නාවලපිටිය නාගස්තැන්න ප්‍රදේශයේ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය නිති විරෝධී මත් පැන් ස්කාගාරයක් වටලා එහි සිටි 47 හැවිරිදි ප්‍රධාන ජාවාරම්කරු ඇතුලු සැකකරුවන් තිදෙනෙකු සහ මත්පැන් පෙරීමට උපයෝගි කර ගත් උපකරණ රැසක් නාවලපිටිය දුෂණ මර්ධන ඒකකයේ නිළධාරින් විසින් (29) දින පස්වරුවේ සැක පිට අත්අඩංගුවට ගෙන ඇත.
නාවලපිටිය
පොලිසිය ස්ථානාධිපති කේ.එම්. කුලතුංග මහතාගේ අධීක්ෂණය යටතේ නාවලපිටිය පොලිසියේ දූෂණ
මර්ධන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ප්‍රදීප් චතුරංග මහතාට ලද බුද්ධි තොරතුරක්
මත (29) දින නාවලපිටිය නාගස්තැන්නෙ ප්‍රදේශයේදි වැටලීමක් සිදුකර
සැකකරුවන් සහ මත්පැන් පෙරීමට උපයෝගි කර ගත් උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන ඇත.
මෙම
වැටලීමේදි කසිප්පු ලීටර 112ක්, ගෝඩා ලීටර් 66ක් මත්පැන්
නිෂ්පාදනය සඳහා යොදා ගන්නා දඟර ගෑස් ලිප් ඇතුළු උපකරණ සමග සැකකරුවන් තිදෙනෙක්
පොලිස් භාරයට ගෙන ඇත.
ජාවාරම්කරු
නාවලපිටියට හා යටියන්තොට පොලිස් වසම් සීමාවේ පිහිටි රක්ෂිතයක් තුළ දීර්ඝ කාලීනව
ඉතා රහසිගතව සූක්ෂමව මෙම ජාවාරම පවත්වාගෙන ගොස් ඇත.
මත්
පැන් පෙරීම සිදු කල නාගස්තැන්න රක්ෂිතයට ඇතුළුවන මාර්ගය පුරා යකඩ මරඋගුල් වැනි ආරක්ෂිත
ක්‍රම භාවිතා කර කිසිවකටත් රක්ෂිතයට ඇතුළු වීමට නොහැකි වන සේ මෙම ජාවාරම කාලයක්
තිස්සේ සිදුකර ඇති බවයි නාවලපිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා කියා සිටියේ.
අත්අඩංගුවට
ගත් සැකකරුවන් නාවලපිටිය මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරිමට නියමිත බවයි
නාවලපිටිය පොලිසියේ දූෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ප්‍රදීප් චතුරංග
මහතා කියා සිටියේ.
රංජිත් රාජපක්ෂ
