පොලිසිය පන්නද්දී ජොනී අතුරුදන්.. විදෙස් ගමන් තහනම්...

 


සතොස ආයතනයට අයත් වාහන අවභාවිත කිරීමේ සිද්ධියකට අදාළව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු සිව්දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි විදේශගත වීම තහනම් කරමින් වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර ඇත.

මෙලෙස විදේශ ගමන් තහනම් පනවා ඇත්තේ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඔහුගේ පුත් ජෙරම් ප්‍රනාන්දු, සතොස හිටපු ප්‍රවාහන කළමනාකරු ඉන්දික රත්නමල, සතොස ලොරි රථ රියදුරු සමන් යන අයවලුන්ටය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් සිදුකරන ලද විමර්ශනයකදී අනාවරණය වී ඇත්තේ, සතොස ආයතනයට අයත් වාහන උපයෝගී කරගනිමින් රුපියල් 244,000ක මූල්‍ය අක්‍රමිකතාවක් සිදුකර ඇති බවයි.

මෙම සිද්ධියට අදාළව දැනට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් දෙදෙනෙකු එළඹෙන ජනවාරි මස 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

කෙසේ වෙතත්, මෙම නඩුවේ ප්‍රධාන සැකකරුවකු ලෙස හඳුනාගෙන ඇති හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ වන විට ප්‍රදේශයෙන් පලාගොස් පොලිසිය මගහරිමින් සිටින බව වාර්තා වේ. 

සැකකාර හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් මේ වන විටත් විශේෂ මෙහෙයුම් ආරම්භ කර ඇත.

1 Comments

  1. ko da namal kiwwa wage kiwwa nam awith kata uththara denawada?....panala gihin hangila ne...hikzz

    ReplyDelete
Previous Post Next Post