක
දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග වලට එළඹිමට විධායක සභාවට බලය පැවරීමයි.
එදිනම රාත්‍රියේ එම ගැටලුව පිළිබඳ සාකච්ඡා කිරීමට සෞඛ්‍ය
අමාත්‍යවරයා සමඟ හදිසි කෙටි
සාකච්ඡාවක් පැවති අතර එහිදි අදාල සාකච්ඡා සහ ක්‍රියාමාර්ග අනවශ්‍ය ලෙස ප්‍රමාද වීම
නිසා ගැටලු වලට විසඳුම් ලබා දීම
ප්‍රමාද වීමත්, එකඟතාවයන් කඩ කරමින් රජය, සෞඛ්‍ය අමාත්‍යවරයා සහ සෞඛ්‍ය අමාත්‍යාංශය
කටයුතු කිරීමත් පිළිබඳ සමස්ත
සාමාජිකත්වය තුල මතුව ඇති දැඩි අප්‍රසාදය සෞඛ්‍ය අමාත්‍යවරයාට දැනුම් දෙන ලදී.
එහිදි, සෞඛ්‍ය අමාත්‍යවරයාගේ එකඟතාවය වූයේ මෙම ගැටලු සඳහා අදාල පාර්ශවකරුවන්
එකතු කරගනිමින් අදාලා සාකච්ඡා ආරම්භ කිරීම සඳහා දිනයක් සහ
කාලරාමුවක් ප්‍රකාශයට පත් කරන බවයි.
පවතින ප්‍රවණතාවයන් සම්බන්ධයෙන් 2026.01.13
වැනි දින පැවති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභා රැස්වීමේදි දීර්ඝ ලෙස
සාකච්ඡාවට ලක් වූ අතර එකඟතා ක්‍රියාත්මක
කරමින් ගැටලු විසඳීම සඳහා ඉදිරි දින 10ක කාලයක්
සෞඛ්‍ය අමාත්‍යවරයාට සහ සෞඛ්‍ය අමාත්‍යංශයට ලබා දීමට තීරණය කරන ලදී.
එම කාල රාමුව තුලදි ගැටලුව විසඳිමට
සෞඛ්‍ය අමාත්‍යංශය අපොහොසත් වන්නේ නම් 2026.01.23 වැනි දින සිට ආරම්භ වන පරිදි
දීපව්‍යාප්ත අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට විධායක කමිටුව ඒකමතිකව තීරණය
කරන ලදී.
සෞඛ්‍ය පද්ධතිය තුළ ඇති ගැටලු විසඳීමේදී වඩා
නම්‍යශීලී සහ සාධාරණ පිළිවෙතක් අනුගමනය කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය
කටයුතු කරන පසුබිමක රජයේ, සෞඛ්‍ය අමාත්‍යවරයාගේ
ඇතුළු වගකිවයුත්තන්ගේ වෘත්තිමය නොවන සහ විශ්වාසය බිඳවැටෙන සුලු හැසිරීම සහ
වැඩපිළිවෙල නිසා නිදහස් සෞඛ්‍ය සේවාව තුල අනවශ්‍ය අර්බුදයක් නිර්මාණය වෙමින් පවති.
රජයේ සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ වත්මන් හැසිරීම
තුල, වත්මන් පාලනයේ නිදහස් සෞඛ්‍ය සේවාව සුරක්ෂිත කිරීමේ සටන් පාඨයේ සහ ප්‍රතිපත්තියේ
සද්භාවය පිළිබඳ බරපතල
අවිනිශ්චිතතාවයක් මතු වී ඇති අතර රෝහල් පද්ධතියේ මානව සම්පත් අර්බුදය, ඖෂධ අර්බුදය ඇතුලු
ගැටලු සඳහා කාල රාමුවක් සහිත උපායමාර්ගික සැලැස්මක් ක්‍රියාත්මක කිරීමේ ජාතික අවශ්‍යතාවයන්
නොසලකා හරිමින් ඒවායෙන් පැන යාමට ආණ්ඩුව කටයුතු කරන්නේ නම්, නිදහස් සෞඛ්‍ය
සුරක්ෂිත කිරීම උදෙසා අවශ්‍ය ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ
සංගමය පසුබට නොවන බවද අවධාරණය කරමු.

රජයේ වෛද්‍යවරු සෑමවිටම වැඩ වර්ජනය කරන්නේ පඩි සහ දීමනා වැඩිකර ගැනීමටයි.
ReplyDeleteරජයේ වෛද්‍යවරුන්ගෙන් 80% දවසකට පැය 4 ක් වත් වැඩකරන්නේ නැහැ. 50% ක් පැය දෙකක්වත් වැඩකරන්නේ නැහැ. නමුත් 80% ක් OT දානවා. පුද්ගලික ප්‍රතිකාර කරන වෙලාවටත් සමහරු OT දානවා. මේවා වෙනස් කළයුතුයි. ඔවුන්ට පැය 6 සේවය අනිවාර්ය කලයුතුයි. උදේ 8.00 සිට ප.ව. 4.00 දක්වා සේවා ස්ථානයේ සිටියයුතුයි.
Deleteඅනේ මේ සට්ටැඹි ඩෝබිල දන්නෙ නැද්ද හැම දේටම විරෝධයි නිරතුරුවම උද්ඝෝෂණ හා කඩාකප්පල් කිරීම් කරේ ජෙප්පෝ බව?
Delete