අධික ශීතලේ මල් තුහිණ වැටී තේ වගාවට සහ එළවලු වගාවට දැඩි බලපෑම්..

 


නුවරඑලිය ප්‍රදේශයේ අලුයම් කාලයේ පවතින අධික සිතලත් සමග මල් තුහිණ පතිත විමෙන් එලවලු වගාව සහ තේ වගාවට දැඩි බලපැමක් එල්ල වී ඇති බව වතු අධිකාරිවරුන් සහ එලවලු ගොවීන් කියා සිටියි.

තේ වගාව මත මල් තුහිණ පතිත වීමෙන් තේ ගස් වියලී යැමටත් පටන් ගෙන ඇති බවත්, මේ නිසා පවතින කාලගුනයත් සමග තේ ඵලදාව අඩු වී ඇති බවයි වතු අධිකාරිවරුන් කියා සිටින්නේ.

එලවලු වගාවට මල් තුහිණ පතිත වීම නිසා එලවලු පිලිස්සීම පාලනය කිරිම සදහා හිරු එළිය වැටීමට ප්‍රථම ගොවීන් ජලය යොදා මල් තුහිණ සොදා හැරීමට එලවලු ගොවීන් කටයුතු කරනු ලබයි.

නුවරඑලිය ප්‍රදේශයේ (21) දින අලුයම් කාලයේ උෂ්ණත්වට සෙල්සියස් අංශක 7.40 දක්වා පහළ වැටී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

රංජිත් රාජපක්ෂ              

1 Comments

  1. ඊළග නිව්ස් එක සැපයුමට සරිලන නිෂ්පාදනය නැහැ කියල මිල වැඩි කරන එක. ඕකුන් කිසිම කෙනෙකුට මහජන බදු වලින් සහනාධාර දෙන්න එපා. මුන්ට වැස්සත්,පෑව්වත්, අදෝනාවම තමයි.

    ReplyDelete
Previous Post Next Post