පාසල් 2:00 දක්වා පවත්වාගෙන යැම අධ්‍යාපන අමාත්‍යාංශය වෙනස් කරගෙන ඇති බවත්, එය හොද තත්වයක් බව ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.
ජෝසප්
ස්ටාලින් මහතා ඒ බැව් කියා සිටියේ හැටන් නගරයේ පැවති මාධ්‍ය හමුවකදීය.
මෙහිදි
වැඩි දුරටත් අදහස් දැක්වූ ජෝසප් ස්ටාලින් මහතා කියා සිටියේ,
“විශේෂයෙන්ම (01) දින වෙනකොට අධ්‍යාපන අමාත්‍යාංශෙයේ පනත මේ වන විට
පාසල් 2:00 දක්වා පැවැත්වීම ඔවුන් ඉල්ලා අස් කරගෙන තියනවා, වෙනස් කරගෙන තියනවා
විවිධ හේතු මත. ඉතින් ඇත්තටම හොද තත්වයක් විදිහට මේක අපි දකින්නේ. මොකද අපි දිගින්
දිගටම කිව්වා, මේ පාසල් කාලය දීර්ඝ කිරිම කිසිදු විද්‍යාත්මක පදනමකින් කරපු දෙයක්
නෙවෙයි කියලා.
ඉතින්
මේ සම්බන්ධයෙන්ම සවන්දීලා මේක ටිකක් මුලින් කරලා තිබ්බා නම් පාසල්වල කාලසටහන පවා
හදාගන්න මේ තත්වයෙන් ඉස්සරහට ගෙනියන්න තිබ්බා. නමුත් අවසානයේදි මේක තේරුම් අරගෙන
මේක වෙනස් කිරිම හොද දෙයක්. නමුත් අපි කියන්නේ මේක තුල ප්‍රශ්ණ ගණනාවක් තියනවා.
විශේෂයෙන්ම
06 වසරේ මොඩියුලයත් සමග මේ මොඩියුල සම්බන්ධයෙන් ප්‍රශ්ණයක් තියනවා. මේ සියලු
මොඩියල්තුල අන්තර්ගතය සම්බන්ධයෙන්. ඒ වගේම මේ පාසල්වල කරන්න යන ප්‍රතිසංස්කරණය
සිදු වෙන්නේ කිසිදු නියාමන ව්‍යාපාතියක් නැතුව.
දැන්
මේ අවුරුද්දේ 6 වසරේ ළමයි සහ 1 වසරේ ළමයි තමයි මෙකෙ නියාමන ව්‍යාපෘතියට අදාළව මේකේ
අත්හදැබැලීමට ලක් වෙන්නේ. එතකොට පාසල් පද්ධතියේ සමස්ත 1 වසර සහ 6 වසර ළමයි තමයි මේ
ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ පරික්ෂණයට භාජනය වන අය බවට පත් වෙන්නේ.
ඉතින්
ඇත්තටම මේක හොද තත්වයක් නෙවෙයි, මොකද වෙනත් රටවල්වල සාමාන්‍යෙයන් අධ්‍යාපන ප්රතිසංස්කරණයක්
කරන්න නියාමන ව්‍යාපෘතියක් කරලා ඒකෙන් තියන දෙපැත්ත බලලා තමයි තීරණය ගන්නේ. නමුත්
දැන් මේක එක සැරේ කරනවා.
ඒ
වගේම ප්‍රතිස්ංස්කරණ අපි දන්නවා. මුල ඉදන්ම අපි කිව්වා මේක මේ ආණ්ඩුව ගෙනාපැ එකක්
නෙවෙයි පහුගිය ආණ්ඩු ගෙනාපු එකක් කියලා. හැබැයි පටන් ගත්තේ නම් අපි ගෙනාපු එකක්
කියලා තමයි. නමුත් දැන් කියනවා වෙනත් කණ්ඩායමක් ගෙනාවා කියලා. වෙන අය පිට පටවනවා.
ඉතින්
ඇත්තටම අපි කියන්නේ දැන් මේ රටේ දරුවෝ සම්බන්ධයෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය
සම්බන්ධයෙන් සියලු පාර්ශවික සාකච්ඡාවකින් තිබිය යුතුයි. ඒ වගේම අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක
අවශ්‍යතාවයක් තියනවා. අපි ප්රතිසංස්කරණයකට පෙනි සිටිනවා. ඒ ප්‍රතිසංස්කරණයට පෙනී
සිටින්නේ අධ්‍යාපනයේ අර්බුදයට විසදුමක් හැටියට.
දැන්
මේ එන ප්‍රතිසංස්කරණය දැනට තියන අධ්‍යාපන අර්බුදයට විසදුමක් නෙවෙයි කියන කාරණාවත්
අපි කියන්න ඕන. මොකද අර්බුදයට අදාළ ප්‍රශ්ණ විශේෂයෙන් අපි දන්නවා, විභාග තරගය
විශේෂයෙන්ම ළමයි අතර තියන තරගය, විශ්ව විද්‍යාල ප්‍ර වේශය සදහා තියන තරගය, ඉංග්‍රීසි
මාධ්‍ය අධ්‍යාපනය ලබා ගැනීම සදහා තියන තරගය, 1 වසරට ළමයි ඇතුලත් කිරිමෙදි තියන
අර්බුදය, පාසලක පන්තියක ළමයි ගාන වැඩි විම, මේ සියලු දේවල් වලට විසදුමක් ලබා දෙන
ප්රතිසංස්කරණයක් තමයි අවශ්‍ය වෙන්නේ.
නමුත්
දැන් වෙන්නේ කිසිදු ප්‍රශ්ණයකට විසදුමක් ලබා දෙන්නේ නැති ප්රතිසංස්කරණයක් තමයි ක්‍රියාත්මක
වෙන්නේ. ඒක නිසා පැහැදිලිවම අපි කියනවා මේක සාකච්ඡා කරලා තීන්දු කල යුතු දෙයක්.
මොකද අපි දිගින් දිගටම කිව්වා, පාසල් කාලය 2 වෙනකම් තියන්න එපා. මේක අවිද්යාත්මකයි
කියලා. ඉතින් ප්‍රමාද වෙලා කරාට, ඉදිරි තත්වයන් සම්බන්ධයෙන් ගුරු සහ විදුහල්පති
සංගමයට කථා කරලා තීන්දු තීරණ අරගෙන ක්‍රියාත්මක කරන්න කියලා කියන්නේ.
ඒ
වගේම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂක ජෙනරාල්වරිය මේ වෙනකොට තමන් ඉල්ලා අස් වෙලා
තියනවා කියලා කියනවා. හැබැයි ඇය කියන්නේ අධ්‍යාපන අමාත්‍යවරියගේ ඉල්ලීමක් තමයි අස්
වුණේ කියලා. ඉතින් තාවකාලිකව නෙවෙයි. තව කණ්ඩායමක් ඉන්නවා. ඒ කණ්ඩායමට මේක කරන්න
බෑ. මේකේ නියෝජ්‍ය අද්යාපන අධ්‍යක්ෂක ජෙනරාල් ඉන්නවා, ඒ ගොල්ලෝ තමයි මේ හැමදේම
දන්නවා වගේ කරගෙන හිටියේ. සමස්තයම අර්බුදයකට පත් කරලා තියෙන්නෙත් ඒ අයම තමයි. ඒ
ගොල්ලන්වම තමයි ආණ්ඩුව විශ්වාස කරන් ඉන්නේ. ඒක නිසා අපි කියනවා ඓ් සමස්තයම ඉවත්
කරලා මේක සුද්ද කරන්න ඕන.
විශේෂයෙන්ම
ජාතික අධ්‍යාපන ආයතනයටත්, ජාතික අධ්‍යාපන කොමිසමටත්, විධිමත්ව නිළධාරින් පත් කරලා
සුදුසුකම් ඇති අය පත් කරලා ඒ හරහා මේ අධ්‍යාපනය කරගෙන යාමේ කටයුත්ත සිදු විය
යුතුයි කියලා අපිට කියන්න තියෙන්නේ”. යනුවෙනි’
- රංජිත් රාජපක්ෂ

ඒක අපෙන්ද අහන්නේ? ඒව අහගනින් තෝ කඩේ ගියපු මහ වේස බල්ලන්ගෙන්. 6% ඉල්ලගෙන පස්සෙන් ගියේ. කොරෝනා කාලේ, ආණ්ඩුව වැටිලා තිබ්බ කාලේ තමයි මේ පාහරයා පඩි වැඩි කරන්න ඉල්ලලා පෙලපාලි ගියේ. ලස්සන මිනී පෙට්ටියක් දැන්ම තෝරලා රතු පාට ගාලා තියා ගනින්. සොබා දහම ලඟදිම නඩු අහයි තොපි සේරගෙම.
ReplyDeleteඊට කලිං නඩු අහයි හැබැයි ඒක ධමනි විජලනාත් කොටළු ආතගෙන්.
Deleteඅඩෝ පට්ට තකයා දරුවො නැති තොපි තමා රටේම දරු පරම්පරාව විනාශ කරන්න දගලන්නේ. දැනටමත් රටේ අධ්‍යාපනය විනාශයි. දැන් දගලන්නේ උන්ව කාමුකයින් බවට පත් කරන්න. තොටයි, ම
ReplyDeleteහරිනිටයි හෙණ වදිනවා. බල් වල්ලා.
මුගේ මූණ දැක්කම ටිකක් අසභ්‍ය පාටයි.
ReplyDeleteThilini shalvin dakin kam amun ekek warh meka dekala thibbe ne ..
ReplyDelete