අලුත් ව්‍යවස්ථා සභාව අද රැස්වෙයි.. විඝණකාධිපති ධුරයට පෙර ප‍්‍රතික්‍ෂෙප නමක්..

 


විගණකාධිපති ධුරය සඳහා නව නිලධාරියකු පත් කිරීම සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීම සඳහා ව්‍යවස්ථාදායක සභාව අද (30) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී රැස්වීමට නියමිතව ඇත.

පසුගිය වසරකට අධික කාලයක් මුළුල්ලේ විගණකාධිපති ධුරය සඳහා ස්ථිර නිලධාරියකු පත් කර නොමැති පසුබිමක මෙම හමුව පැවැත්වීම විශේෂත්වයකි.

නව විගණකාධිපතිවරයා ලෙස නම් කිරීම සඳහා ඉදිරිපත්ව ඇති පුද්ගලයන් සම්බන්ධයෙන් මේ වන විට විවිධ මාධ්‍ය වාර්තා පළවෙමින් පවතී. 

මීට පෙර ව්‍යවස්ථාදායක සභාව වෙත ඉදිරිපත් කර ප්‍රතික්ෂේප වූ පුද්ගලයෙකුගේ නම නැවත වරක් මෙම ධුරය සඳහා යෝජනා වී ඇති බව වාර්තා වේ. එම පුද්ගලයා සම්බන්ධයෙන්  අල්ලස් හෝ දුෂණ විමර්ෂණ කොමිෂන් සභාව විසින් විමර්ෂණයක් පැවැත්වෙමින් ඇති බවටත් චෝදනා එල්ල වෙයි.

විගණකාධිපති ධුරය දැරීම සඳහා අවශ්‍ය මූලික සුදුසුකම් සපුරා නොමැති, කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියකුගේ නමක් ද ඉදිරිපත් කිරීමට සූදානමක් තිබූ බව පුවත්පත් වාර්තා කරයි.

3 Comments

  1. කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිය,

    ReplyDelete
  2. එන පොට එච්චර හොඳ නෑ වගේ.

    ReplyDelete
  3. අල්ලස් එකට තමන්ගේ ගෝතයෙක්ව දාගත්තා දැන් එතන ශේප්.විගණකාධිපතිට තමන්ගේ එකෙක් දාගත්තහම ගොඩේගොඩ එතකොට හොරකං හිතේ හැටියට.

    ReplyDelete
Previous Post Next Post